බොහෝ දෙමව්පියන්ගෙන් ඇසෙන මැසිවිල්ලක් තමයි ‘අනේ අපේ දරුවා පොතක් පතක් කියවන්න හරිම කම්මැලියි’ කියන එක. එහෙත් එහි වරද දරුවන්ගේ නෙවෙයි. ඇත්තටම එය බාරගත යුත්තේ දෙමව්පියන් වන ඔබයි. කුඩා කළ සිටම දරුවා කියවීමට හුරු කරනවානම් පසු කාලීනම ඇති විය හැකි ඉගෙනීම සම්බන්ධ ගැටළු මග හරවා ගත හැකියි.

fb-like-beg


දරුවා කියවීමට හුරු කරන විට දෙමව්පියන් ලෙස ඔබ මතකයේ තබා ගත යුතුවන්නේ සෑම දරුවෙකුන ‘පොත් ගුල්ලෙකු’ නොවන බවයි. ඒ නිසා කියවන ලෙස දරුවාට අනවශ්‍ය ලෙස බලපෑම් නොකර සිටීමට ඔබ වග බලා ගත යුතුයි.

මේ ලිපිය ලියැවෙන්නේ කුඩා දරුවන්ට පොත් කියවීම හුරු කරවීමට දෙමව්පියන්ට කළ හැකි දෑ පිළිබඳවයි.


රූප බහුලව ඇති පොත් ඔවුන්ට ගෙනැවිත් දීම

කුඩා දරුවන් රූපවලට කැමතියි. ඒ නිසා කියවීම හුරු කරවන විට අලංකාර රූප වලින් වෛවර්ණ වූ කතා පොත් ඔවුන්ට ලබා දෙන්න.


රූප පිලිබඳ ඔවුන්ගෙන් විමසීම.

මෙහිදී දරුවා ඒ රූප දෙස බලා ඔහුගේම කතාවක් ගොතාවී. මේ කොයි ආකාරයට වුවත් සිදුවන්නේ නිර්මාණශීලී දරුවෙකු බිහිවීමයි.


පොත් කියවන අතරතුර දරුවා සුරතල් කිරීම.

මෙයින් දරුවාට සුව පහසු හැඟීමක් ඇති වනවා. ඔබ සමඟ පොත් කියවීම ඔවුන් පුරුද්දක් කරගන්නවා.


දරුවාට වැටහෙන ආකාරයට ඔබේ අත්දැකීම් සහ අදහස් ද පැවසීම.

දරුවාට පොත් කියවීම යනු වඩා රසවත් අත්දැකීමක් වෙන්නේ මෙවිටයි. දරුවාට ප්‍රායෝගිකව දැනුම ලබන්න මෙය පිටුවහලක් වනවා.


ඉහත සියල්ලටම අමතරව,

  • පොතේ එන කතාව සත්‍ය ජීවිතය සමඟ සම්බන්ධ කිරීම.
  • පොතේ එන කතාව පිලිබඳ දරුවා සමඟ සංවාදයක් ඇති කරගැනීම
  • පොතේ එන කතාව නාට්‍යානුසාරයෙන් දරුවාට කියා දීම.
  • දරුවාගෙන් ප්‍රශ්න ඇසීම.
  • සෑම විටම දරුවාගේ අදහස්වලට මුල් තැන දීම

ආදී දෑ ද ඔබට කළ හැකියි. පොත් කියවීම දරුවාට මෙන්ම ඔබට ද සුන්දර අත්දැකීමක් වනවා නොඅනුමානයි.

SHARE