පෙ
ම්වතියගේ කැමැත්ත ලබා ගන්නා තුරු ඇය වෙනුවෙන් හැම දෙයම කරන්නට පෙළඹෙන පිරිමින්, කැමැත්ත ලබා ගත් පසුව ක්‍රම ක්‍රමයෙන් පෙම්වතිය පිළිබඳව ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාමාන්‍ය සිදු වීමක් වෙලා තියෙනවා. පෙම්වතුන් ඒ විදිහට හැසිරෙන්නේ පෙම්වතුන්ගේ වරදක් නිසාද?, පෙම්වතියගේ වරදක් නිසාද? ආදරයේදී කාන්තාවට අවශ්‍ය වන්නේ පිරිමියා සමීපයේම රැඳී සිටින්නටයි. නමුත් එම හේතුව නිසාම පිරිමියා කාන්තාව ගැන දක්වන උනන්දුව අඩු වී යනවා. ඉතින් අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


6. රෑ 12 පහු වෙනකම් ඔහු සමඟ කෝල් කර කර, මෙසේජ් කර කර කාලය ගත කරන්නට යන්න එපා. ඔබ ඔබේ සෞඛ්‍යය ගැන සිතන්න. ඔබ අවදිව සිටියත්, නැතත් රාත්‍රී කතා බහෙන් වලකින්න.

Image Source – brightside.me

7. ඔහුගේ සමාජ ජාලා ගිණුම් වලින් ඈත් වී සිටින්න. ඔහු ඔබට මිතුරු ඇරයුමක් එව්වොත් පමණක් එය පිළිගන්න. ඔහු දමන හැම post එකකටම ලයික් දාන්න, කමෙන්ට් දාන්න අවශ්‍ය නැහැ. ඔහුගේ ටයිම් ලයින් එකට එක එක දේවල් දමන්න එපා. ඔහුව ඔබේ හැම දේටම ටැග් කරන්නට යන්නත් එපා.

Image Source – brightside.me

8. දවස පුරා මෙසේජ් කරන්නට යෑමෙන් සිදු වන්නේ ඔබ දෙදෙනාට සැබෑවටම මුණ ගැසීමට ඇති අවශ්‍යතාවය සහ උනන්දුව හීන වී යාමයි. මේ නිසා මෙසේජ් කිරීම මඟින් සබඳතාව පවත්වාගෙන යාම හැකි තරම් සීමා කරන්න. සබඳතාවය පවත්වාගෙන යාම සඳහා ඔබව නිතර නිතර මුණ ගැසීමේ අවශ්‍යතාවය ඔහු තුල ඉබේම ඇති වන්නට සලස්වන්න.

Image Source – brightside.me

9. Smileys, එහෙම නැත්තම් “හිනා මුහුණු” ඔහු වෙත යැවීම අඩු කරන්න. ඔබේ මිතුරියන්ට Smileys යැවීම සුදුසු වුනත්, පෙම්වතා වෙත නිතර යැවීම සුදුසු නැහැ. එයින් ඔබේ නොපැසුණු බව හෙළි කෙරෙනවා.  

Image Source – brightside.me

10. ඔබට ඔහු සමඟ පැය 24ම ගත කිරීමට අවශ්‍යතාවයක්, ආශාවක් ඇති වීම බොහොම සාමාන්‍යයි. නමුත් ඒ වෙනුවෙන් ඔබ ඔබේ සියලු වැඩ රාජකාරි අමතක කර ඔහුව සොයාගෙන යෑමෙන් වළකින්න. ඔහුගේ වැඩ රාජකාරි කැප කර, ඔබ වෙත ඒමට ඔහුට ඉඩ දෙන්න. ඔබ ඕනෑම මොහොතක ඔබේ වැඩ අතපසු කර හෝ ඔහු වෙත ඒමට සුදානම් බව ඔහු අවබෝධ කර ගත්තොත්, ඔහු ආත්මාර්ථකාමී ලෙස ඔහුගේ සියලු වැඩ අවසන් වූ පසුව ඔබ වෙත ඒමට පුරුදු වේවි.  

Image Source – brightside.me

මෙම ලිපියේ පළමු කොටස සඳහා පිවිසෙන්න –

ඔබේ පෙම්වතාව ඔබ වෙත රඳවා ගන්න ටිප්ස් කීපයක් – 1 කොටස

SHARE