ර්තමානයේ බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නේ තමන්ගේ ජිවිතයේ අඩුපාඩු දැක දැක ඒ ගැන දුක් වේවි ඉන්නයි. හැමෝගෙම ජිවිත වල අඩුපාඩු වගේම, බොහෝ වටිනා දේවලුත් අඩංගු වෙලා තියෙනවා. මේවා නොදකින කෙනෙක් කරන්නේ තමන්ගේ ජිවිතයට වෛර කිරීමයි. එවිට ඔබේ ජීවිතය දිනෙන් දින පහලට ඇදගෙන වැටෙනවා. හැබැයි ඔබ ඔබේ ජිවිතයට ආදරය කලොත් ඔබේ ජීවිතය ඔබ අපේක්ෂා කරනවාටත් වඩා සුන්දර වෙන බව නම් නොඅනුමානයි.

 


fb-like-beg


 

අනිත් අයගේ ජීවිතය සමඟ ඔබේ ජීවිතය සසඳන්න එපා

අනිත් කෙනාගෙ ජීවිතය තුල ඔබ තුල නැති දස්කම් තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ තුල අනිත් කෙනා තුල නොමැති දස්කම් ඇති බව ඔබ දකින්නේ නැහැ. ඔබ දකින්නේ ඔබට නැති දේවල් පමණයි. තමන්ගේ ජිවිතයට ආදරය නොකරන කෙනෙක් වැරැද්ද ගන්න මුල්ම තැන තමයි මේ සැසඳීම. සැසඳීම මඟින් යහපත් ප්‍රතිඵල ලබා ගත්තු කිසිම කෙනෙක් නැහැ. අනුන් සමඟ තමන්ව සසඳන්න උත්සාහ කරන හැම කෙනෙක්ට ලැබුනේ වේදනාව, අසතුට පමණයි.

 

තමන් සතු දෙයින් ප්‍රයෝජන ගන්න

තමන්ට ආදරය කරන්නට නම් තමන්ගේ ජීවිතය වැඩදායි බව තමාට හැඟිය යුතුයි. හැබැයි අලස කමින් නිකන්ම ඉන්න කෙනෙක්ට තමන්ගේ ජීවිතය වැඩදායි එකක් කියලා කවදාවත් දැනෙන්නේ නැහැ. මේ නිසා මුලින්ම කරන්න ඕනේ තමන් සතු දේවල් මොනවද කියලා හූයා ගන්න එකයි. තමන් සතු දස්කම් ප්‍රයෝජනයට අරගෙන තමන්ටත්, අනුන්ටත් සේවයක් සලසා ගන්න කොට ඉබේටම තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා. තමන් වටිනා පුද්ගලයෙක් බව තමන්ට හැඟෙන්නට පටන් ගන්නවා.

 

ඔබේ ජීවිතය ආරක්ෂා කර ගන්න

සමහර පුද්ගලයන් කෙටි කාලීන සතුටක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවදානමේ හෙලා ගන්නේ හරිම මෝඩ විදිහට. කෝච්චිය එනවා පෙනී පෙනී වාහනය ඉස්සර කරන්න ගිහින් ජීවිතය අහිමි කර ගත්තු කී දෙනෙක් නම් ඇතිද? හදිස්සයක් නැති වුනත් ඉස්සරහින් යන වාහනය ඉස්සර කරන්න තියෙන ආසාව නිසා වේගයෙන් ගිහින් අනතුරු වලට ලක් වෙන කි දෙනෙක් නම් ඉන්නවාද? තමන්ගේ සිරුරට අහිතකර බව දැන දැනම මත්ද්‍රව්‍ය, අජිනමොටෝ සහිත ආහාර වගේ දේවල් ලබා ගන්න පුද්ගලයන් මොන තරම් අපි අතර ඉන්නවාද? ඔබ ඔබේ ජිවිතයට ඇත්තටම ආදරය කරනවා නම් මේ වගේ දේවල් කරන්නේ නැහැ.

 

අධෛර්යමත් වන කරුණු මඟ හරින්න

ඔබ ඔබට ආදරය කරන්න මොන තරම් උත්සාහ කලත් ඇතැම් සෘණාත්මක දේවල් ඔබව අධෛර්යමත් කරනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ වටා මිතුරු වෙසින් සිටින ඇතැම් පුද්ගලයන් ඔබේ වටිනාකම අවතක්සේරු කරන්නට උත්සාහ කරාවි. ඔබේ සිතේ සතුට අතුරුදහන් කිරීමට උත්සාහ දරනා පුද්ගලයන් ඔබව අවතක්සේරු කරද්දී ඔබට ඔබ තුල ඇති වටිනාකම් නොපෙනී යනවා. එවැනි පුද්ගලයන්ගෙන් ඈත් වීම නුවනට හුරුය.

 

අසමත් වීම් වලට සාප කරන්න එපා

අසමත් වීම් සාමාන්‍ය කරුණක්. ජිවිත කාලය තුල අසමත් නොවුණු පුද්ගලයෙක් නැති තරම්. වැරදීම් තුලින් ජීවිතය ගොඩ නංවා ගැනීමත් ගොඩක් වැදගත්. ඒත් ගොඩක් දෙනෙක් කරන්නේ තමන්ට වැරදුනු විට ඒ ගැන දුක් වෙමින්, තමාටම දෝෂාරෝපණය කර ගනිමින් තමාව අවතක්සේරු කර ගැනීමයි. අසමත් වීම් තුලින් ජීවිතය ජය ගත් මිනිසුන් පිළිබඳව අධ්‍යනය කරන්න. ඔබේ සිතට දිරි වඩා ගන්න. අසමත් වීම් තුලින් යමක් ඉගෙන ගන්න. වැරදුනු තැන හඳුනාගෙන මීළඟ උත්සාහයේදී එම වරද නොකර සිටින්න.

 

ඔබේ ඉලක්කය අමතක නොකරන්න

අපි හැමෝටම විවිධ සිහින තියෙනවා. ඒවා ඉලක්කයක් බවට පත් කරගෙන, එම ඉලක්ක නොවෙනස්ව තබා ගන්න. අභියෝග එනකොට, අලසකමක් දැනෙනකොට තමන්ගේ ඉලක්ක අමතක කරලා වෙන වෙන දේවල් පසු පස්සේ දිව යන පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ ජිවිතයට ආදරය කරන කෙනෙක් නෙවෙයි. මේ නිසා තමන්ගේ ඉලක්ක වලට කෙසේ හෝ යාමට උත්සාහ කරන්න.

 

SHARE