ලුණුමිරිසක් එක්ක උණුම උණු රොටියක් කමුද ?

පි අද කියලා දෙන්න යන්නේ කොහොමද රසට රාත්‍රී ආහාරයක් පිළියෙල කරගන්නේ කියලා. ඔයලා හැමෝම ආස ඇති රස ඒ වගේම සැර ලුණුමිරිසක් එක්ක රොටියක් රස විදින්න.

fb-like-beg


මුලින්ම අපි පොල් රොටි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන්පිටි 250
  • ගා  ගත්  පොල්  අඩු  කෝප්පයක් පමණ
  • ලුණු කුඩු
  • වතුර
  • පොල් තෙල්
  • රතුළුණු
  • අමු මිරිස්
  • බිත්තරයක්
  • සීනි

සාදන ආකාරය

  • මුලින්ම පාන්පිටි ටික භාජනයකට එක් කරන්න.
  • එයට සිනි, ලුණු, තෙල්, බිත්තරය එක්කර අතේ නොගෑවෙන සේ පිටි මිශ්‍රණයක් සදා ගන්න.
  • අවශ්‍යනම් ඔබට වතුර එක්  කරන්න පුළුවන්.
  • ඉන් පසුව අමු මිරිස්, රතුළුණු මෙයට එක්  කරන්න.
  • ඒ වගේම ඔබට මේ සඳහා අවශ්‍ය නම් එළවළු එක් කර ගන්න පුළුවන්.
  • දැන් මෙය පිටි මිශ්‍රනයත් සමග එක් කර බෝල සාදා ගන්න.
  • මෙම කුඩා පිටි බෝල විනාඩි 30ක් පමණ පිරිසිදු රෙදි කැබැල්ලකින් වසා තබන්න
  • පසුව මෙයින් සාදා ගන්න රොටි කබලේ පුළුස්සා ගන්න.

ඔන්න දැන් අපි ලුණුමිරිස සාදා ගන්නයි යන්නේ

අවශ්‍ය ද්‍රව්‍ය :

  • රට ළූණු
  • ලුණු කුඩු හෝ කැට
  • උම්බලකඩ
  • පුළුස්සගත් කරවල
  • දෙහි
  • කෑලි මිරිස්
  • ගම්බිරිස් කුඩු

සාදන ආකාරය

  • මුලින්ම රට ළූණු, කෑලි මිරිස්, ලුණු හොඳින් අඹරා ගන්න.
  • ඉන් පසුව මෙයට ගම්බිරිස් කුඩු, උම්බලකඩ හා පුළුස්ස ගත් කරවල එක්  කර හොඳින් අඹරන්න.
  • අවසානයේ මෙයට දෙහි එක්  කරන්න.

දැන් ඔබට පුළුවන් උණුම උණු රොටි ලුණුමිරිසුත් එක්ක රස විඳින්න.

SHARE