මාජයේ තියෙන සාමාන්‍ය මතයට අනුව හොඳ බිරිඳක් කියන්නේ සැමියාට කීකරු, කියන හැම දේටම හිස වනා එකඟ වන බිරිඳකටයි. නමුත් බොහෝ බිරින්දෑවරුන් කරන්නේ නිතරම සැමියා සමඟ දබර කරමින් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ දැරීමයි. නමුත් මේ ක්‍රම දෙකම වැරදියි. හැම දෙයටම එකඟ වීමත්, හැම දෙයටම විරුද්ධ වීමත් යන හැසිරීම් රටා දෙකම යහපත් බිරිඳකගේ ලක්ෂණ නෙවේ. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා උපක්‍රමශීලි වීම මඟින් හොඳ බිරිඳක් වෙන හැටි ඔබට කියා දෙන්න.


fb-like-beg


ඔබේ සැමියාගේ වැරදි අඩුපාඩු දුටු විට කළ යුත්තේ කුමක්ද?

සමහර කාන්තාවන් තමන්ගේ සැමියාගේ යම් අඩුපාඩුවක් දුටු විට ඔහුගේ ඇඟට කඩාගෙන පනිනවා. තවත් කාන්තාවන් පිරිසක් ඉන්නවා, ඔවුන් තම සැමියාගේ වැරදි නොදැක්කා සේ ඉන්නවා. නිතරම චෝදනා කිරීමත්, දිගින් දිගටම නොදැක්කා සේ සිටීමත් යන දෙකම හොඳ බිරිඳකගේ ලක්ෂණයක් නොවේ.

ඔබ නිතරම ඔබේ සැමියාට බැන වදිනවා නම්, ඔහු ඔබ පවසන දේවල් කනකටවත් නොගෙන ඉන්න පුරුදු වෙනවා. ඔබ ඔහුගේ අඩුපාඩු නොදැක්කා සේ සිටීමෙනුත් ඔහුට සහ ඔබේ පවුලට හානි සිදු වෙනවා.

උදා : බීමත්කමේ අහිතකර ප්‍රතිඵල පහදා දිය යුත්තේ ඔහු සිහියෙන් සිටින වෙලාවකයි.

“ඔයාට මොනවා හරි වුණොත් අපිට මොකද වෙන්නේ? ඒ නිසා දරුවෝ දෙන්නා ගැනවත් හිතන්න.”

ඔහු බඩු තැනින් තැන දමනවා නම් එකවර බැන වදින්නට යන්න එපා.

“අපි අපේ දරුවන්ව හොඳින් හදන්න ඕනෙ නේද? අපි එයාලට ආදර්ශමත් වෙන්න ඕනේ.” ආදී ලෙසින් උපක්‍රමශීලිව පහදා දෙන්න.


ඔහු ඔබට නොකළ වරදකට බැන වැදුනොත් කළ යුත්තේ කුමක්ද?

ගොඩාක් පිරිමි අයගේ අඩුපාඩුවක් තමයි සොයා බලන්නේ නැතුව කතා කිරීම. ඒ වගේම තමයි ඔවුන් රැකියා ස්ථානයේ ඇති වූ පීඩනය ඇතැම් විට තම බිරිඳ හරහා පිට කර ගන්නට උත්සාහ කරනවා. ඔබේ අඩුවක් දුටු විට හෝ, ආරංචි වූ විට ඔහු ඔබට බැන වදිනවා නම් මඳක් ඉවසන්න. මඳ වේලාවකින් සත්‍යය ඔහුට පහදා දෙන්න. ගැටළුව විවෘතව සාකච්චා කිරීමට ඔහුව පොළඹවා ගන්න.

ඒ වගේම තමයි ඔහු බොරු වැරදි වලට චෝදනා කරන අවස්ථා වලදී නිහඬව සිටීමෙන්, ඔබ ඔබටම කර ගන්නේ අයහපතක්. අනවශ්‍ය ලෙස ඉවසීමෙන් සිදු වෙන්නේ ඔහුට තවත් ඔබව රිදවීමට අනුබල දීමකුයි. අවශ්‍ය විට විරෝධය පාන්න බිය වන්න එපා. විරෝධයක් නැතිව සියල්ල ඉවසන කෙනෙකුට තව තවත් රිදවීමට සමාජය පසුබට වන්නේ නැහැ.


ඔබ දෙදෙනා අතර ගැටළු වලට අන් අය මැදිහත් වෙනවා වැඩිද ?

ඇතැම් පවුල් වල තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි සැමියාගේ පවුලේ අයගේ මැදිහත්වීම නිසා රණ්ඩු දබර ඇති වීම. මෙවැනි විටකදී බිරිඳ සැමියාගේ පවුලේ අය සමඟ දබර වීමෙන් හා ඔවුන්ව අත හැරීමට සැමියාට බල කිරීමෙන් සිදු වන්නේ සැමියාට තව තවත් ඇය ගැන කලකිරීමයි. මේ නිසා කාන්තාවක් තම සැමියාගේ සිත දිනාගෙන, මේ බව පහදා දීමට උපක්‍රමශීලී විය යුතුයි. සැමියා මුල සිටම ජිවතය ගත කළ ඔහුගේ ඥාතීන්ව ඔහුගෙන් ඈත් කිරීමට දඟලන්නේ නැතුව, තිබෙන ගැටලුකාරී තත්වයන් ක්‍රම ක්‍රමයෙන් ඔහුට දැනෙන්නට දෙන්න.


තීරණ ගැනීමේ ක්‍රියාවලියට බිරිඳ සහභාගී විය යුත්තේ කොහොමද ?

බොහෝ පවුල් වල බිරිඳට තමන්ගේ අදහස් දක්වන්න නිදහසක් නැහැ. එයට ප්‍රධානතම හේතුව තමයි සැමියාගේ පවතින මමත්වය. පවුල තුල තමාට ඇති ස්ථානය බිඳකින් හෝ පහත වැටෙනවාට ඇතැම් පිරිමින් කැමති වන්නේ නැහැ. බොහෝ කාන්තාවනුත් තමන්ගේ අදහස් දැක්වීම සිදු කරන්නේ පිරිමියාගේ මමත්වයට හානි වෙන විදිහට.

“අපෝ ඔයාගේ අදහස නම් හරිම මෝඩයි. ඒ වෙනුවට අපි මෙහෙම කරමු.” කියලා බිරිඳ කිව්වොත් සැමියා කොහෙත්ම ඇගේ අදහස පිළිගන්නේ නැහැ. ඇගේ අදහස නිවැරදි බව ඔහුට දැනුනත් ඔහු නොදැනුනා සේ ඉන්නවා.

නමුත් බිරිඳ උපක්‍රමශීලි විදිහට “ඔයාගේ අදහසත් හොඳයි. ඒත් මට මෙහෙමත් හිතෙනවා. ඔයා මොකද මගේ අදහස ගැන හිතන්නේ?” කියලා ඇහුවොත් සැමියාගේ මමත්වයට හානි සිදු වෙන්නේ නැහැ.

ඔවු එවිට සිතා බලා, තමන්ගේ බිරිඳගේ අදහස වඩා හොඳ බව තේරුම් ගෙන එය ක්‍රියාවට නංවනවා.

ඒ වගේම තමයි ඇතැම් බිරින්දෑවරුන් සැමියා වැරදි තීරණ ගන්නවා දැක දැකත් නිහඬව සිටිනවා. එය හොඳ බිරිඳකගේ ලක්ෂණයක් නෙවෙයි.

SHARE