ද කාලේ කන්තෝරුවක වැඩ කරන එක ලේසි නැහැ. වැඩ නිසා නම් ඉවසා ගන්න පුලුවන්. නමුත් මෙතන ඉන්න ගැහැණු ළමයි ගේ ක්‍රියා ගැන දැනගෙන පරිස්සමෙන් නොහිටියොත් එහෙම ඔබ ලොකු අමාරුවක උනත් වැටෙන්න පුලුවන්. කාර්යාල වල වැඩ කරන මේ චරිත පහ හසුරුවන විදිහත් වෙනස්.

fb-like-beg


1. කේලම් කාරී

මෙන්න මෙයා කරන්නේ කේලම් කියන එකයි. මෙයාගේ දේවල් එයාට කියනවා. දෙන්නගෙම දේවල් වෙන කෙනෙකුට කියනවා. දෙදෙනෙක් බින්දවල, අසමගි කරවල , රණ්ඩු කරවලා , කොටවලා තමයි මෙවැනි ගැහැණු ළමයි සතුටු වෙන්නේ.

මෙයාව බොහොම පරිස්සමෙන් තමයි ඇසුරු කරන්න ඕනේ. මෙයා එක්ක ඇයි හොඳයි තියා ගත්තොත් ඔබත් කේලම් කාරියක් කියල අනික් අය ඔබවත් ලේබල් කරයි. මෙයා මොනවා හරි කේලමක් කියාගෙන ආවොත් හිනා වෙලා හෙමින් මග හරින්න. කිසිම දවසක වැරදිලාවත් ඔබේ පෞද්ගලික දෙයක් මෙයාට කියන්න එපා. ඒ වගේම වෙන කෙනෙක් එක්කවත් කිසිම දෙයක් මෙයා ඉදිරියේ කියන්න එපා. ඔබව ඉක්මනින්ම කාර්යාලයෙන් කොන් වෙන්න හේතුවක් වේවි මෙයාව හරියට ඇසුරු කරේ නැත්නම්.


2. අයිස් නෝනා

මෙයා හරිම කම්මැලියි වැඩ කරන්න. නිතරම කන් කෙඳිරිය. අයියෝ වැඩ…අයියෝ ගොඩයි…මගේ ඔලුවත් රිදෙනවා…නමුත් රටේම තියෙන කෑම පියන්ට කියලයි, ඩිලිවරි කරගෙනයි කනවා. පෙරේතකමත් කම්මැලි කමත් නිසා ඇයගේ වුර්තීය ජීවිතේ ඉහලට යන්නේ හෙමින්. නිතරම වැඩ ගොඩ ගහගෙන බොස්ගෙන් බැණුම් අහනවා.

මෙවැනි කෙනෙක් මිතුරු උනොත් හරිම පාඩුවක්. ඔබටත් නිතරම කියාවි මොනවද අනේ ඔච්චර වැඩ කරන්නේ කියල. මෙවැනි මිනිස්සු නොදැණුමත්වම මිත්‍රයන්ව තමාගේ ගොඩට දා ගන්නවා. ශෝට් කට් ගහන්න ගිහින් ආයතනයටත් පාඩු කරනවා. මෙවැනි කෙනෙක් හදන්න යන්න එපා. වහාම ඔබ ඇයගෙන් ඉවත් වෙන්න.


3. ගොට්ටි

මෙවැනි අය ඉතාම කපටියි. දියුණු වෙන්නේ මහන්සියෙන් නෙවෙයි. ඔන්න ලොක්ක දැක්කම දෙකට නැමෙනවා. මෙයාල හැම වෙලාවේම ලොක්කට පෙන්වන්නේ තමන් තමයි මහන්සියෙන්ම වැඩ කරන්නේ කියල. අවාසනාවට අපේ රටේ ගොඩක් ලොක්කෝ, ලොක්කියෝ මෙවැනි ගොට්ටන්ට ඕනේ විදිහට තමයි කාර්යාලයේ තීරණ ගන්නේ. ගොට්ටියෝ හරිම බලවත් කාර්යාලයක් ඇතුලේ. ඔබගේ එක්ක අමනාප නම් කොහොම හරි කරලා ඔබව රැකියාවෙන් එලවන්න උනත් මෙයාල පසුබට වෙන්නේ නැහැ.

හැම විටම ඔවුන් සමග සුහදව ඉන්න එක ඔබට ගොඩක් වැදගත්. නමුත් අතේ දුරින් තියා ගැනීම හොඳයි. මෙවැනි කෙනෙක් එක්ක පරිස්සමෙන් මොකද ඔබ අමාරුවෙන් කරන වැඩ ඔවුන් කළා කියල ප්‍රසංසාව අරගන්න මොවුන් දක්ෂයි. අන්තිමේදී ඇත්තම දක්ෂය පැත්තක ඉද්දි ඔවුන් ඔබේ උසස් වීම් ඔක්කොම උදුරා ගනීවි.


4. රූප සුන්දරී

මෙයා ඉතින් හිතාගෙන ඉන්නේ කාර්යාලය කියන්නේ රූප සුන්දරී තෝරන තරඟයක් කියල. ඇඳුම් පැළදුම් වලට ගොඩක් වියදම් කරලා අනික් කෙල්ලෝ ඔක්කොම කැතයි මම විතරක් ලස්සනයි වගේ ආකල්පෙකින් තමයි ඉන්නේ. නිතරම තමන් අනුන් එක්ක සංසන්දනය කරනවා. මොවුන්ගේ හිත තියෙන්නේ රූපයේ විතරක් නිසා වැඩිපුර කාර්යක්ෂම නැහැ.

ඔබ මෙවැනි අය ඉදිරියේ හීන මානයට ලක් වෙන්න එපා. ඔවුන්ට තරඟයට ඇඳුම් පැළදුම් ඇදලා නිකන් මුදල් නාස්ති කරන්නත් එපා. ඔවුන්ගේ හිත සතුටු වේවි පොඩි වර්ණනාවක් කළොත් එහෙම. ඔයාගේ ගවුම හරිම ලස්සනයි. කොහොමත් ඔයා ලස්සන නිසා ඕනෙම එකක් ගැලපෙනවා වගේ තැනට ගැලපෙන වර්නනවකින් ඇය ඔබේ මිතුරියක් වේවි. ඔබට උදවු කරාවි .


5. සියල්ල දත්

මොවුන් හැසිරෙන්නේ හරියට ඔක්කොම දන්නවා වගේ. පෙන්වන්න හදනවා තමන් තමයි මුලින්ම ආවේ . තමන් හරිම අත්දැකීම් බහුලයි. මොවුනට අනවශ්‍ය විදිහට තැන දුන්නොත් ඔබේ කටයුතු පාලනය කරන්න පටන් ගනීවි. පිරිස ඉදිරියේ ඔබට නරක ලෙස කතා කරාවි. ඔවුන් එයින් උත්සහ දරන්නේ තමන් හෙන පොරක් කියල පෙන්වන්න. මොවුන් එක්ක සුහදව ඉන්න. නමුත් වැඩිය තමන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න දෙන්න එපා.

SHARE