බ ඔබේ බොහෝ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එකතු කරනවා නේද? ඔබේ දුරකථන අංක, ක්‍රෙඩිට් කාර්ඩ් අංක, ඊමේල් ලිපින ඇතුළු බොහෝ තොරතුරු ඔබ අන්තර්ජාලයට ඇතුළු කරනවා. කෙසේ වෙතත් අන්තර්ජාලයේ සිටින වංචාකරුවන්ට ඔබේ දත්ත අනවසරයෙන් ලබා ගැනීමටත්, ඒවා අවභාවිතයට ලක් කිරීමේ හැකියාවත් තිබෙනවා. ඉතින් මෙවැනි අවදානමකින් ඔබ ගැලවෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ.


fb-like-beg


අනතුරක සේයාවක් දැනුනොත් වහා පැමිණිලි කරන්න

ඔබ අන්තර්ජාල වංචනිකයෙකුගේ ගොදුරක් වී ඇති බව හැඟෙනවා නම් ඔබ ඉක්මණින්ම ඒ ගැන පැමිණිලි කල යුතුයි. ඔබ පමා වන තරමට ඔබේ අවදානමත් වැඩි වෙනවා. පරිඝනක අපරාධ වලට එරෙහිව පියවර ගන්නා CERT (Computer Emergency Readiness Team) ආයතනයට ඔබට පැමිණිලි කල හැකියි.

ඔවුන්ගේ වෙබ් අඩවිය – www.slcert.gov.lk

එමෙන්ම ඔබ සිටිනා ප්‍රදේශයේ පොලිස් ස්ථානයේත් පැමිණිල්ලක් දමන්න.

පොලිස්පතිට කියන්න වෙබ් අඩවිය – www.telligp.police.lk

ඔබේ විස්තර ලබා දීමේදී ප්‍රවේශම් වන්න

ඔබේ පෞද්ගලික විස්තර ඉල්ලන කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, ඊමේල් නොසලකා හරින්න. ඔබ විවිධ ඇපස්, සොෆ්ට් වෙයාර්ස් බාගත කරන විටදීත් ඔබව හඳුනා ගැනීම පිණිස ඔවුන් ඔබේ තොරතුරු විමසනවා. එහිදී ඔබට හානි විය හැකි තොරතුරු ලබා දීමෙන් වලකින්න. වංචාකරුවන් ඔබව නොමඟ යැවීමට රාජ්‍ය ආයතන, පුණ්‍ය ආයතන, බැංකු, ක්‍රෙඩිට් කාර්ඩ් නිකුත් කරන ආයතන වල නම් වලින් ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනු ඇත. එවැනි අවස්තාවලදී අදාළ ආයතන වල නිල වෙබ් අඩවි පිරික්සා හෝ ඔවුන්ගේ නිල දුරකථන වලට කතා කර එම තොරතුරු සත්‍යයක්ද යන්න විමසා බලන්න.

සමාජ ජාලා වලට එකතු කරන තොරතුරු ගැන සැලකිලිමත් වන්න

ඔබේ හැම පෞද්ගලික තොරතුරක්ම සමාජ ජාලා වල හුවමාරු කරන්න එපා. ඔබේ පෞද්ගලික දුරකථන අංක, උපන්දිනය, දෙමව්පියන්ගේ විස්තර, ලිපින ආදී තොරතුරු සමාජ ජාලා වලට එක් කරන්න එපා. ඒ වගේම Privacy Settings හරහා ඔබේ තොරතුරු වලට ලඟා විය හැකි පිරිස සීමා කරන්න. ඔබ දැනටමත් ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එකතු කර තිබෙනවා නම්, ඒවා ඉක්මණින්ම ඉවත් කරන්න.

යාවත්කාලීන වන්න

ඔබේ පරිඝනකයට Anti-Virus මෘදුකාංගයක් බාගෙන Install කර ගන්න. එය නිතරම යාවත්කාලීන (update) කරන්න. ඔබ වෙබ් බ්‍රවුසරය තෝරා ගැනීමේදී නවීනතම වෙබ් බ්‍රවුසරයක් තෝරා ගන්න.

