ත්තටම මොකද්ද මේ විශ්‍රාම සැලසුම්කරණය කියන්නේ? අපි හැමෝම කාලයත් සමඟ වයස්ගත වෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් තරුණ කාලයේදී තෘප්තිමත් ජීවිතයක් ගත කළත්, වයස්ගත වීමත් සමඟ අසරණ වන ආකාරය දැක ගන්න පුළුවන්. තරුණ අවධියේදී රැකියාවක නිරත වෙලා තමාට අවැසි හැමදේම මිලදීගෙන සතුටුදායක ජිවිත ගත කරන බොහොමයක් දෙනා, වයස්ගත වූ පසු තමාට දරුවන්ගෙන් ලැබෙන දෙයක් පමණක් භාර ගෙන නිහඬව සිටින ආකාරය දැක ගන්න පුළුවන්. මේ විදිහේ ඉරණමකට මුහුණ දීමට හේතු වන්නේ තමාගේ තරුණ කාලයේදී විශ්‍රාම සැලසුම්කරණය ගැන උනන්දු නොවීමයි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


තරුණ අවධියේ සිටම ඉතිරි කිරීම පටන් ගන්න

දැන් ඔබ දන්නවා නිසි විශ්‍රාම සැලසුම්කරණයක් ඔබේ විශ්‍රාම සාමය සැපවත් කිරීමට හේතු වන බව. ඔබ වයස අවුරුදු 30 දීවත් මෙය සැලසුම් කල යුතුයි. ඔබ අඩු වයසකදී ඉතිරි කිරීම පටන් ගන්නවා නම් ඔබේ වැටුපෙන් 15% – 20%ත් අතර ප්‍රමාණයක් ඉතිරි කිරීම ප්‍රමාණවත් වෙනවා. නමුත් ඔබ ඉතිරි කරන්නට පටන් ගන්නේ විශ්‍රාම යාමට ආසන්න වූ පසුව නම්, ඔබට වැටුපෙන් 60%ක්වත් ඉතිරි කිරීමට සිදු වෙනවා. මේ නිසා ඔබට වඩාත් පහසු වන්නේ අඩු වයසේ පටන්ම මෙය ආරම්භ කිරීමයි.

ඔබේ ණය විශ්‍රාම ගැනීමට පෙර ගෙවා අවසන් කරන්න

බොහෝ දෙනෙක් රැකියාවක් කරන කාලයෙන් වැටුපෙන් ගෙවීම පිණිස නිවාස ණය ඇතුළු විවිධ ණය වර්ග ලබා ගන්නවා. විශ්‍රාම ගැනීමට පෙර ඒවා කෙසේ හෝ ගෙවා අවසන් කරන්න. ඒ වගේම ක්‍රෙඩිට් කාර්ඩ් වල කල යුතු ගෙවීම් ගෙවා අවසන් කරන්න. උගස් තැබූ භාණ්ඩ බේරා ගන්න. ඔබ ආදායමක් ලබන කාලය අතරතුරදී ඔබේ පැරණි ණය ගෙවා අවසන් නොකලොත්, ඔබ විශ්‍රාම ගෙන ආදායමක් නොලබන කාලයකදී මහත් කරදරයකට පත් වීමේ අවදානමක් පවතිනවා.

නිසි ආයෝජනයක මුදල් යොදවන්න

සමහර ආයෝජන ක්‍රම නිසා යෙදවූ මුදල් පවා නැති වන අවස්ථා තිබෙනවා. ස්ථාවර තැම්පතු, සුරැකුම්පත්, කොටස් වෙළඳපොල ආයෝජනය, ඒකක භාර, ණයකර ආදී ආයෝජන ක්‍රම ගණනාවක් තිබෙනවා. ඔබට විශ්වාසදායි ආයෝජනයක් අරඹන්න. ඒ සඳහා විශේසඥයෙකුගේ සහාය ලබා ගන්න. ඉඩම්, රන් භාණ්ඩ කියන්නේ කාලයත් සමඟ වටිනාකම ඉහල යන වත්කම්. එවැනි වත්කම් මිලදී ගන්න. රථ වාහන මිලදී ගැනීමට අසීමිත ලෙස මුදල් කැප කිරීමේ තේරුමක් නැහැ. එයට හේතුව වන්නේ භාවිතයත් සමඟ රථ වාහන වල ක්ෂය වීම නිසා වටිනාකම පහල බැසීමයි.

ස්වයං රැකියා ගැන උනන්දු වන්න

විශ්‍රාම ගැනීමෙන් පසු කිසිවක් නොකර සිටිනවාට වඩා සරල ස්වයං රැකියාවක නිරත වීම ඔබේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය ඉහල නැංවීමට සමත් වෙනවා. ඒ වගේම තමයි වයස්ගත කාලයේදී අනවශ්‍ය අවදානම් දැරීමත්, අනවශ්‍ය වෙහෙසක් දැරීමත් එතරම් සුදුසු නැහැ. මේ නිසා පහසුවෙන් නිරත විය හැකි සහ ලාභ ලැබිය හැකි ස්වයං රැකියා ගැන සොයා බලන්න. ඔබේ නිවසේ කොටසක් කුලියට දීමට හැකියාව තිබෙනවා නම්, ඒ සඳහා කටයුතු යොදන්න. එය ඉතා පහසුවෙන් ලබා ගත හැකි ආදායම් මාර්ගයක් වේවි.

ඔබට ඇති විය හැකි හදිසි වියදම් අවස්ථා ගැන කල්පනාකාරී වන්න

වයස්ගත වීමත් සමඟ ඇති විය හැකි හදිසි රෝගී තත්වයන් ගැන දැනුවත් වන්න. එදිනෙදා වියදමට සෑහෙන්නට ඉතිරි කරන අතරම, හදිසි අවස්ථා වෙනුවෙන් වෙනමම මුදළුලක් ඉතිරි කර ගන්න.

විශ්‍රාම ගැනීමෙන් පසුව ඔබට රජයෙන් හෝ ඔබේ ආයතනයෙන් ලැබෙන දීමනාව ගැන සැලකිලිමත් වන්න

ඔබ රජයේ රැකියාවක් කරන අයෙක් නම්, ඔබට රජයෙළුන් දීමනාවක් ලැබෙනවා. ඔබ පෞද්ගලික ආයතනයක වැඩ කළත් ඔබට යම් දීමනාවක් ලැබෙනවා. ඒවා ලබා ගැනීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා.  ඒවා ගැන මුල සිටම දැනුවත් වෙන්න. අදාළ පෝරම පිරවීම සහ භාර දීම නියමිත වෙලාවට කරන්න. එවිට පසුකාලීනව ඇති විය හැකි ගැටළු වලින් ඔබට මිදිය හැකියි.

 

SHARE