වි

වාහය නිසා ලැබෙන දහසකුත් පීඩා විඳගෙන, හැමදේම ඉවසගෙන ඉන්න එක යහපත් දෙයක් කියලයි බොහෝ දෙනෙක් සලකන්නේ. දරුවන් වෙනුවෙන්, සමාජයට ඇති බිය වගේ හේතුන් නිසා අතීතයේ ගත් තීරණය වෙනස් කිරීම වරදක් කියලා තමයි බහුතරයක් දෙනාගේ අදහස වෙන්නේ. හැබැයි එය සත්‍යයක් නෙවෙයි. නරක විවාහයකින් ඔබේ ජිවිතයට අත් වන්නේ සුළුපටු හානියක් නම් නෙවෙයි. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන කතා කරන්න.

 


fb-like-beg


ඔබට ගැලපෙන කෙනා හමු වෙන්නේ නැහැ 

ඔබ විවාහකයෙක් නම් ඔබ ඉබේටම විරුද්ධ ලිංගිකයන්ගෙන් ඈත් වී සිටින්නට පෙළඹෙනවා. ඔබට නව මිතුරන් හමු වෙන්නේ නැහැ. ඔබේ විවාහය ඔබට ගැලපෙනවා නම් එහි කිසිම ගැටළුවක් නැහැ. නමුත් ඔබ ඔබේ විවාහය තුල විඳවනවා නම්, එසේ හිඳීමේ අර්ථයක් නැහැ. අසාර්ථක විවාහයක් පුද්ගලයෙක්ට විවාහ ජීවිතය ගැන ගොඩක් පාඩම් කියා දෙනවා. ඒ ඉගෙන ගත් දේවල් වලට අනුව, නැවත තමාට හරියටම ගැලපෙන කෙනාව තෝරා ගන්න හැකියාව ලැබෙනවා.

 

ඔබේ මානසික තත්වය දුර්වල වීම 

නොගැලපෙන විවාහයක් තුල ඔබ බොහොම අපහසුවෙන් හිර වෙලා ඉන්නවා නම්, ඔබේ මානසික සෞඛ්‍යය හෙමිහිට හෙමිහිට පිරිහෙන්න පටන් ගන්නවා. අසතුටෙන්, වේදනාවෙන් දිගු කලක් ගෙවන්නට සිදු වීම නිසා විශාදය වගේ ගැටළු වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. අසාර්ථක විවාහයක හිර වෙලා ඉන්න කෙනෙක් ඒ ගැන දුක් වේවි ජිවත් වෙනවා මිසක් තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන හිතන්නේ නැහැ. අඩුම තරමේ පෙර කරපු විනෝදාංශයක නිරත වෙන්නෙවත් නැහැ. 

 

ඔබේ ශාරීරික සෞඛ්‍යය පිරිහීම 

නොගැලපෙන විවාහයක සිර වී සිටීම ඔබේ ශාරීරික සෞඛ්‍යයටත් හානි කරනවා. පීඩාකාරී සහකරුවෙකු හා ජිවත් වීම ඔබට හෘද රෝග, පිළිකා, ආතරයිටිස්, දියවැඩියාව සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇතිවීමේ අවදානම වැඩි කරවනවා. ඒ විතරක් නෙවෙයි,  ඔබේ සිරුරේ ඇති වන සුළු සුළු සීරීම් තුවාල සුව වීමේ වේගය පවා 40%කින් පමණ පහළ බහිනවා.

 

වෙන් වූ විට ඔබට සතුටක් දැනෙනවා 

ඔබ හිතාගෙන ඉන්නේ වෙන් වීමෙන් අනතුරුව ඔබට දුක හිතෙයි කියලා තමයි. හැබැයි ඒ දුක බොහොම තාවකාලිකයි. ඔබේ සහකරු ඔබට අහිමි වුනත්, ඔබට නැවත ඔබගේ මානසික සතුට සහ නිදහස ලැබෙනවා. ප්‍රශ්නය තුල ගිලි ඉන්නවාට වඩා නිදහසක් සහ සතුටක් ඔබ ඒ ප්‍රශ්නයෙන් පිටතට ඇවිල්ලා බලනකොට ලැබෙනවා. 

 

ඔබේ දරුවන්ට සහනයක් ලැබෙනවා 

බහුතරයක් දෙනා කියන්නේ ඔවුන් දික්කසාද නොවී සිටින්නේ දරුවන් වෙනුවෙන් කියලයි. හැබැයි ගැටුම් සහිත පරිසරයක ජිවත් වෙන්නට සිදු වීම ඔබේ දරුවාට ඊට වඩා අහිතකර ලෙස බලපානවා. දෙමව්පියන්ගේ දබර වලට හැමදාමත් සවන් දීමෙන් ඔවුන් තුල බියගුළු බවක් නිර්මාණය වෙනවා. අසතුටෙන් සිටින දෙමව්පියන් බොහෝ විට තමන්ගේ අසතුට සහ කෝපය පිට කරන්නේ තම දරුවන් පිටිනුයි. එම නිසා එම දරුවන් මානසික ආතතියට පත් වෙනවා. 

 

රූපයේ පැහැදිලි ධනාත්මක වෙනසක් ඇති වීම 

නොගැලපෙන විවාහයක සිර වී සිටින්නෙක් එයින් නිදහස් වෙලා මාස කීපයකට විතර පස්සේ රූපයෙන් සුන්දර වෙනවා. පීඩාකාරී පරිසරයකින් මිදී සුවදායි පරිසරයක ජිවත් වන්නට අවස්තාව හිමි වීම නිසා සිරුර තුලින් අහිතකර හෝමෝනයන් නිපදවීම අඩු වෙනවා. සතුටින් සිටින විට, දුක අවසන් වූ විට එය ඔවුන්ගේ බාහිර පෙනුම තුලින් විදහා පානවා. වෙන් වීමකින් අනතුරුව බොහෝ තෙනෙක් තමන්ගේ ජිවිතයට නව අරමුණු ඇති කර ගන්නවා. තමන් කැමති ක්ෂේත්‍රයේ රැකියාවක හෝ ස්වයං ව්‍යාපාරයක නිරත වෙන්නට පෙළඹෙනවා. සිරුර වෙහෙසීමට අවස්තාවක් ලැබීමෙන් සිරුරේ රැඳී ඇති කැලරි ප්‍රමාණය ගෙවී යනවා.