අනුමාන කල නොහැකි මුරපද යොදන්න

ඔබ දුරකතනයට, පරිඝනකයට, සමාජ ජාලා ගිණුම් වලට, ඊමේල් ලිපිනයන්ට මුරපද යොදද්දී කිසිවෙකුට අනුමාන කල නොහැකි, අපහසු මුරපද යොදන්න. පොදු WiFi හරහා අන්තර්ජාලයේ පෞද්ගලික ගනුදෙනු වල යෙදෙන්න එපා.

උදා : online බැංකු කටයුතු

අන්තර්ජාලය හරහා ඉදිරිපත් කරන බොරු තරඟ, දිනුම් ඇදීම් වලින් ප්‍රවේශම් වන්න

බොහෝ අන්තර්ජාල වංචාකාරයන් ඔබ වෙත ලඟා වන ක්‍රමයක් තමයි මේ ව්‍යාජ තරඟ සහ දිනුම් ඇදීම්. තරඟ වලට ඇතුල් වීම සඳහා ඔවුන් ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු විමසනු ඇත. එමෙන්ම ත්‍යාග ලබා දීමට පෙර, ඔබෙන් මුදලක් තැම්පත් කරන මෙන් ඉල්ලා සිටින්නන් අනිවාර්යයෙන්ම වංචාකරුවන් වේ.

උදා : 

 

ඔබ ගෙවීම් කරන විට ගෙවීම් කරන්නේ අදාළ ආයතනයටමද යන්න ගැන සැලකිලිමත් වන්න

අන්තර්ජාල වංචාකරුවන් මේ උපක්‍රමයත් අනුගමනය කල හැකියි. ඔවුන් ඔබට ඔබේ දුරකථන සමාගමෙන් එවන්නා සේ “ගෙවීම් සිදු කරන්නැයි පවසමින් ඊමේල් එකක් එවිය හැක. එවිට ඔබ එහි සඳහන් ගිණුම් අංකය පරික්ෂා නොකර ගෙවීම් සිදු කලොත් ඔබේ මුදල් අපතේ යයි. එවැනි අවස්ථා වලදී නිවැරදි ආයතනයටම ගෙවීම් සිදු කරන්න.

නිවසේ සිට කරන රැකියා වලින් ප්‍රවේශම් වන්න

ඇතැම් ආයතන නිවසේ සිට කල හැකි රැකියා පිළිබඳව දැන්වීම් පළ කරනවා. ඒවාට අයදුම් කිරීමට පෙර එම ආයතනය සත්‍ය ආයතනයක්ද යන්න සොයා බලන්න. ඔවුන්ට නිල වෙබ් අඩවියක් තිබෙනවාද, එය ලියාපදිංචි ආයතනයක්ද යන්න සොයා බලන්න. එපමණක් නොව, සමහර ආයතන ඔබට රැකියාවක් ලබා දීමට පෙර, බඳවා ගැනීමේ ගාස්තු ලෙස ඔබෙන් මුදල් ඉල්ලන අවස්ථා තිබෙනවා. එය බොහෝ විට වංචනික ආයතනයක් විය හැකියි. ඇතැම් වංචනික ආයතන ඔබ ලවා වැඩ කරවාගෙන, මුදල් ගෙවීම පැහැර හරිනවා.

ඔබේ බැංකු කටයුතු පිළිබඳව අවධානයෙන් සිටින්න

සතියකට වරක්වත් ඔබේ බැංකු ගිණුම පරික්ෂා කර බලන්න. ඔබ සිදු නොකළ ගනුදෙනු සිදු වී ඇත්දැයි සොයන්න. යම් ගනුදෙනුවක් වූ වහාම, ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙන සේවාවන් ක්‍රියාත්මක කර ගන්න.   

 

 

    

 

SHARE