ගො

ඩක් දෙනාට තමන්ට නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් නිම කරලා එයින් නිදහස් වෙන්න තරම් හිතේ හයියක් නැහැ. සමාජයට තියෙන බය, අනිත් කෙනා ගැන දැනෙන අනුකම්පාව, කාලයක් තිස්සේ තිබුණු මතකයන් අමතක කර ගන්න බැරි වීම වගේ විවිධ හේතු නිසා මිනිසුන් නොගැලපෙන ප්‍රේමයන් ඉදිරියේ අසරණ වෙනවා. ඔබට නොගැලපෙන ප්‍රේම සම්බන්ධතාවයක ඔබ දිගින් දිගටම එල්ලිලා ඉන්නවා නම් ඔබ ඔබටම කර ගන්නේ විශාල හානියක්. ඉතින් අද අපි GOODHOUSEKEEPING.lk වෙතින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබේ නොගැලපෙන ප්‍රේම සම්බන්ධය සාර්ථකව නිම කරලා නිදහස් වෙන්න උදව් වෙන උපදෙස් කීපයකුයි.

 


fb-like-beg


1 ඔබේ ප්‍රේම සම්බන්ධය නිම විය යුතු බව ඔබ ඔබට අවබෝධ කර දෙන්න 

නොගැලපෙන සබඳතාවය නිසා ඔබ අනෙක වාරයක් පසුතැවිලි වෙන්න ඇති. අනෙකාගේ නපුරුකම්, නොසලකා හැරීම් නිසා දුක් විඳින්න ඇති. ඔබ මේ වෙද්දී ඔබේ නොගැලපෙන ආදරය නිසා ඇති තරම් පීඩා විඳින්න ඇති. මේ බව ඔබ ඔබේ යටි සිතට අවබෝධ කර දිය යුතුයි. නැති නම්, ඔබ ඔබේ සබඳතාවයට තිත තබන්නට උත්සාහ කරන හැම වතාවෙම, ඔබේ සිත ඔබව රවටවනු ඇත. ඔබේ යටි සිතේ තැම්පත් වී ඇති අතීත ආදරණිය මතකයන් ඒ හැම අවස්ථාවේදීම ඔබේ සිහියට එනු ඇත. ඔබව තේරුම් ගැනීමට හැකි හොඳම මිතුරා ඔබේම යටි සිත බව විශ්වාස කරන්න. ඔබේ සබඳතාවය නිසා ඔබ විඳිනා පීඩාව ගැන ඔබ ඔබේ සිතට ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කරලා දෙන්න.

2 සමාජයට ඇති බිය නැති කර ගන්න 

ඔබ දෙදෙනාගේ සැබෑ ප්‍රශ්න දන්නේ සමාජය නොව ඔබ දෙදෙනායි. සමාජය ඉදිරියේ ඔබ පෙනී සිටින්නේ ආදරණිය යුවලක් ලෙසින් වෙන්න ඇති. බොහෝ දෙනෙක්ට තම නොගැලපෙන ප්‍රේම සම්බන්ධය නිම කරන්න බැරි සමාජය තමා ගැන වැරදි ඇහැකින් බලයි කියලා බය හිතෙන නිසයි. හැබැයි ඔබ දැන ගන්න ඕනේ ඔබේ සහකරුගේ වැරදි ගතිගුණ සමඟ ජිවිත කාලයම විඳවන්න වෙන්නේ ඔබට මිසක් සමාජයට නොවන බව. ඔබේ සහකරුගෙන් සමාජයට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. නමුත් ඔබ ඔබේ අනාගතය ඔය නොගැලපෙන සහකරුවා එක්ක ගත කරන්න තීරණ කලොත් ඔබට නම් ගොඩක් හානි සිදු වේවි. 

ඒ වගේම සමාජයට ඔබේ තීරණ වලට ඇඟිල්ල දිගු කරන්න අයිතියක් නැති බවත්, සමාජය ඔබට වැරදි කියන්නට ආවොත් ඒ ඔබේ වරදක් නොව සමාජයේ වරදක් බවත් ඔබ වටහා ගත යුතුයි.

3 ඔබ තනි නොවන බව වටහා ගන්න 

සමහරු හිතාගෙන ඉන්නේ තමන්ගේ ප්‍රේමය නිම වුනාට පස්සේ තමන් තනි වෙනවා කියලයි. ඒත් එය වැරදි සිතුවිල්ලක්. ඔබට ආදරය කරන්නට ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ මිතුරන් ඉන්නවා. ඔබේ තනිකම නැති කර ගන්න ඔවුන්ගෙන් ලොකු පිටුවහලක් ලැබෙන බව නොඅනුමානයි.

4 එය ඔබට ගැලපෙන සහකරුවා හොයා ගන්න ලැබෙන අවස්තාවක් 

නොගැලපෙන සහකරුවාව අත් හැරීම ඔබ කල් දාන තෙක් ඔබට ගැලපෙන සහකරුවෙක් හොයා ගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. නොගැලපෙන පුද්ගලයෙක් වෙනුවෙන් ඔබේ ජිවිතයේ වටිනා කාලය ඔබ නාස්ති කරද්දී, ඔබේ ස්වභාවයට ඇත්තටම ගැලපෙන පුද්ගලයන් ඔබට අහිමි වෙලා යාවි. මොකද ඔබ ගැන යම් පුද්ගලයෙක්ට කැමැත්තක් ඇති වුනත්, ඔබ මේ වන විටත් පෙම්වතියක් හෝ පෙම්වතෙක් බව දැන ගත් විට ඔවුන් ඔබ ගැන ඇති වුනු අදහස අමතක කර දමන නිසයි.

5 අතීතය සහ වර්තමානය අතර ඇති වෙනස පැහැදිලිව හඳුනා ගන්න 

ඔබව මුණ ගැසුණු මුල් අවධියේදී ඔබේ සහකරු මේ ලෝකයේ ඉන්නා හොඳම ආදරවන්තයා හෝ ආදරවන්තිය සේ ඔබට දැනෙන්නට ඇති. ඇත්තටම ඔබේ ආදරය දිනා ගන්නා තුරු හෝ ඔබේ කැමැත්ත ලැබුණු මුල් අවධියේදී එක් විදිහකටත්, ඉන් පසු තවත් විදිහකටත් හැසිරෙනවා නම් එය කපටි කමක්. මේ නිසා මුල් කාලයේදී ඔබට ලැබුණු ආදරය ගැන සිතමින්, වර්තමානයේදී දිගින් දිගටම සිදු වන වැරදි ඉවසීම හරිම මෝඩ ක්‍රියාවක්.

SHARE