පි
රිමියෙකු මුලින්ම කාන්තාවකට කැමති වන්නේ ඇගේ රුව දිහා බලලයි. ඉක්මනින් ආදරයෙන් බැඳුනත්, පසු කාලීනව ඇගේ හැසිරීමේ ගැටළු නිසා පිරිමියාට අපහසුතාවයක් දැනෙන්නට පුළුවන්. ඔහු මේ බව ඔබට කිසි දිනෙක හෙළි නොකලත්, ඔහු සිතින් නම් මේවාට අකමැතියි. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 


fb-like-beg


අවන්හලකදී ඔහුගේ පිඟානෙන් ආහාර ගැනීම

පොදු තැන් වලදී විනෝද කතා පවසමින්, සිනහවෙමින් සිටින්නට පිරිමි හරි කැමතියි. එත් ඒ තමන්ගේ යාළුවො එක්ක විතරයි. තමාගේ පෙම්වතිය පොදු තැන් වලදී විනෝදජනකව හැසිරෙන එක ඔහුව අපහසුතාවයට පත් කරවනවා. අනිත් හේතුව තමයි ගැහැණුන්ට සාපේක්ෂව පිරිමින්ට කුසගිනි දැනෙනවා වැඩියි. ඉතින් ඔබ ඔහුගේ පිඟානෙන් ආහාර ලබා ගත් විට ඔහුට මදි වෙනවා. මේ නිසා හොඳම දේ ඔබ ඔහු ගන්නා ආහාරයට කැමති නම්, ඒවා ඇනවුම් කර ගෙන්වා ගැනීමයි.

ඔහු වාසය කරන ස්ථාන පිළිවෙල කරන්නට යාම

පිරිමින්ගේ කාමර, මේසය උඩ දැක්කම ඔබට පිස්සු හැදෙන එක සාමාන්‍යයි. හැබැයි ඔබ ඒවා පිළිවෙල කරන්න යන්න එපා. ඔහුගේ දේවල් අස් කරන්නට යාමෙන් සිදු වන්නේ, තේරුමක් නැති දබරයකට මුල පිරිම පමණයි. ඔහුගේ අවුල් ගොඩ තමයි ඔහුගේ සම්පත. ඔහුට අවශ්‍ය දේවල් ඔහු ඒ අවුල් ගොඩින් සොයා ගන්න හරි දක්ෂයි. එත් ඔබ ඒවා පිළිවෙල කරන්නට යාමෙන් සිදු වන්නේ, ඔහුට ඔහුගේ බඩු තිබුණු තැන් සොයා ගන්නට බැරි වීමයි.

ඕපාදුප කතා කිරීමට ඔහුව සම්බන්ධ කර ගැනීම

ඕපාදුප කතා කිරීම ගැහැණු ගැහැණු අතරේ කල යුතු දෙයකි. ඔහු කතා කරන්නට කැමති ක්‍රීඩා තරඟ, ව්‍යාපාර කටයුතු වැනි පිරිමි කැමති මාතෘකා පමණි. ඔබ එහා ගෙදර සිදුවීම් ගැන ඔහුට පවසනවාට ඔහු එතරම් කැමති නැත. බොහෝ විට ඔහු ඒවා අසා සිටින්නේ ඔබේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසා විය හැක.

විලාසිතා කර ගැටළු ඇති කර ගැනීම

ඔබ විලාසිතා කර සුන්දරව ඉන්නවාට ඔබේ පෙම්වතා තරම් කැමති තවත් අයෙක් නැහැ. ඒත් නොගැලපෙන විලාසිතා කරලා, විවිධ ගැටළු ඇති කරගෙන මැසිවිලි නගනවාට නම් ඔහු කැමති නැහැ. ඔබ ඔහුව හමු වන්නට ආදී උස සෙරප්පු දාගෙන ගිහින්, කකුල කැපෙනවා/ රිදෙනවා කියලා මැසිවිලි නගනවාට ඔහු කැමතිම නැහැ. හිර ඇඳුමක් ඇඳගෙන ගිහින් ඇගට අමාරුයි, හුස්ම ගන්න බෑ වගේ කතා කියනවාටත් ඔහු කැමති නැහැ.

ඔබට අවශ්‍ය ත්‍යාග ගැන හැඟවීම

ඔබේ උපන්දිනයට ඕනේ මොනවාද කියලා ඔහු ඇහුවොත් විතරක් එයට පිළිතුරු දෙන්න. ඔහු ඒ ගැන අහන්නේ නැත්තම්, එහි අදහස ඔහු තනිවම ඔබට ලබා දෙන ත්‍යාගය පිළිබඳව සැලසුම් කරන බවයි. පිරිමින් බොහෝ විට කැමති මුල් තැන ලබා ගන්නයි. ඔහුම තීරණය කර යම් ත්‍යාගයක් ලබා දීමටයි ඔහු කැමති. නමුත් ඔබ ඔබට අවශ්‍ය දේ ඔහුට හගවනවා නම්, ඔබ ඔහුගේ තීරණ වලට බලපෑම් කරනවා කියලයි ඔහු හිතන්නේ.

නිතරම හඬා වැටීම

ගැහැණියකගේ කඳුළකින් කල හැකි බොහෝ දේ තිබෙන බව ඔබ අසා ඇති. රළු හිතක් මෘදු කිරීමේ හැකියාව කඳුලකට තිබෙනවා. නමුත් ඔබ නිතරම හඬා වැටෙන අයෙක් නම්, ඔබේ කඳුලේ ඇති අගයත් හීන වී යනවා. ඉන්පසුව ඔහුට එය දැනෙන්නේ කරදරයක් විදිහටයි. ඔබ හේතුවක් නැතිව හඬන විට ඔහු අපහසුතාවයට පත් වෙනවා. යම් මතභේදයකදී ඔබේ පැත්තට දිනුම ලබා ගැනීම වෙනුවෙන් ඔබ කඳුල භාවිතා කරනවා නම්, ඔහු කලකිරීමට පත් වෙනවා.

සුදානම් වෙන්න වැඩි වෙලාවක් ගැනීම

ඔහු ඔබෙන් අපේක්ෂා කරන්නේ නියමිත වෙලාවට පැමිණීමයි. ඔබ සුන්දරව පැමිණීමත් ඔහු බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබ ප්‍රමාද වී පැමිණ විලාසිතා සිදු කිරීමට කල් ගත වූ බව පවසමින් නිදහසට කරුණු කියනවාට ඔහු කැමති නැහැ. ඔහු ඔබ වෙනුවෙන් පැය ගණනක් රස්තියාදු වීම නිසා ඇති වන නොරිස්සුම නිසා, බොහෝ විට ඔබ කර ඇති සුන්දර විලාසිතා කෙරෙහිවත් ඔහුගේ අවධානය යොමු වන්නේ නැහැ.

SHARE