පෙ
ම් යුවලක් ආදරයෙන් බැඳෙන්නේ මොන තරම් නම් පෙරුම් පුරලද? සමහර ආදර කතා නම් කාලයක් ගෙවිලා යද්දී බිඳිලා යන්නේ හිතන්නෙවත් නැති විදිහට. ඒ නිසා තමයි ඔබ ආදරය පටන් ගන්නවා නම් එය හැමදාටම රැක ගන්නේ කොහූමද කියන කාරනාව ගැන දැනුවත් වෙන්න ඕනේ. හැමදාම වෙනසක් නැතුව ආදරයෙන් බැඳිලා ඉන්න තියෙනවා නම් කොච්චර වාසනාවක්ද නේද?

 


fb-like-beg


 

1 තමන්ගේ අදහස් උදහස් සඟවන්නේ නැතිව හෙළි කිරීම  

ගොඩක් ආදර කතා වල ගැටළු ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි අසාර්ථක සන්නිවේදනය. ඒ කියන්නේ හිතට දැනෙන සිතුවිලි නොකියා සඟවා ගැනීම.  ඔබට දැනෙන හැඟීම් ඔබේ සහකාරයාට නොසඟවා පැවසීමෙන් ඔබේ සහකරුට ඔබව තේරුම් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනවා. එහෙම නැතුව ඔබේ සහකරු ඔබව තේරුම් ගත යුතු යැයි හිතන එක සුදුසු නැහැ. එය ප්‍රශ්න ගණනාවකට මුලක්. ඒ වගේම තමයි ඔබත් ඔබේ සහකරු ඔබට යමක් කියනකොට එයට හොඳින් සවන් දෙන්න. ඔබේ සහකරු ඔබට යමක් පවසද්දී ඔබ අනවධානයෙන් සිටිනවා නම්, ඔබට ඔබේ සහකරුවාව නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා.

2 ආදරේට කොන්දේසි දාන්න යන්න එපා

ආදරේ කියන්නේ තරාදියකින් මැනලා බලලා දිය යුත්තක් නෙවෙයි. අනිත් කෙනා තමා වෙනුවෙන් මොනවද කරන්නේ කියලා ඉස්සෙලා බලලා, ඔබත් ඒ ප්‍රමාණයට ආදරේ කරන්න යනවා නම් ඔබේ ආදර කතාව අසාර්ථක වේවි. බහුතරයක් පෙම්වතුන්

අනෙකා තමාට වියදම් කරන ප්‍රමාණය, තමාට ලබා දෙන ත්‍යාගයේ වටිනාකම බලලා එයට ගැලපෙන්නට ආදරය කරන්නට ගිහින් හැමදේම වැරැද්ද ගන්නවා. ආදරය ලබා ගත යුතු හොඳම මාර්ගය ආදරය ලබා දීමයි. ඔබ වැඩියෙන් ආදරය කරද්දී, ඔබේ සහකරු ඔබට තව තවත් ආදරය ලබා දීමට පෙළඹෙනවා ඇත.

3 විශ්වාස කිරීම

අවිශ්වාසය සහ සැකය ආදරයට විෂයි. සමහර පෙම්වතුන් අනිත් කෙනාට කිසිම නිදහසක් නොදී කොටු කර තබා ගැනීමට උත්සාහ කරන්නේ අනෙකා ගැන විශ්වාසයක් නැති නිසයි. ගොඩක් දෙනා වැඩි ආරක්ෂාව පිණිස කියමින් අනෙකාට නීති දැමීමට පෙළඹෙනවා. බොහෝ විට එය අනෙකාට දැනෙන්නේ කරදරයක් ලෙසයි. ප්‍රේමය ඇරඹුණු මුල් කාලයේදී නීති පිළිපදින්නට උත්සාහ කලත් පසුකාලීනව එය කරදරයක් බව හැඟී ප්‍රේමය නිමා කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙනු දකින්න පුළුවන්. ඔබත්, ඔබේ සහකරුත් එක පුද්ගලයෙකු නොව පුද්ගලයන් දෙදෙනෙක් බව වටහා ගන්න පුළුවන් නම් ඔබ මෙසේ අනවශ්‍ය කොන්දේසි දාන්න යන්නේ නැහැ. තමන්ගේ සහකාරයාව සැක කරන්නට යාම සිත් බිඳීම් ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වෙනවා.

4 සමාව දීමට පසුබට නොවීම

වැරදි සිදුවීම මනුෂ්‍ය ස්වභාවයක්. සමාව දීලා නැවත ආදරය ලබා දීම හොඳ පෙම්වතෙකුගේ/ පෙම්වතියකගේ ලක්ෂණයක්.  පරිපුර්ණ පුද්ගලයන් මේ ලෝකය තුල නැහැනේ. එහෙනම් ඉතින් තමන්ගේ සහකරු තුලින් පරිපුර්ණත්වය සොයන්න යන්න එපා. සුළු වරදක් වූ විට, ලෝක විනාශය ඇති වුවා සේ කලබල වී ගැටුම් ඇති කර ගන්න එපා. ඔබ ඔබේ සහකරු දෙස සාමාන්‍ය මනුෂ්‍යයෙකු දෙස බලනා ආකාරයෙන් බලන්නේ නැති නම්, ඔබේ සහකරුගේ සුළු සුළු වැරදි අඩුපාඩු වලට සමාව දෙන්නේ නැති නම් ඔබේ ආදරය අනතුරේ.  

5 ප්‍රශ්න සාකච්චා මාර්ගයෙන් විසඳා ගන්න

ප්‍රශ්න ඇති වූ විට බැන වැදීම, පහර දීම, කතා නොකර සිටීම, පවුල තුල කොන් කිරීම, සහකරුගේ වැරදි තැනින් තැන පැවසීම වගේ මෝඩ වැඩ කවදාවත්හ් කරන්න එපා. ප්‍රශ්නයක් විසඳා ගත යුත්හු නිවැරදි ක්‍රමය ඔය එකක්වත් නෙවෙයි. සදාකාලික ආදරයේ රහස ඔවුන් ඒවා විසඳා ගැනීමට කෝපය නිවෙන තුරු සිට, සාකච්චා මාර්ගයෙන් විසඳා ගැනීමයි.

SHARE