පෙ
ම්වතියගේ කැමැත්ත ලබා ගන්නා තුරු ඇය වෙනුවෙන් හැම දෙයම කරන්නට පෙළඹෙන පිරිමින්, කැමැත්ත ලබා ගත් පසුව ක්‍රම ක්‍රමයෙන් පෙම්වතිය පිළිබඳව ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සාමාන්‍ය සිදු වීමක් වෙලා තියෙනවා. පෙම්වතුන් ඒ විදිහට හැසිරෙන්නේ පෙම්වතුන්ගේ වරදක් නිසාද?, පෙම්වතියගේ වරදක් නිසාද? ආදරයේදී කාන්තාවට අවශ්‍ය වන්නේ පිරිමියා සමීපයේම රැඳී සිටින්නටයි. නමුත් එම හේතුව නිසාම පිරිමියා කාන්තාව ගැන දක්වන උනන්දුව අඩු වී යනවා. ඉතින් අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


1 දුරකථනය නාද වෙනවා ඇහුනු ගමන් කර කර ඉන්න වැඩේ දාලා දුරකථනය ලඟට දුවන්න එපා. ඔබ කර කර හිටපු වැඩේ ඉවර කරලා දුරකථනය පිළිතුරු දෙන්න. ඔබ කාර්යබහුල වීම කියන්නේ වැරදි දෙයක් නෙවෙයි.

Image Source – brightside.me

2 ඔහු එවන මෙසේජ් එකට කෙටියෙන් පිළිතුරු යවන්න. අහන ප්‍රශ්නයට උත්තර දුන්නම හොඳටම ප්‍රමාණවත්. ඔහු එක මෙසේජ් එකක් එව්වම පිළිතුරු විදිහට මෙසේජ් තොගයක් යවන්න එපා.

Image Source – brightside.me

3 මෙසේජ් එකක් ආපු ගමන් එයට පිළිතුරු සැපයීම අවශ්‍ය නැහැ. ඔහු දවසේ එවන පළමු මෙසේජ් එකට පිළිතුරු යවන්න පැයක් පමණ ගියාට පහු කලාට කමක් නැහැ. දවස තුල එවන ඉතිරි මෙසේජ් වලටත් පිළිතුරු යවන්න විනාඩි කීපයක් පහු කරන්න. ඔබ ඔබේ විනෝදාංශ වලට, නිදහසේ සිටීමට ඒ කාලය වෙන් කරන්න.

Image Source – brightside.me

4 ඔබේ කාර්යබහුලත්වය ගැන ඔහු ප්‍රශ්න කරලා එවන මෙසේජ් නොසලකා හරින්න. ඒවාට නිදහසට කරුණු කියන්නට අවශ්‍ය වන්නේ නැහැ.

Image Source – brightside.me

5 ඔයා කරන හැමදේම ගැන වාර්තාවක් ඔහුට දෙන්නට යන්න එපා. ඔබ කරන කියන හැම දේම මොහොතින් මොහොත ඔහුට දන්වනකොට ඔහුට ඔබ ගැන සිතන්නට දෙයක් ඉතිරි වන්නේ නැහැ. “එයා මේ වෙලාවේ මොනා කරනවා ඇතිද? ඉන්නේ කොහේ වෙන්න ඇතිද?” කියලා කල්පනා කිරීමේ අවස්තාව ඔහුටම ලබා දෙන්න.    

Image Source – brightside.me
SHARE