බේ වටිනාකම නිවැරදිව හඳුනා ගත යුතු පළමු පුද්ගලයා ඔබයි. ඔබ ආත්ම සම්මානයකින්/ අභිමානයකින් ජිවත් වන්නෙකු නම්, අනිවාර්යයෙන්ම ඔබ ඔබට ගරු කරන කෙනෙක්. තමාගේ වටිනාකම නිසි ලෙස අගයා, තමාට ගරු කරන පුද්ගලයා හොඳ ආත්ම සම්මානයකින් ජිවත් වෙන පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකියි. ඉතින් අද අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන පරීක්ෂණයක් කරන්න අපි තීරණය කළා.


fb-like-beg


ඔබ ළඟ මුදල් නොමැති අවස්තාවක ඔබගෙන් හිතවතෙකු මුදල් ණයට ඉල්ලනවා යැයි උපකල්පනය කරන්න. මෙවැනි මොහොතක ඔබ සිදු කරන්නේ කුමක්ද?

ඔබ ළඟ මුදල් නැති නිසා ඔබ “බැහැ යන උත්තරය නොබියව පවසනවා නම්, ඔබ අනිවාර්යයෙන්ම ඔබට ගරු කරන පුද්ගලයෙක්. ඔබ ළඟ මුදල් නැති වුනත් ඔබට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ගන්න බැරි නම් ඔබ අභිමානයකින් ජිවත් වන කෙනෙක් නොවේ. තමන් අකමැති දෙයට බැහැ යැයි පැවසීමටත්, අකමැති දෙය ප්‍රතික්ෂේප කිරීමටත් ශක්තිය නොමැති නම් ඔබ ඔබට ගරු කරන කෙනෙක් නෙවේ.


ඔබට ජිවිතයේ ලැබී නොමැති, අනුන්ට ලැබී ඇති දේවල් දකින විට ඔබට සිතෙන්නේ මොනවාද?

ඔබට ලැබී නොමැති දේවල් වලට ඔබ දුක් වන කෙනෙක් නම්, ඔබ ඔබ සිටින තත්වය ගැන සතුටු වන කෙනෙක් නෙවේ. නමුත් ඔබට තිබෙන දේවල් ගැන සිතා ඔබට සතුටින් ජිවත් වීමේ පුරුද්දක් තිබෙනවා නම්, ඔබ ඇත්තටම හොඳ අභිමානයකින් ජිවත් වන අයෙක්.


ඔබ ජිවිතයේ කවදා හෝ ඔබ අකමැති, නමුත් අන් අය කැමති දේවල් කර තිබෙනවාද (අධ්‍යාපනය/ රැකියාව/ විවාහය)?

අන් අයගේ බලකිරීම හෝ ඉල්ලීම මත ඔබ ඔබේ සිහින, ඔබ කැමති මාර්ගය අමතක කර තිබේ නම් ඔබ ඔබට ගරු කරන අයෙක් නොවේ. ඔබේ ජිවිතයේ ඔබ ඉගෙන ගත්තේ ඔබ කැමති විෂයන් නම්, ඔබ තෝරා ගත්තේ ඔබ කැමති රැකියාව නම්, ඔබ ආදරය කරන්නේ හෝ විවාහ කර ගත්තේ ඔබ කැමති පුද්ගලයාට නම් ඔබ ඔබට ගරු කරන, අභිමානයකින් යුතුව ජිවත් වන අයෙක්.


අන් අයගේ විවේචන වලට ඔබ බයද?

ඔබ ඔබගේ හදවතට එකඟව වරදක් නොකරන බව දන්නවා වුනත්, අන් අය වරදවා සිතාවි යන බියෙන් යමක් නොකර සිටිනවා නම් ඔබට සතුටින් ජිවත් වීමට ලැබෙන්නේ නැහැ. කවුරුන් මොනවා කිවත් ඔබ ඔබට නිවැරදි යැයි හැඟෙන දෙය සිදු කරනවා නම් ඔබ සතුටින් සහ අභිමානයකින් ජිවත් වන අයෙක්.


ඔබේ ජිවිතයේ සෑම තීරණයක්ම ගැනීමට පෙර ඔබ අන් අයගෙන් අවසර පතනවාද?

වැදගත් තීරණයක් ගැනීමේදී අන් අයගේ අදහස් විමසා බැලීම වරදක් නොවේ. නමුත් ඔබ කරන හැම දෙයකදීම ඔබට අන් අයගේ උපදෙස් අවශ්‍ය නම්, ඇත්තටම ඔබ දුර්වලයි. එයින් හැඟවෙන්නේ ඔබ ඔබවම විශ්වාස නොකරන බවයි. ඔබ ඔබට ගරු නොකරන බවයි.

නමුත් ඔබ ඔබට හරි යැයි දැනෙන දේ බිය නැතිව කරන අයෙකු නම්, හදිසියේ එය වැරදී ගියත් එහි වගකීම භාර ගැනීමට ඔබ ලැස්ති නම් ඔබ අභිමානයකින් යුතුව ජිවත් වන අයෙක්.


ඔබ වේදනාත්මක සබඳතාවයන්හි සිරවී සිටින අයෙක්ද?

දැනට ඔබ ආදරය කරන පුද්ගලයා ඔබට නොගැලපෙන බව හොඳින්ම දැන දැනත් ඔබ එම සබඳතාවය තුලම සිරවී සිටිනවා නම් ඔබ ඔබට ගරු කරන අයෙක් නොවේ. ඔබ ඔබේ සිතේ සතුට සහ සාමය ගැන සිතා ඔබට වේදනා ගෙන දෙන පුද්ගලයන්ගෙන් මිදීමට පියවර ගෙන තිබේ නම්, ඔබ ඔබට ගරු කරන සහ අභිමානයකින් යුතුව ජිවත් වන අයෙක් බව නිසැකයි.


ඔබ සිදු කරන දෙයක් වැරදී ගිය විට ඔබ ඔබටම දොස් පවරා ගන්නා කෙනෙක්ද?

ඔබ කරන සියලු දෙයම සාර්ථක වන්නේ නැහැ. ලෝකයේ කිසිම අයෙකුට 100%ක් සාර්ථක විය නොහැකියි. මේ බව නොදැන ඔබේ වැරදීම් වලදී ඔබ ඔබටම දොස් පවරා ගන්නවා නම් ඔබ අසාර්ථක පුද්ගලයෙක්. වැරදිමකදී ඇති වන වේදනාව දින කීපයකින් අමතක කර දමා, නැවත උත්සාහ කිරීමට ඔබ සමත් වෙනවා නම් ඔබ හොඳ ආත්ම අභිමානයක් ඇති අයෙක්.

SHARE