පිරිමියෙකුව තේරුම් ගන්න ගන්න එක සමහර වෙලාවට හරිම අපහසුයි. එක් තරුණ ගැහැණු ළමයෙක් අපට ඇයගේ අත්දැකීමක් ගැන කිව්වා. ඇයට ඔහුව මුණ ගැහිලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේදී. ඇය කියනවා ඔහු තමාව ආශ්‍රය කළේ, තමා සමඟ උදේ හවස කතා කළේ, හොයලා බැලුවේ ගොඩක් ආදරණියවයි කියලා. නමුත් ටික දවසක් ගිහින් ඔහු වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන. ඔබ ගැන ආදරයක් නොමැති, කාලය ගෙවා ගන්න පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙක්ව ගති ලක්ෂණ වලින් කලින්ම හඳුනා ගැනීමට පුළුවන් නම් කාන්තාවන්ට මේ වගේ සිත් රිදවීම් වලට මුහුණ දෙන්නට සිදු වෙන එකක් නැහැ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


සියල්ල හොඳින් සිදු වේගෙන යන අතරතුර ඔහු එකවර අතුරුදන් වෙයි

  • දෙදෙනා ඉතා හොඳින් කාලය ගෙවන අතරතුරේ, කිසිදු ගැටළුවක් ඇති නොවීම ඔහු ඔබගෙන් එකවර ඈත් වෙන්න පුළුවන්.
  • මේ වගේ වෙලාවට ඔබට විවධ දේවල් හිතෙන්න පුළුවන්. ඔහු ආදරය ප්‍රකාශ කිරීමට කාලය ගන්නා බව, ඔබේ ඉවසීම පරික්ෂා කරන බව, ඔහු යම් වැඩක් නිසා කාර්යබහුල වී ඇති බව, ඔහු ආදරය කරන්නට දැන්ම සූදානම් නැති බව, ඔහු නොබෝ දිනකින්ම නැවතත් ඔබ වෙත එන බව ඔබ විශ්වාස කරනවා වෙන්න පුළුවන්.
  • නමුත් මෙහිදී ඇත්තටම සිදු වන්නේ ඔහු ඔබව උපක්‍රමශීලිව භාවිතා කිරීමකුයි. ඔහු මේ වන විට ඔබ එකවරම අපහසුවට පත් වූ ආකාරය ගැන සිතමින් විනෝද වෙනවා ඇති. ඔබේ සිත තුල ආදර හැඟීම් අවුළුවා, ඔබව ඔහු වෙත ගෙන්වා ගැනීමට දරණ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. නමුත් සැබෑවටම ආදරය පිරිමියෙක් තමාගේ සිත් ගත යුවතියකට මෙවැනි දේ කරන්නේ නැහැ. මෙයින් වැටහෙන්නේ ඔහුට ඔබව දිගුකාලීනව අවශ්‍ය නොවන බවයි. ඔහු වෙත ඔබව ගෙන්වා ගැනීමට කටයුතු කිරීමෙන්, යම් දිනක ඔහුට ඔබව ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාවක් ලැබෙනවා.“මට නම් ඔයා ගැන ආදරයක් ඇති වුණේ නැහැ කවදාවත්. ඔයා තමයි බලෙන් කතා කර කර පස්සෙන් ආවේ.” මේ ලෙස ඔහු යම් දිනක ඔබට පැවසීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

ඔබ ගැන උනන්දු වන අනෙක් තරුණයින් සමඟ ඔහු තරඟ කරනවා

  • ඔබ ගැන වෙනත් තරුණයන් උනන්දු වෙන වෙලාවට කොහේදෝ සිට ඔහු ඒ මැදට පැමිණෙනවා. නමුත් විශේෂම කාරණය වන්නේ ඔහු ඔබ වෙත පැමිණෙන්නේ එවැනි අවස්ථාවල පමණක් වීමයි. නමුත් එය ඔබට දැනෙන්නේ නැහැ.
  • මේ වගේ අවස්තාවක ඔබට සතුටක් දැනෙනවා. ඔහු තුල ඊරිසියාවක් ඇති වී ඇති බව ඔබට හැඟෙනවා. ඔහුට ඔබ ගැන ආදරයක් ඇති බවත්, ඔහු ඔබව අහිමි කර ගන්න බිය නිසා තරඟයට පැමිණි බවත් ඔබ උපකල්පනය කරනවා.
  • ඒත් ඇත්තටම වෙන්නේ ඔබ නොසිතන දෙයක්. ඔහුට අවශ්‍ය ඔබ සමඟ සබඳතාවයක් ගොඩ නගා ගැනීමට නෙවෙයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ඔහුට සුදුසු අයෙකු මුණ ගැසෙන තුරු ඔබව ළඟ තබා ගැනීමටයි. එතෙක් කල් ඔහු ඔබ ගැන උනන්දු වන තරුණයන් සමඟ තරඟ කරමින් පමණක් සිටීවි. ඔහු වෙනත් කෙනෙකු සමඟ සබඳතාවයක් ඇති කර ගත විට ඔබ තනි වේවි.

මිත්‍රත්වය ගැන කතා කරමින්, ඔබ ගැන ලිංගික ආකර්ෂණයක් ඇති ලෙස හැසිරේවි

  • ඔහු වචනයෙන් නම් මිත්‍රත්වයෙන් එහාට යන්නේ නැහැ. ඔබ ඔහුගේ හොඳම මිතුරියක් හෝ සහෝදරියක් බව ඔහු පවසාවි. නමුත් ඔහුගේ ඉඟි බිඟි වලින් සහ හැසිරීමෙන් ඔබට දැනෙන්නේ ඔබ වෙත ඔහු ලිංගිකව ආකර්ෂණය වී ඇති බවකුයි.
  • මේ වගේ අවස්තාවක ඔබ සිතන්නේ ඔහු ඔබට ආදරය කරන බවයි. ඔහු ඔබට වශී වී ඇති බවයි. ඔහු ඔබෙන් ආනාගතයේදී ආදරය ඉල්ලන බවත්, ඊට පෙර ඔහුට හොඳ මිතුරුකමක් අවශ්‍ය බවත් ඔබ විශ්වාස කරනවා.
  • නමුත් මෙහිදී ඇත්තටම සිදු වී තිබෙන්නේ ඔබේ සිතේ ඔහු ගැන ආදරයක් ඇති බව ඔහු වටහාගෙන තිබීමයි. මෙය ඔහුට විනෝදයක් වන අතර, ඔහු දිගින් දිගටම ඔබේ සිතිවිලි සමඟ සෙල්ලම් කරනු ඇත. ඔහුට කම්මැලි සිතුනු විට හෝ පෙම්වතියක් මුණ ගැසුණු විට ඔහු ඔබගෙන් ඉවත් වනු ඇත. ඔහු ඔබට ඉඟි බිඟි පා, ආකර්ෂණය වුණා සේ හැසුරුණු බව ඔබට කිසි දිනෙක ඔප්පු කිරීමට නොහැකි වනු ඇත.

මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 1 කොටස

මෙම ලිපියෙ තෙවන කොටස සදහා පිවිසෙන්න –

කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 3 කොටස

SHARE