සුපිරි වෙළඳසැල් වලදී, ආපනශාලා වලදී අම්මලා මිලදී ගන්න දේවල් එපා කියමින් තමන්ට ඕනේ දේ අරන් දෙන්න කියලා අඩ අඬා රණ්ඩු කරන පුංචි පැටව් ඔබ දැකලා ඇති. සෙල්ලම් බඩු කඩ ලඟින් යද්දී ඇවිස්සෙන පුංචි දරුවෝ ඔබ දැකලා ඇති.

ඒ දිහා බලන් ඉන්න ඔබට හිතට දැනෙනවට වඩා වැඩි අපහසුවක් ඒ දරුවාගේ දෙමව්පියන්ට දැනෙනවා. නිවැරදිව දරුවට අවශ්‍ය දේ දන්නෙ දෙමව්පියෝ. ඉතින් දරුවා අඬපු පලියට දරුවට ඕනේ දේ අරන් දෙන්නත් බැහැ. ඒ වගේ වෙලාවක පොඩි එකාව සන්සුන් කර ගන්න ඒ අම්මලාට, තාත්තලාට කොච්චර ලොකු උවමනාවක් දැනෙනවා ඇතිද ? ඉතින් අපි තීරණය කළා අද ඒ ප්‍රශ්නයට විසඳුමක් අපේ වෙබ් සයිට් එක හරහා ඔබට ඉදිරිපත් කරන්න

fb-like-beg


01. ටෙඩි බෙයාර්ගේ උපාය

මේකට කියන්නේ ටෙඩි බෙයාර්ගේ උපාය කියලයි. මේ වැඩේ වෙන ඕනෙම වස්තුවක් එක්ක කරන්න පුළුවන්. ඒත් පොඩි දරුවෝ පුළුන් පිරවූ සත්තුන්ට කැමති නිසා ටෙඩි බෙයාර් කෙනෙක් මේකට වඩාත් සුදුසුයි.

  1. දරුවට හාන්සි වෙන්න කියලා ටෙඩි බෙයාර්ව දරුවාගේ බඩ උඩින් තියන්න. එළිමහන් තැනක නම් දරුවා හිටගෙන ඉද්දීම ටෙඩි බෙයාර්ව අතට දෙන්න. නමුත්, දරුවා හරියටම මේ වැඩේ කරනවද කියලා ඔබ බලාගෙන ඉන්න බව දරුවට හැගෙන්න දෙන්න.
  2. ඔබ කියද්දී ඔවුන්ට ටෙඩි බෙයාර් දිහා බලාගෙනම දිගු හුස්මක් ඉහලට ගන්න කියන්න.
  3. ඔබ තුනට ගණන් කරනකම් ඉඳලා ආයෙත් හුස්ම පහලට හෙලන්න කියන්න.
  4. අඩුම තරමේ මෙය පස් වතාවක්වත් කරන්න. දරුවා සන්සුන් වෙන පාටක් නැත්තම් තවත් කිහිප වරක් කරන්න. කිහිප වරකට පසු අනිවාර්යෙන්ම දරුවා සන්සුන් වේවි.

මේක දරුවාව සන්සුන් කරන්න කදිම උපායක් වේවි. ඔබට පුළුවන් මේ සෙල්ලම් බඩුවට හුරතල් නමක් දාන්නත්. “හුස්ම ගන්න ටෙඩියා” වගේ.

ගැඹුරු හුස්මක වාසි.

ගැඹුරු විදිහට හුස්ම ගන්න එකේ වාසි රැසක් තියෙනවා.

  1. ඔබේ මස් පිඬු ලිහිල් වෙනවා.
  2. ඔක්සිජන් සැපයුම වැඩි වෙනවා.
  3. රුධිර පීඩනය අඩු වෙනවා.
  4. endorphins පිටවීම.
  5. ශරීරයේ අභ්‍යන්තරයේ ඇති අහිතකර දෑ මැඩලීමට උපකාරී වේ.

ළමා කාලයේදී විතරක්ම නෙවෙයි

දැන් ඔබේ දරුවන්ට පීඩනයක්, කලහකාරී සිතුවිල්ලක් ආවම එයින් මිදෙන්න කදිම ක්‍රමයක් තියෙනවා. මේ පුරුද්ද ඔවුන් වැඩිහිටියන් වූ පසුත් අනුගමනය කරාවි. මොකද පුංචි කාළේ තියෙන ප්‍රශ්න වලට වඩා වැඩිහිටි වියේදී එන ප්‍රශ්න බරපතලයි. ඒවාට කලබල වෙන්නේ නැතුව, සාර්ථකව මුහුණ දෙන්න මේ ක්‍රමය ඔබේ දරුවට මහඟු පිටුවහලක් වේවි අනිවාර්යයෙන්ම.


02. වතුර වීදුරුවක්

ඔබේ දරුවට බිමට පිරුණු වතුර වීදුරුවක් ලබා දෙන්න. වතුර වලට පුළුවන් කෙනෙකුගේ මානසික තත්වය සන්සුන් කරවන්න.


03. තදින් වැළඳ ගන්න

වැළඳ ගැනීමකදී දරුවට සෙසු දේ අමතක වි ඔබේ ආදරය දැනෙන්නට පටන් ගන්නවා. Oxytocin හෝර්මෝනය ශරිරය තුල ඇති වි සන්සුන් බවක් ඇති කරවනවා.


04. පුංචි මුලාවක්

“අපි ඇවිදින්න යමු, මම ඔයාට බිමක් අරන් දෙන්නම් ” වගේ දෙයක් දරුවාගේ හිතට දාලා, දරුවා රණ්ඩු කර කර හිටපු හේතුව අමතක කරවන්න.


05. ප්‍රියජනක යමක් බිමට අරන් දෙන්න.

එය හෙමිහිට පානය කරන මෙන් දරුවාට පවසන්න. චොකලට් සහිත බීමක්, උණු කිරි එකක් මෙයට වඩාත් සුදුසුයි.


06. ගණන් කිරීම.

දෑස වසාගෙන එකේ සිට ඉහලට ගණන් කරන මෙන් දරුවාට කියන්න. ගණන් කිරීම සන්සුන් වීමට කදිම උපායක්.


ඒ වගේම ඔබටත් පුළුවන් මේ ක්‍රම අත් හදා බලන්න.

මොකද එදිනෙදා ජීවිතයේදී අපිට ඕනේ තරම් ප්‍රශ්න එනවා. අපිට තරහා යනවා. ඕනේ තරම් පීඩාවන් හිතට එනවා. ඉතින් මේ ක්‍රම ඔබේ දරුවට විතරක්ම නෙවෙයි, ඔබටත් ගොඩක් ගැලපෙන සරල ක්‍රමයන් කීපයක් වේවි.

SHARE