පිරිමියෙකුව තේරුම් ගන්න ගන්න එක සමහර වෙලාවට හරිම අපහසුයි. එක් තරුණ ගැහැණු ළමයෙක් අපට ඇයගේ අත්දැකීමක් ගැන කිව්වා. ඇයට ඔහුව මුණ ගැහිලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේදී. ඇය කියනවා ඔහු තමාව ආශ්‍රය කළේ, තමා සමඟ උදේ හවස කතා කළේ, හොයලා බැලුවේ ගොඩක් ආදරණියවයි කියලා. නමුත් ටික දවසක් ගිහින් ඔහු වෙනත් කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති කරගෙන. ඔබ ගැන ආදරයක් නොමැති, කාලය ගෙවා ගන්න පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙක්ව ගති ලක්ෂණ වලින් කලින්ම හඳුනා ගැනීමට පුළුවන් නම් කාන්තාවන්ට මේ වගේ සිත් රිදවීම් වලට මුහුණ දෙන්නට සිදු වෙන එකක් නැහැ. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


ඔහු ඔබ ගැන උනන්දු වෙන්නේ ලොකු කාල පරතරයකට වතාවක්

  • පිරිමියෙකු ඔබ ගැන උනන්දුවක් දක්වපුවම ඔබට දැනෙනවා ඔහු ඔබ ගැන කැමැත්තෙන් සිටින බව. ඇත්තටම ඔහුටත් ඔබ ගැන උනන්දුවක් ඒ මොහොතේ තියෙන්න ඇති.
  • ඒත් ඔහු දෙවන වතාවට ඒ විදිහට ඔබ ගැන උනන්දුවෙන් හොයලා බලන්නේ දවස් ගානකට පස්සෙයි.
  • එතකොට ඔබ හිතන්නේ ඔහුට වෙලාව මදි නිසා හෝ යම් ගැටළුවක් නිසා ඔබ ගැන හොයලා බලන්නේ නැහැ කියලයි. දෙවන වතාවේදී ඔබ ගැන ඔහු උනන්දු වෙනකොට ඔබ සතුටු වෙනවා. එවිට ඔහු නැවත ඔබට කතා කළේ/ හමු වුණේ කල් ගත වෙලා කියන ගැටළුව ඔබ අමතක කරනවා.
  • ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ ඔහුට හදිසියේම ඔබව මතක් වෙලා. එහෙම නැත්තම් ඔහුගේ වැඩ කටයුතු ඔක්කොම කරගෙන ඊට පස්සේ නිකමට වගේ තමයි ඔබ ගැන හොයලා බලලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔහු වරින් වර ඔබේ ජිවිතයට ඇවිත් උත්සාහ කරන්නේ ඔබට ඔහුව අමතක වෙන්නට ඉඩ නොදීමයි.

ඔහු පළවෙනි මෙසේජ් එක එවනවා. නමුත් ඊට පස්සේ නිහඬයි

  • මේකෙදි වෙන්නේ ඔහු හදිසියේම සංවාදය අරඹනවා. ඒත් ඊට පස්සේ ඔහු අතුරුදන් වෙනවා. ඔබ දිගින් දිගටම මෙසේජ් යැව්වත් ඔහුගෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ.
  • මේ වගේ වෙලාවක ඔබට හිතෙන්නේ මෙහෙමයි. “අනේ එයා කාර්යබහුල ඇති. නැත්තම් ෆෝන් එකේ බැටරි බැහැලා ඇති.”
  • ඔහුට ඔබව මතක් වෙලා මෙසේජ් එකක් එවපු ගැන ඔබට හරිම සතුටුයි. ඔහුට ඔබව විශේෂ නිසා ඔබට මෙසේජ් එකක් එව්වා කියලා තමයි ඔබ හිතන්නේ.
  • ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ කලින් සිදුවීමමයි. ඔහු හදිසියේ ඔබේ ජිවිතයට කඩාගෙන පැනලා ඔහුට ඔබව අමතක නැති බව පෙන්වලා, ඔබටත් ඔහු ගැන තියෙන මතකය අළුත් කරලා යනවා. සමහරවිට දවසකට එක මෙසේජ් එකක් විතරක් එවලා, ඔබේ හිතවත්කම දිගටම තියා ගන්න ඔහු උත්සාහ කරනවා ඇති. නමුත් ඒ ඔහු ඔහුගේ දිවියට වෙනත් අයෙකු තෝරා ගන්නා තුරු පමණයි.  

ඔහු ඔබව හමු වන්නේ අන්තර්ජාලයේදී විතරයි

  • වර්තමානයේ ගොඩක් දෙනා සමාජ ජාලා හරහා මිතුරන් ඇති කර ගන්නවා. සමහර වෙලාවට ෆෝන් නම්බර්සුත් මාරු කර ගන්නවා.ඒත් මුණ ගැහෙන්න ඔහුට අවශ්‍යතාවයක් නැහැ. සමහරවිට අවුරුදු ගණන් ඔබ දෙදෙනා සමාජ ජාලා හරහා ඔබේ හිතවත්කම පවත්වාගෙන යනවා ඇති.
  • මේ වගේ වෙලාවක ඔබට හිතෙන්නේ ඔහු ගොඩක් විනීත චරිතයක් කියලා වෙන්න ඇති. අපේ සමාජයේ පිළිගැනීම අනුවත් නොදන්නා පිරිමියෙකු මුණ ගැසීම භයානක දෙයක් ලෙසයි සලකන්නේ. එහි සත්‍යතාවයක් තිබුණත්, ආරක්ෂාකාරී ලෙස, මිතුරන් පිරිසක් හෝ වැඩිහිටියෙකු සමඟ ඔබ දෙදෙනා මුණ ගැසීම වරදක් නොවෙයි.
  • මෙතැනදී ඇත්තටම විය හැක්කේ ඔහුට ඔබව මුණ ගැසීමට අවශ්‍යතාවයක් නොතිබීමයි. ඔහුට අවශ්‍ය ඔබ සමඟ කතා කර කර ඉන්න විතරයි. ඔබව ඔහුගේ සැබෑ ජිවිතයට අවශ්‍ය නැහැ.

ඔහු ආදර වචන නොපැවසිමට පරිස්සම් වෙනවා

ඔබ දෙදෙනා හමු වූ විට ඔහු වචන හසුරුවන්නේ සාමාන්‍ය මිතුරෙකු ලෙස පමණයි. ඔහු එසේ කරන්නේ ඔබ ඔහුගේ මිතුරියක් මිස පෙම්වතිය නොවන බව ඔබට හැඟවීමටයි. ඔහු ඉරියව් වලින් කුමක් විදහා පෑවත්, වචන වලින් ආදරය ගැන නොපැවසීමට ඔහු ප්‍රවේශම් වෙනවා.

මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 2 කොටස

මෙම ලිපියෙ තෙවන කොටස සදහා පිවිසෙන්න –

කාලය ගත කර ගැනීමට පමණක් ඔබව ඇසුරු කරන පිරිමියෙකු හඳුනා ගන්න ලක්ෂණ 10ක් – 3 කොටස

SHARE