පිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ සමාජයේ විවිධාකාර ගතිගුණ තියෙන අය එක්ක. ඉතින් එහෙම වෙනකොට අපිට හැමෝවම සතුටු වෙන විදිහට වැඩ කරන්න නම් බැහැ තමයි. ඒත් පොදුවේ පිළිගත්ත සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන් අඩුම තරමේ වැඩි පිරිසක් අසතුටු නොවන ආකාරයෙන් කටයුතු කරන්න අපට පුළුවන්.

විශේෂයෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන කොට මේ පිළිගත්තා සම්මතයක් අනුගමනය කිරීමෙන් ඔබ වගේම එහන ඉන්න අනිත් අයත් අපහසුතාවයට පත්වීම වැළකෙනවා.දැන් අපි බලමු ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන විට අනුගමනය කරන්න ඕන පොදුවේ පිළිගත් චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් ගැන.

fb-like-beg


01. තවත් කෙනෙක් එක්ක කතා බහ කරන හැම වෙලාවකදීම ඒ කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබ කියන දේට ඇහුම්කන් දෙන්න වගේම, ඒ දේ ගැන විශ්වාසය ගොඩ නගා ගන්නත් ඔවුන් පෙළඹෙන්නේ එවිටයි.

02. ඒ වගේම කෙනෙක් එක්ක කතා බහ කරනකොට එයා කියමින් සිටින දේ අවසන් කරන්න ඔහුට හෝ ඇයට ඉඩ දෙන්න. ඉන් පසු ඔබ කතා කරන්න පටන් ගන්න.

03. කෙනෙක් ඔබ ගැන හොඳක් කියනකොට එය සිනහ මුසුව පිළිගන්න. එය ප්‍රතික්ෂේප කරන්නට යාමෙන් සිද්ධ වෙන්නේ ඒ කෙනා අපහසුතාවට පත්වීමයි.

04. ඔබ රාජකාරී මට්ටමෙන් තවත් පිරිසක් එක්ක dinner එකකට එහෙමත් නැත්නම් day outing එකකට යන වෙලාවක phone call එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් කල් තියා ඔවුන්ට ඒ බව පවසන්න. නැත්නම් ඔබ විටින් විට phone screen එක දිහා බලන එක ඔවුන්ට කරන අපහාසයක් ලෙස හැඟෙන්නට ඉඩ තිබෙනවා.

05. බස් එකට, කෝච්චියට වගේම lift එකකට වුණත් නගින්න යනකොට ඒවාගේ ඉඳන් පිටතට එන අයට ඒ සඳහා ඉඩ දෙන්න.

06. අමුත්තෙක් බැහැදකින්න ඔහුගේ හෝ ඇයගේ නිවසට යනකොට බිස්කට් පැකට් එකක් හරි අරගෙන යන්න මතක තියාගන්න.

07. හෝටලයකදී ඔබට ආහාර පිළිගන්වන වේටර්වරයාට ‘tip’ එකක් ලබාදෙන්න අමතක කරන්න එපා.

08. කෙනෙකුට අතට අත දෙනවිට ඒ කෙනාට අපහසුතාවයක් ඇති නොවෙන විදිහට ඒ දෙය කරන්න පුරුදු වෙන්න.

09. ඔබ පිරිසක් සමඟ තැනකට යනකොට එතන දොර අරින්න මුලින්ම යන්නේ ඔබ නම් ඔබ එක්ක ගිය අනිත් අය ඇතුළු වෙනකල් දොර අල්ලාගෙන සිටින්නත් පුරුදු වන්න.

10. ප්‍රසිද්ධ ස්ථානයක ජංගම දුරකථනය භාවිතා කරන විට පාවිච්චි කරන භාෂා විලාසය සහ හඬේ උස් පහත බව ගැන සැලකිලිමත් වන්න.

SHARE