හතු වලින් රස රෙසිපි

තු එහෙමත් නැත්නම් බිම්මල් කියද්දීම කටට කෙල උනනවා නේද ? අපි අද කියා දෙන්න යන්නේ හතු වලින් හදන්න පුළුවන් රසම රස රෙසිපිස් ගැනයි . ඔබත් මේ විදිහටත් හතු රස විදලා බලන්න.


fb-like-beg

∗ හතු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තරමක් විශාලව ලියාගත් හතු
  • ලුණු කුඩු
  • පාන් පිටි
  • බිත්තරයක්
  • එළවලු තෙල්

සාදන ආකාරය :

  • ඔබ මුලින්ම තරමක් ලොකු තීරු ලෙස ලියා ගත් හතු හොඳින් ලුණු මිශ්‍ර ජලයේ පෙගෙන්නට හරින්න. ( විනාඩි 10 ක් පමණ )
  • හොඳින් මිරිකා ජලය ඉවත් කරන්න.
  • දැන් අපි පිටි මිශ්‍රණ සදා ගනිමු.
  • පාන්  පිටි, බිත්තර, ලුණු එකට එක්කර තරමක් උකු මිශ්‍රණයක් සදා ගන්න. අවශ්‍යනම් ජලය ස්වල්පයක් එක් කරන්න.
  • ඉන් පසු භාජනයක් ලිප තබා තෙල් රත් වෙන තුරු තබන්න.
  • තෙල් රත් වූ පසු තෙත් ගතිය ඉවත් කළ හතු, සදා  ගත්  බැටරයේ  පොඟවා රන්වන් පැහැය වන තුරු බැදගන්න.

∗ හතු ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හතු
  • අමු මිරිස්
  • කරපිංචා
  • සුදු ළූණු
  • රතු ළූණු
  • අබ
  • මිටි පොල් කිරි කෝප්පයක්
  • තුනපහ කුඩු
  • කහ කුඩු
  • මිරිස් කුඩු

සාදන ආකාරය :

  • බදුනක් ලිප තබා එයට තෙල් මේස හැඳි තුනක් පමණ එක් කරන්න
  • තෙල් රත් වී ගෙන එන විට එයට කුඩාවට කපා ගත් සුදු ළුණු, රතු ළුණු, කරපිංචා, අමු මිරිස් එක්කර හොඳින් තෙම්පරාදු කරන්න.
  • දැන් ඔබ මෙයට අබ ඇට මේස හැඳි එකක් පමණ එක් කරන්න.
  • මේ සියල්ල හොඳින් තෙම්පරාදු වෙද්දී ඔබට පුළුවන් ලුණු වතුරෙන් සෝදා ගත් හතු එක්  කරන්න.
  • එය මද වෙලාවක් තෙලෙන් තැම්බෙන්න දී, ඔබ එයට තුනපහ තේ හැන්දක් . කහ කුඩු ස්වල්පයක් , මිරිස් කුඩු ඉතාමත් ස්වල්පයක් එක්කරන්න.
  • මෙය මඳ  වෙලාවක් තෙලෙන් තැම්බෙන්න හරින්න. පසුව එයට මිටි කිරි එක්කරන්න.
  • පසුව ඔබ එය හිදීගෙන එන විට අවශ්‍ය ප්‍රමාණයට ලුණු  එක්කර ලිපෙන් ඉවත් කර ගන්න.

∗ හතු තෙම්ප්‍රාදුව

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ප්‍රමාණවත් ලෙස හතු
  • කෑලි මිරිස්
  • ගම්බිරිස් කුඩු
  • රට ළුණු
  • කරපිංචා
  • අමු මිරිස්
  • තක්කාලි සෝස්
  • බිත්තර 1 ක්
  • තෙල්
  • ලුණු

සාදන ආකාරය :

  • මුලින්ම භාජනයක් ලිප තබා එයාට තෙල් එක් කරන්න.
  • තෙල් රත්වී ගෙන  එද්දී  ඔබ එයට ලුණු වතුරින් සෝදා ගත් හතු එක්  කරන්න.
  • මෙය තෙල්වල රන්වන් පාට  වන තුරු බැදෙන්නට හරින්න.
  • පසුව මෙයට  ළූණු, කෑලි  මිරිස් , කරපිංචා, අමු මිරිස් එක් කරන්න
  • සැර  අනුව ගම්බිරිස් එක කරන්න.
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එක් කරන්න.
  • දැන් ඔබ මෙයට බිත්තරය එක් කරන්න.
  • අවසානයේ ඔබට පුළුවන්  සෝස් එක්කරන්න.
SHARE