ගොඩක් දෙනා “නැහැ”, “බැහැ” කියන වචන දෙක කියන්න හරිම බයයි. අනිත් කෙනා අමනාප වෙයි කියලා බයට සමහරු හැම දේටම “හා” කියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ඔබ ඔබේ ජීවිතය ඒ හරහා නාස්ති කර ගන්නා බව ඔබ දන්නවාද? ඔබ ඔබේ ජීවිතය තුල ඔබ කැමති දේ කිරීමට ඇති හැකියාව අවහිර කර ගනිමින්, ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට ඇති අවස්ථාව නැති කර ගන්නවා. අන් අය කැමති, ඔබ අකමැති දේවල් කිරීමට ඔබ පෙළඹෙන්නේ ඇයි? ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


05. හේතුව පැහැදිලි කරන්න

හේතුව පැහැදිලි නොකර කරන ප්‍රතික්ෂේප කිරීමකින් අනෙකාගේ සිත රිදෙන්නට හැකියි. මේ නිසා ඔබ එය ප්‍රතික්ෂේප කරන හේතුව පැහැදිලිව පවසන්න. එක වර ප්‍රතික්ෂේප කරනවාට වඩා, ඔවුන් ඔබෙන් කුඩා හෝ පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා. දිග හා විශාල පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ එය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණ කෙටියෙන් පැහැදිලි කරන්න.

උදා : මට අසනීප නිසා මට වැඩිය මහන්සි වෙන්න එපා කියලා වෛද්‍ය උපදෙස් ලැබුනා. ඒ නිසා මට එන්න බැහැ.
මට ඒ ඇඳුම ගොඩක් වටිනා නිසා ඔබට දෙන්න බැහැ.

මේ වගේ පැහැදිලිකිරීමක් එක්ක ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න.


06. බැහැ කියන්න පුරුදු වෙන්න

ඔබ “බැහැ” කියලා කියන්න පුරුදු වෙනකම් ඔබට “බැහැ” කියා ගන්න බැරි වෙනවා. මේ නිසා නිවසේදී වරින් වර බැහැ කියන වචනය කියමින් පුරුදු වන්න, විවිධ පුද්ගලයන්ට බැහැ කියන්නට පුරුදු වන්න. මේ සඳහා අවදානම අඩු පුද්ගලයන් මුලින්ම තෝරා ගන්න.

උදා : සිඟන්නෙකුට දෙයක් දී, ඔහු තවත් ඉල්ලනවා නම්

“බැහැ, අදට මේ ඇති” කියන්නට පුරුදු වන්න.
ඔබ ආහාර ගැනීමට හෝටලයකට ගිය විට වේටර්වරයාට ටිප් එකක් ලබා දීම ප්‍රතික්ෂේප කර බලන්න.


07. බැහැ කියන වචනය එක්කම පුංචි ප්‍රශංසාවක් එක් කරන්න

ප්‍රතික්ෂේප කිරීම ප්‍රශංසාවක් සමඟ කිරීමේදී හිත රිදෙන්නේ නැහැ. ඔබට යමකට ආරාධනා කල විට, එයට ස්තුති කරමින් එය ප්‍රතික්ෂේප කරන්න

උදා : යමෙකු ඔබට විනෝද චාරිකාවකට හෝ උත්සවයකට ආරාධනා කළා යැයි සිතන්න. නමුත් ඔබ ඒ සඳහා සහභාගී වීමට අකමැති නම් මෙසේ පවසන්න.

“මට ආරාධනා කලාට ස්තුතියි/ මට ආරාධනා කිරීම ගැන මම සතුටු වෙනවා. එත් මට සහභාගී වෙන්න අපහසුයි.”


08. ඔබේ තේරීම පවසන්න

එක සැරේ “බැහැ” කියන එක පොඩ්ඩක් විතර අපහසුයි. ඒ වගේම තමයි අප එකිනෙකා ප්‍රිය කරන්නේ විවිධ දේවල් වලටයි. ඒ බව ඔබේ මිතුරන් වටහා ගත යුතුයි. ඔවුන් ප්‍රිය කරන යමක් කිරීමට ඔබට ආරාධනා කල විට, ඔබ ප්‍රිය කරන දේ ගැන පවසමින් එය ප්‍රතික්ෂේප කරන්න.

උදා : ඔබේ මිතුරෙක් ඔබට සති අන්තයේ චිත්‍රපටියක් බැලීමට යාමට ආරාධනා කරනවා නම්, ඔබ එයට අකමැති නම් මෙසේ පවසන්න.

“අනේ බැහැ. මම මගේ සති අන්තයේ පොත් ප්‍රදර්ශනය නරඹන්නයි ඉන්නේ”


09. ඔබේ අදහස වෙනස් කරන්න එපා

ඔබ යමකට “බැහැ” කියන්නේ ඔබ ඒ දෙයට අකමැති නිසායි. එත් සමහරුන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් ඔබව කැමති කර ගන්නට උත්සාහ දරනවා. මේ අවස්තාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබ ඔවුන්ට අනුකම්පා කර ඔවුන්ගේ කැමැත්තට ඉඩ දීමෙන් ඔවුන් ඔබව “පහසුවෙන් නම්මවා ගත හැකි චරිතයක්” ලෙස ගන්නවා.


10. සමහර වෙලාවට ඉක්මනින්ම ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නට ඔබට සිදු වෙනවා

සමහර පුද්ගලයන් “බැහැ” කියන වචනය එක වර කියා ගැනීමට ආත්මශක්තියක් නැති නිසා “මම හිතලා කියන්නම්, “අපි බලමු” වගේ උත්තර දීලා මඟ අරිනවා. තවත් සමහරු යමක් කරන්නම් කියලා බොරු පොරොන්දු දීලා අදාළ දිනයේදී එයට සහභාගී නොවී ඉන්නවා. මේ මඟින් සිදු වෙන්නේ හිතවත්කම් පළුදු වීමයි. ඔබ “බැහැ” වචනය හිතවත්කම් පළුදු කරන වචනයක් කියලා සිතුවත්, ඔබ අනෙකාගේ ඉල්ලීම බොරු කියමින් මඟ හරිම නිසා හිතවත්කම් පළුදු වීමට ඊටත් වඩා වැඩි ඉඩක් තියෙනවා. මේ නිසා ප්‍රතික්ෂේප කිරීම කළ යුතු අවස්ථාවේදී කිරීමට දිරිය වඩවා ගන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා

බය නැතුව “නැහැ”, “බැහැ” කියන්න ඵලදායී ක්‍රම 10ක් – 1 කොටස

SHARE