යතන ප්‍රධානියා හා සේවකයෙකු අතර ගැටළු ඇති වන්නේ ආයතන ප්‍රධානියාගේ වරද නිසා කියලා කියන්න පෙළඹෙන මිනිස්සු බහුතරයක් ඉන්නවා. නමුත් සේවකයන් විවධ අවස්ථා වලදී කියන්නට පෙළඹෙන දේවල් නිසා ඔවුන් අතර ඇති සම්බන්ධය බිඳ වැටීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ආයතනය තුලදී ඔබේ අතිනුත් මේ වගේ වැරදි කතා කියවෙනවද කියලා පොඩ්ඩක් බලන්න.


fb-like-beg


06. “අපි හැමදාම කළේ මේ විදිහට”

තාක්ෂණය වේගයෙන් අළුත් වෙනවා. අළුත් අළුත් ක්‍රම ව්‍යාපාර ලෝකයට වේගයෙන් එකතු වෙනවා. ඔබේ ආයතනයේ හිමිකරු මේ ගැන උනන්දුවෙන් සිටින නිසා, ඔහු නව ක්‍රම අධ්‍යනය කර ඉක්මණින් දැනුවත් වෙනවා. ඉතින් ඒ ක්‍රම වලට ඔබව හැඩගැස්වීමට ඔවුන් උත්සාහ කරද්දී මේ වගේ කතා කියලා සිත් අමනාපකම් ඇති කර ගන්න එපා.

ඔබේ ආයතන ප්‍රධානියා පවසන දේ ඇත්තටම කළ නොහැකි දෙයක් නම් ඔබ ඒ බව ඔහුට පැවසිය යුත්තේ නම්‍යශීලි කතා බහක යෙදෙමිනුයි. දැඩි කතා බහකින් වෙනස් කළ නොහැකි දේවල් රැසක් නම්‍යශීලි කතා බහකින් වෙනස් කළ හැකියි.
“ඔබ යෝජනා කරන දෙය පොඩ්ඩක් අසාමාන්‍යයි වගේ. මේ ක්‍රමයට හුරු වෙන්න ගියොත් මේ මේ විදිහේ අපහසුතා වලට මුහුණ දෙන්නට අපට සිදු වේවි.”


07. “මම උත්සාහ කරන්නම්”

ඔබට ඔබේ ප්‍රධානියා යම් කාර්යයක් පැවරූ විට ඔබ මෙසේ පිළිතුරු දීම සුදුසු නැහැ. එහි අර්ථය ඔබටම ඔබට එය කළ හැකිද යන්න විශ්වාස නොමැති බවයි. ඔබේ ආයතන ප්‍රධානියාට එයින් ලැබෙන පණිවිඩය වන්නේ ඔබ බොහෝ දුරට එම කාර්යය නොකර සිටීවි යන්නයි. ඔබේ ප්‍රධානියා ඔබට පැවරුවේ කිරිමට අපහසු කාර්යයක් නම් ඒ බව අවංකව පවසන්න. නැති නම් “මම එය කරන්නම්” කියා පවසන්න.


08. “මට ගොඩක් දේවල් කරන්න තියෙනවා. මම කාර්යබහුලයි.”

ඔබ සාමාන්‍ය පරිදි නිරත වන කාර්යය සහ අලුතින් පවරන කාර්යයත් ඔබට පවරන්නේ ඔබේ ආයතන ප්‍රධානියායි. ඔබට කිරීමට සාමාන්‍ය වැඩ තිබුණු පමණින්, අලුතින් පවරන රාජකාරි ඔබ ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ. ඇතැම් විට අලුතින් පවරන කාර්යය අනෙකුත් සියලු රාජකාරි වලට වඩා හදිස්සි සහ වැදගත් රාජකාරියක් විය හැකියි. මේ නිසා ඔබ ඒ ගැන ඔබේ ආයතන ප්‍රධානියාගෙන් විමසිය යුත්තේ මෙලෙසයි.

“මම ඔබ ඊයේ පවරපු රාජකාරිය කරන ගමනුයි ඉන්නේ. වඩාත් හදිස්සි මේ දෙකෙන් කොයි කාර්යයද?”
වැඩ දෙකම එක සේ වැදගත් නම්, ඔබේ ප්‍රධානියා එය වටහාගෙන නව රාජකාරිය වෙනත් අයෙකුට පවරාවි.


09. “ඒ වෙනුවෙන් මට මොනවද ලැබෙන්නේ ?”

ඔබේ ආයතනයෙන් ඔබව බඳවා ගත්තේ යම් කාර්යයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔවුන් ඔබට ගෙවන්නෙත් ඔබ ඒ කාර්යයේ නිරත වන නිසායි. නමුත් ඔබට හදිසි අවස්ථා වලදී ඔබේ රාජකාරියෙන් පිටත වඩාත් කිරීමට සිදු වේවි. වෙනත් අයෙකු අතින් අතපසු වූ යමක් සම්පුර්ණ කිරීමට සිදු වේවි. ඒවා සඳහා මිලක් බලාපොරොත්තු වීමෙන් වලකින්න. ඒවා උදව් කිරීමක් සේ සලකන්න.
සැ. යු. : කෙසේ වෙතත් ඔබේ වැඩ පාඩු කරගෙන, නිවාඩු දවස් වලත් වැඩ කරමින් අනුන්ට උදව් කිරීමට යාමෙන් වලකින්න. එයින් අන් අය ඔබෙන් යුතු ප්‍රයෝජන ගැනීමට පෙළඹේවි.


10. “එය මගේ ගැටළුවක් නෙවෙයි”

කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස වැඩ කරන විට ආයතනය තුල ඇති වන විවිධ ගැටළු මඟ හරින්න බැහැ. ඔබ වැඩ කරන්නේ එක් විෂය ක්ෂේත්‍රයක වුවත්, වෙනත් විෂය ක්ෂේත්‍රයක ඇති ගැටලුවකට විසඳුම ඔබ දන්නවා නම් එය විසඳීමට මැදිහත් වෙන්න. අඩුම තරමේ ඔබේ අදහස හෝ පවසන්න. වෙනත් විෂය ක්ෂේත්‍රයක ගැටළුවක් වුවත් එය බලපාන්නේ සමස්ථ ආයතනයටයි. ආයතනය ගැටළු වලට මුහුණ දුන් විට එය ඔබ ඇතුළු සියලු සේවකයන්ගේ ආරක්ෂාවට බලපානවා.


මෙම ලිපියේ පළමු කොටස සදහා

ඔබත් ඔබේ ආයතන ප්‍රධානියාත් අතර සම්බන්ධය බිඳ වැටීමට බලපාන වදන් 10ක් – 1 කොටස

SHARE