කාර්යාලයෙන් පිටත ඔබ කරන ගොඩක් දේවල් වෘත්තීයමය ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. ජීවිතයේ රස මිහිර විඳ ගන්නා කෙනා කාර්යාලයේදී වඩාත් ප්‍රබෝධවත්, නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්නේ නිතැතින්මයි. ඔබත් වෘත්තිය ජීවිතයේ හිනි පෙත්තටම නගින්න බලාපොරොත්තුවෙන කෙනෙක්ද එහෙමනම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.

fb-like-beg


පහත දැක්වෙන විනෝදාංශ වල නිරත වීමෙන් ඔබට ලැබෙන වාසි අතරේ ආත්ම විශ්වාසය වැඩි වීම, මානසික ආතතිය සමනය වීම විතරක් නෙවෙයි ඔබේ දැන හැඳුනුම්කම් වැඩි කරගන්නටත් හැකියාවක් ලැබේවි.

1 චිත්‍ර ඇඳීම.

චිත්‍ර ඇඳීම මගින් ඔබේ කාර්යබහුල ජීවිතයේ තිබෙන ගැටලු , ප්‍රශ්න එලියට එනවා. එමගින් විශාල මානසික සහනයක් අත් කරගන්න පුලුවන්. ඔබ කිසියම් ගැටළුවක් විසදීමට උත්සහ දරමින් ඉන්න වෙලාවක කොලයක් ,පැන්සලක් හෝ බුරුසුවක් අරගෙන අඳින්න පටන් ගන්න. ඔබේ මනස ගැටලුව විසදීමට වඩාත්ම නිර්මාණශීලී ආකාරයකින් ප්‍රබෝධමත් වේවි.

2 උයන් කරණය

පන ඇති ශාකයකට සාත්තු කිරීම රැක බලා ගැනීම තරමක් භාරදූර ක්‍රියාවක්. එමගින් ඉවසීම, යමක් අඛණ්ඩව පවත්වා ගැනීම වගේ වටිනා ගුණධර්ම පුරුදු වෙන්න පුළුවන්.

3 සැරසිලි කටයුතු

ඔබ නිරත වෙන ව්‍යාපෘති දෙස වඩා නිර්මාණශීලී ඇසකින් බැලීමට අනිවාර්යයෙන්ම මෙම විනෝදාංශය උපකාරී වෙනවා.

4 යෝග ව්‍යායාම

යෝග සහ භාවනාව කියන්නේ පුදුමාකාර විදිහට ඔබේ කය සහ මනස දියුණු කරන කටයුතු. එයින් ඇත්තටම ඔබේ අභ්‍යන්තර පරිසරය පිළිබඳව ඇති අවධානය දියුණු වෙනවා. ඒ වගේම මානසික පරිනත බවටත් උපකාරී වෙන අතරේ ඔබව නිරෝගී පුද්ගලයෙක් බවටත් පත් කරනවා.

5 කණ්ඩායම් ක්‍රීඩා

ක්‍රිකට්, ෆුට් බෝල් වගේ කණ්ඩායම් වශයෙන් කරන ක්‍රීඩා වල නිරත වෙද්දී අනිවාර්යයෙන්ම ඔබේ වැඩකිරීමේ හැකියාව, අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. කණ්ඩායම් වශයෙන් වැඩ කරලා තරඟකාරීත්වයට මුහුණ දෙන වර්තමාන ව්‍යාපාරික ලෝකයේදී මෙවැනි විනෝදාංශ වල නිරත වීම මිල කළ නොහැකියි.

SHARE