බොහෝ දෙනෙක් ඈ හදුනන්නේය. ජීවිතය තුළ ඉරණම විසින් ඇය තනි කළ වාර අනන්තවත්ය. නමුත් ඈ සැබවින්ම දිරිය කතාවක් වුවාය. ඈ නමින් ප්‍රින්සි මංගලිකාය.
ජීවිතය තුළ අපිට හිමිවෙන බාදක ගැහැට ඇති විශාලයි. ඔබත් මමත් ජිවත වන සමාජයේම ජිවත් වූ ප්‍රින්සිටත් ජීවිතය තුළ විදින්නට සිදුවූ බාදානම් අනන්තයි.
අගේ කතාව තුලින් ඔබට මට ඉගෙන ගැනීමට ඇති දේ නම් ඇති ඉමහත්.


fb-like-beg


1. සිහිනනම් එමටයි

රාගම ප්‍රදේශයේ උපන් ඇය ඉගෙන ගන්නේ අට වසර වෙනකම් විතරයි. මොකද ඇයට සිද්ද වෙනවා අගේ සහෝදරියන්ට උගන්වන වගකීම තමන්ගේ උර හිසට ගන්න.

ඇයගේ ජිවිතයට වස්සානය අරගෙන ඔහු පැමිණෙන්නේ 1994 වර්ෂයේ මයි 06 වෙනිදා. ඈ ආදරණීය ප්‍රිය බිරිදක් වුණා. ඒ වගේම සුරතල් දියණියන් දෙදෙනෙකුගේ මවක් වුණා.

මේ අතරේ තමයි අගේ සැමියා ඔවුන්ගේ ජිවිත ලස්සන කරන්න හිතාගෙන ජර්මනියට යන්නේ. ඔවුන්ට තිබුනේ පුංචිම පුංචි බලපොරෝතුවක්. ඒ තමයි පොඩි ගේ කෑල්ලක් හදාගෙන ලස්සන ජිවිතයක් ගත කරන එක.


2. හීනවලට ගිනි තිබ්බේ කව්ද ?

කාලයක් යද්දී මේ හැම සිහිනයක්ම අදුරු වෙන්නේ ඇයගේ සැමියා ඒඩ්ස් ආසාදිතයෙකු බවට පත්වීමෙන්.

ඇය පෙර ලෙසම ආදරයෙන් සැමියා ගෙදරට ගෙනත් රැකබලාගන්න හැදුවත් මේ රෝගය ගැන නිසි අවබෝදයක් නැති ගමේ සෙනඟ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා. පුංචි පැටව් දෙදෙනාටත් පාසලින් නික්මෙන්න වෙන්නේත් මේ නිසාමයි.

මේ අතරේදී ඇයගේ සැමියා වස පානය කරලා ජිවිතය හැරයන්නේ ඒඩ්ස් රෝගියෙක් සම්බන්දයෙන් සමාජයේ මිනිසුන්ගේ තිබෙන නොදැනුවත්කම නිසයි. ඇයගේ නිවස මෙන්ම ජිවිතයද ගිනි ගනිද්දී දරු දෙදෙනාත් සමග ඈ තම මව වෙත පැමිණෙනවා. මව වෙත එද්දී ඇයත් ඒඩ්ස් රෝගියෙකු වී හමාරයි.


3. ඈ සමාජ උපදේශිකාවක්

සියලුම දේ නොසිතපු ආකාරයෙන් සිදු වෙද්දී ඈ ජීවිතය සමඟ අරගල කරන්නියක් බවට පත්වෙනවා. ඇයගේ සැමියාට සමාජයෙන් සිදුවූ දේ තවත් ඒඩ්ස් රෝගියෙකුට සිදු වෙන්න නොදී ඈ සමාජ උපදේශිකාවක් ලෙස කටයුතු ආරම්බ කරනවා.

ඒ Positive women network එක හරහා. Positive women network කියන්නෙ HIV සමඟ ජීවත්වන කාන්තාවන්ගේ ජාලයට. NGO එකක් වෙන මේ සංවිධානයේ ආරම්භය සිද්ධ වෙන්නෙ 2009.11.01 දින. ඒ ප්‍රින්සි මංගලිකා මහත්මියගේ මූලිකත්වයෙන්.

සංවිධානයේ මුල්ම වැඩමුළුවට සහභාගී වුණ පිරිස 120යි. අද වෙද්දි සාමාජිකයන් ගණන 412ක්.


4. අපිටත් වඩා ඔවුන්ට ආදරය ඕනි.

මේ ආකාරයෙන් මුළු මහත් සමාජයක් එක්ව අයගේ සතුට උදුරා ගනිද්දී ඇය සමාජයට ඉමහත් ආදරයෙන් අද ද සේවය කරන්නේ සියලු දේ කැප කරමිනි.

ඒඩ්ස් කියන්නේ උණක් වගේ අපි කාටවත් බෝවෙන ලෙඩක් නෙවේ කියලා, ලෝකය මේ තරම් දියුණු වෙන කාලෙකවත් සමාජය පිලිගන්නේ නැත්තේ ඇයි ?

ඔවුන්ට අපේ ආදරය කරුණාව අවශ්‍යයි. මොකද ඔවුන්ගේ මියයමින් සිටින ජීවිත තුළත් දුක සතුට හදුනන ගැහෙන හදවතක් තවමත් ජිවත් වෙනවා.

SHARE