වුලක් කියන්නේ ගොඩක් ආදරණිය තැනක්. ඒ විදිහට තමයි හැමෝම පවුල අර්ථකථනය කරන්නේ. නමුත් සමහර වෙලාවට ඔබ ඔබේ පවුල වෙනුවෙන් කැප වෙන ප්‍රමාණය වැඩි වෙන තරමට, ඔවුන්ගෙන් ඔබට එල්ල වන පීඩනය වැඩි වන අවස්ථා තිබෙනවා. ආදරය වෙනුවෙන් කියා සියල්ල දරා ගත්තත් එහි අවසන් ප්‍රතිඵලය ඔබ කායිකවත්, මානසිකවත් රෝගී වීම විය හැකියි. ඔබ තනි පුද්ගලයෙකු ලෙස ජීවිතය තුල දිනා ගත යුතු දේවල් තිබෙනවා. ඔබේ සම්පුර්ණ ජීවිතය පවුල වෙනුවෙන් කැප කිරීමට යාමේදී ඔබට ඇති විය හැකි ගැටළු ගැනයි අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ.


fb-like-beg


1 ඔබ පවුලේ සේවිකාව නොවිය යුතුයි

මවකගේ කාර්යභාරය කිරීමේදී ඔබට නිවාස තුල ගොඩක් වැඩ කිරීමට සිදු වෙනවා. ඔබේ පවුලේ සාමාජිකයන් ඔබේ කාර්යභාරය දැකිය යුත්තේ ඔබ ඔවුන් වෙනුවෙන් කරන ඉහල ගනයේ සත්කාරයක් ලෙසයි. සමහර සැමියන් මෙන්ම දරුවනුත් ඇගේ කාර්යභාරය එසේ දකින්නේ නැහැ. සමහරුන්ගේ දැක්මට අනුව මව පවුලේ සියලු වැඩ කිරීමට බැඳී සිටින පුද්ගලයෙක් පමණයි. එවිට ඔබ ඔබේ සීමාව පෙන්විය යුතුයි.

2 අනුන්ගේ වැරදි ඔබ පිට පටවන විට

“මට ඔච්චර කන්න බෑ කියලා ඔයා දන්නවනේ. ඇයි මම එච්චර කනකම් බලාගෙන හිටියේ? එපා කියන්න තිබුනනේ.”

“එක සැරයක් කතා කළා කියලා මට ඇහැරෙන්න අමාරුයි කියලා දන්නවනේ. කීප සැරයක් කතා කරන්න එපැයි”

“මට අමතක වෙනවා කියලා දන්නවනේ. ඔයා ආයේ සැරයක් මතක් කරන්න එපැයි.”

සමහර ගෙවල් ඇතුලේ නම් මේ වගේ කතා හරි සුලභයි. කාට මොනවා වැරදුනත්, අවසානයේ එහි වැරදිකරු වන්නේ එක පුද්ගලයෙක්. මේ වගේ වෙලාවේදී ඔබ වෙනුවෙන් නැගී සිටින්න. අනුන්ගේ ක්‍රියාවන් වලට ඔබ උදව් කලත්, එහි වගකීම ගත යුත්තේ ඔවුන් මිස ඔබ නොවන බව පැහැදිලිව සහ කරුණාවෙන් වටහා දෙන්න.

3 ඔබේ දියුණුවට බාධා ඇති කරන විට

විවාහයෙන් පසු රැකියාවක් කිරීමට කැමති සහ අකමැති කාන්තාවන් දෙවර්ගයක් සිටිනවා. රැකියාවක් කිරීමට සහ ඉහලට ඉගෙන ගැනීමට කැමති කාන්තාවන්ට බාධා කිරීම නුසුදුසු ක්‍රියාවක්. ඒ නිසා ඔබට බාධා කරන්නට ඉඩ දෙන්න එපා. අධ්‍යාපනය නොලැබීම හෝ රැකියාවක නිරත නොවීම යන තීරණ ලබා ගත යුත්තේ ඔබේ කැමැත්ත මත පමණක් බව මතක තබා ගන්න.

4 වගකීම් සියල්ල ඔබ මත පටවන විට

නිවසක වගකිම් බෙදා හදා ගත යුතුයි. නිවසේ වැඩ රාජකාරි කිරීමට දරුවන්ටත් කුඩා කල සිට හුරු කල යුතුයි. සමහර නිවෙස් වල සියලු වැඩ කටයුතු එක් අයෙකු විසින් පමණක් කරන අවස්ථා තිබෙනවා. පවුලේ අනිත් සාමාජිකයන් මිතුරන් හමුවීමට යන විට, රුපවාහිනිය නරඹමින් සිටින විට එක අයෙකු පමණක් වැඩ කිරීම සාධාරණ නැහැ. මෙවැනි පුරුදු මිනිසුන්ට කා වැදුණු පසු වෙනස් කිරීම කල නොහැකියි. ඒ නිසා මුල සිටම කරුණාවෙන් සහ අවබෝධයෙන් යුතුව වැඩ බෙදා හදා ගන්න. එකිනෙකාව අවබෝධ කර ගැනීමට, ගරු කිරීමට ඔවුන්ට හුරු කරවන්න.

5 අනවශ්‍ය ත්‍යාගශීලි බව ඔබට හානි සිදු කරන විට

ත්‍යාගශීලි බව හොඳ දෙයක් වුනත්, ඔබ සතු දේවල් වලින් ඔබ අන් අයට දෙන්නේ කුමක්දැයි තීරණය කල යුත්තේ ඔබයි. ඔබේ ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ ආදිය අන් අයට ඉවත් කිරීමට ඉඩ දෙන්න එපා. මුළුතැන්ගෙයි ඇති භාජන වලින් කුමක් තිබිය යුතුද, කුමක් ඉවත් කල යුතුද යන්න ගැන තීරණය කරන්න ඔබේ සැමියාට හෝ දරුවන්ට හැකියාවක් නැහැ.

ඒ වගේම ඔබ ඔබේ සැමියාගේ හෝ දරුවන්ගේ බඩු භාණ්ඩ වලින් කුමක් තිබිය යුතුද, කුමක් ඉවත් කල යුතුද යන්න ගැන තීරණය කරන්න එපා. ඔබ වැඩකට නැතැයි සිතා ඉවත් කරන කුඩා වයර් කැබැල්ල ඔහුට මහමෙරක් තරම් වටිනවා විය හැකියි. සමහර නිවෙස් වල සැමියා තමාගේ ආම්පන්න සොයන විට බිරිඳ විසින් ඒවා අසල්වාසීන්ට ත්‍යාග කර ඇති නිසා ගැටළු ඇති වූ අවස්ථා තිබෙනවා.

SHARE