බේ දරුවාව ඔබේ සෙවණ යට තබා ගන්න බැරි වෙන මොහොතවල් උදා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පිළිගැනීම සහිත, ආරක්ෂාව සහතික කරන ලද නේවාසිකාගාරයක දරුවා නවත්වන එක වඩා හොඳ විකල්පයක් වේවි. ඥාතීන් ළඟ විශ්වාසය තියලා දරුවන්ව නවත්වන එක එතරම් සුභ නොවූ අවස්ථා ඕනේ තරම් වාර්තා වෙලා තියෙනවා.

 


fb-like-beg


 

ධම්මිකාගේ සැමියා මිය ගිහින් මාස තුනකුත් ගත වුනාට පස්සේ ඇය තීරණය කළා දුර පලාතක රැකියාවකට යන්න. ඒ තීරණයට හේතු වුනේ ඇගේ එකොලොස් හැවිරිදි දියණිය වෙනුවෙන් තව දුරටත් වියදම් කරන්නට ඇය සතුව මුදල් නොමැති වීමයි. ඉතින් ඇය ඒ වෙනුවෙන් දියණියව අලුත් පාසලකටත් ඇතුළු කලා. ඒ එම පාසලේ නේවාසිකාගාරයක් ඇති නිසායි.

ධම්මිකා හැම දේටම කලින් ගිහින් නේවාසිකාගාරයේ පාලිකාව එක්ක කතා කරන්න තීරණය කළා.

“අපි දරුවාගේ සම්පුර්ණ වගකීම ගන්නවා. මෙතන බොහොම ආරක්ෂිතයි. අපි පුරුෂ පක්ෂයට නේවාසිකාරයට ඇතුළු වෙන්න අවසර දෙන්නේ නැහැ. ඒ වගේම දරුවට කාල සටහනකට අනුව වැඩ කරන්න මෙහෙදී පුරුදු කරනවා. ගෑනු ළමයෙක් තුල තියෙන්න ඕනේ කුසලතා හැම දෙයක්ම මේ නේවාසිකාර ජිවිතයෙන් දරුවට ලැබෙන එක අනිවාර්යයි. ඒ වගේම අනිවාර්යයෙන්ම පාඩම් කල යුතු වෙලාවක් අපි ඒ කාල සටහනෙන් වෙන් කරනවා. මොකද දරුවෝ කියන්නේ සෙල්ලමට බර කට්ටියක්නේ”

පාලිකාව කිව්වම ධම්මිකා දිගු සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා. දරුවාගේ අනාගතය සුරක්ෂිත වෙයි කියලා ධම්මිකාට හිතුනා.

ඊටත් පස්සේ ධම්මිකා තමන්ගේ සැමියාගේ එකම අක්කගේ ගෙදර ගියේ තමන්ගේ තීරණය ගැන කියන්න. හැබැයි මේ ගැන අහපු අක්කා නම් හොඳටම කලබල වුණා.

“නංගි මොකද්ද මේ කරන්න හදන අපරාදේ? අර පොඩි එකීව පිට නවත්තන්නේ කොහොමද? ඒ දරුවා ආදරයක් නැතුව හැදෙද්දී මුරණ්ඩු වෙයි. ඕවයේ ඉන්න අනිත් කෙල්ලෝ කොහොමද දන්නෙත් නැහැ. ආරක්ෂාව ගැන සහතික වෙනවා කිව්වට අපි දන්නේ නැහැනේ ඔය සුරංගනා කතා ඇත්තද කියලා?”

“අනේ අක්කේ…”

“ඔය දරුවාගේ ඉගෙනීමත් කඩා කප්පල් වෙන වැඩක් ඕක. අනිත් එක නංගියේ අපි ඉන්නවා කියලා අමතක වෙලාද මේ දරුවාව පිට නවත්තන්න යන්නේ? ඔය හොස්ටල් වලට සල්ලි විසි කරන්න ඕනෙද? ලමයව අපේ ගෙදර නැවැත්තුවා නම් ඉඳුම් හිටුම්, කෑම බීම ඔක්කොම නොමිලේ හම්බෙනවනෙ. නිකන් පිස්සු වැඩ නොකර ලමයව මෙහෙ නවත්තන්න ධම්මිකා.”

ඉතින් මේ කතා වලට භය වුනු ධම්මිකා තමන්ගේ දියණියව ඒ ගෙදර නවත්තන්න තීරණය කළා.

ඒත් ඊට පස්සේ සිද්ධ වුනේ නම් එච්චර හොඳ දෙයක් නෙවේ. වෙනදා පංතියේ පළවෙනියා වුනු දැරියගේ ලකුණු මට්ටම එන්න එන්නම පහල වැටුනා. ධම්මිකා මුලදී හිතුවේ තාත්තා නැති දුක නිසා දියණිය මනසින් වැටිලා කියලයි.

මාස කීපයකට පස්සේ ධම්මිකා තීරණය කළා දියණිය එක්ක මේ ගැන කතා කරන්න. වැඩපොලෙන් නිවාඩුවක් අරගෙන ආපු ධම්මිකා දියනියවත් අරගෙන අවන්හලකට ගොඩ වැදුනා.   

“දුවේ, අම්මා අච්චර දුක් විඳ විඳ රස්සා කරන්නේ මගේ දූට හොඳට උගන්නන ඕනේ නිසානේ. මට තේරෙන්නේ නැහැ දුව එන්න එන්නම දුර්වල වෙන්නේ ඇයි කියලා.”

“ඉතින් මට ඉස්සර ගෙදරදී වගේ පොත් බලන්න වෙලාවක් නෑනේ අම්මා.” දියණිය කිව්වේ මහා හෙම්බත් හඬකින්.

“ඒ ඇයි දුවේ එහෙම කියන්නේ?”

“ඉතින් නැන්දා මගෙන් හැම තිස්සෙම වැඩ ගන්නවනේ. එයාලා මට කන්න කෑම බීම දෙන නිසා ගෙදර වැඩ කරන්න කියනවා. ගැහැණු ළමයි ඉගෙනගෙන වැඩක් නෑලු. ගෙදර වැඩ පුරුදු වෙන්න කියනවා.” දියණිය කියද්දී ධම්මිකා ගැස්සිලා ගියා.

මේ ගැන අහලා අක්කාව තරහ කර ගන්නත් බැරි නිසා ධම්මිකා හෙමිහිට ආයෙමත් දියණියව නේවාසිකාගාරයට ඇතුළු කරවන්න සුදානම් කළා.

ඉහත සිදුවීම සාමාන්‍ය සිදුවීමක්. ආදරයෙන් ගෙදරට භාර ගන්න දරුවට පස්සේ පස්සේ වෙනස්කම් කරන ඥාතින් නැතුවම නෙවෙයි.

ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වූවත් ඥාති නිවසකට වඩා, ආරක්ෂාව පිළිබඳව සහතික කල නේවාසිකාගාරයක් සුදුසුයි. මොකද කියනවා නම්, ළමා අපචාර සම්බන්ධ සිදුවීම් වලදීත් වැඩි ප්‍රතිශතයක් වාර්තා වී තිබෙන්නේ දරුවාට සමීපම පුද්ගලයෙකු අතින් සිදු වූ අපචාර සිදුවීම්ය.  

 

SHARE