Daniel Sloss කියන්නේ ස්කොට්ලන්තයේ සිටින සුප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පියෙක්. ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක්, ලේඛකයෙක් සහ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් ක්‍රියා කරනවා. එක් වරක් ඔහු කදිම වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහනේදී ඔහු ගොඩක් දාර්ශනික කතාවක් ඉදිරිපත් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙම් යුවලවල් 17,000ක් පමණ ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයට තිත තබනවා. අද අපි ඉදිරිපත් කරන්නේ ඒ සිදුවීම පිලිබඳ ලිපියකුයි.


fb-like-beg


Daniel Sloss ට අවුරුදු 7ක් වෙද්දී ඔහුගේ පියා ඔහුට හරි අපූරු කතාවක් කියනවා.

“පුතා, මිනිසෙකුගේ ජීවිතය හරියට ජිග්සෝ ප්‍රෙහෙලිකාවක් වගෙයි. අපි අපේ සම්පුර්ණ ජිවිතයම ගත කරන්නේ මේ ප්‍රෙහේලිකාවේ අපට ගැලපෙන කොටස් සොයා ගන්නයි. ඒ වෙනුවෙන් අපි අපේ සම්පුර්ණ ශක්තිය, හැකියාවන්, අත්දැකීම් යොදවනවා. අපිට හරියටම ගැලපෙන කොටස් ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් අපි දිගටම මේ යුද්ධයේ නිරත වෙනවා. හැබැයි ඒ අතරේ තමන්ගේ ජීවිතය ක්ෂය වෙලා යන බව කාටවත්ම තේරෙන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට හිමි වෙලා තියෙන්නේ මොනවද කියලාවත්. මේ නිසා හොඳම දෙය ප්‍රෙහෙලිකාව පිටත සිට විසඳන්නට පටන් ගැනීමයි.”

 

“ප්‍රෙහෙලිකාවේ කොන් 4 ලෙස පවුල, රැකියාව, මිතුරන් සහ විනෝදාංශ දැක්විය හැකියි. ඔබේ ජිවිත කාලය පුරාවට මේ තත්වයන් වෙනස් වෙමින් පවතිනවා.”

“සමහර වෙලාවට ඔබ අලුතින් මිතුරන් ඇති කරගෙන පරණ මිතුරන් ඈත් කර දමනවා. සමහර වෙලාවට ඔබේ රැකියාව ඔබේ විනෝදාංශ වලට බාධා කරනවා. ඒ වගේ වෙලාවට ඔබට ප්‍රෙහේලිකාවේ කැබලි එහා මෙහා කරමින් ඔබට හරියටම අවශ්‍ය වන්නේ මොකද්ද කියලා හොයා ගන්න වෙනවා.”

“සමහර වෙලාවට ඔබේ පවුලේ සාමාජිකයක් ඔබේ හදවතේ ගැඹුරු සිදුරක් ඇති කරමින් මිය යනවා වෙන්න පුළුවන්. එතකොට ඔබට ඔබේ හදවත සිදුරු වුනු ස්ථානයට ගැලපෙන්නට නව බැඳීමක් ඇති කර ගන්නට සිදු වෙනවා.”

“ප්‍රෙහේලිකාවේ හරියටම මැද ඔබේ ආදරවන්තයා වෙනුවෙන් කොටසක් වෙන් වෙලා තියෙනවා. දවසක මේ ස්ථානයට හරියටම ගැලපෙන අමුත්තෙක් ඔබේ ජිවිතයට ඒවි. හරියට ඔබේ අම්මා මගේ ජිවිතයට ආවා වගේ.”

ඉතින් Daniel තමන්ගේ තාත්තා කියපු මේ අපූරු කතාව ගැන දිගින් දිගටම හිතුවා. අන්තිමේදී ඔහුට යමක් වැටහුනා.

ඒ තමයි, අපි බොහොමයක් දෙනෙක් අපේ ජිවිතයට වැරදි පුද්ගලයෙක්ව තෝරා ගෙන ඒ පුද්ගලයාව අපට ගැලපෙන ලෙස හදා ගන්නට නිරපරාදේ මහන්සි වන බව. එය හරියට ජිග්සෝ ප්‍රෙහේලිකාවේ මැද ඇති ත්‍රිකෝණාකාර හිඩැස පුරවන්නට ඔබ කොටු හැඩයේ කැබැල්ලක් ගෙන, එය ත්‍රිකෝණාකාර කරන්නට මහන්සි වෙනවා වගෙයි.

එය කොටු කැබැල්ලේ වරදක් නොවේ. ඔබ එය තෝරා ගෙන ඇත්තේ ඔබේ වරදක් නිසයි.

බොහොමයක් මිනිසුන්ට අමතක වෙනවා, අනිත් අයට තමාටම වෙන් වුනු සුවිශේෂී පෞරුෂයක් තිබෙන බව. ඔවුනුත් අවුරුදු ගානක් තිස්සේ උත්සාහ කරමින් ඉන්නේ ඔවුන්ගේ හිඩැසට ගැලපෙන සොයා ගන්නයි.

හදිසි වී නොගැලපෙන සහකරුවෙක් හොයා ගත්තොත් ඔබේ ඉදිරි ජීවිතය නාස්ති වෙන්න පුළුවන්. කල් ගත කර ඔබට ගැලපෙන සහකරුවෙක් සොයා ගත්තොත් ඔබේ මුල් අවුරුදු කීපය (සහකරුවා සොයන්නට වැය කරන කාලය) නාස්ති වුවත්, පසු කාලින ජීවිතය නාස්තියට පත් වන්නේ නැහැ.     

යම් පුද්ගලයෙක් ඔබේ සැබෑ ස්වභාවයට අකමැති නම් එය ඔබේ වරදක් නෙවේ. එහි අර්ථය වන්නේ අනෙකා ඔබට සම්පුර්ණයෙන්ම ආදරය නොකරන බවයි. අනෙකා ඔබ ගැන ඔවුන්ගේ සිතේ මවාගෙන සිටින වැරදි ප්‍රතිරූපයටයි ආදරය කරන්නේ.

ඔබ ඔබේ ජිවිතයේ සිදු කරන ලොකුම වරද තමයි ඔබට නොගැලපෙන පුද්ගලයා සමඟ ජීවත් වීම. මේ ලෝකයේ බොහොමයක් පුද්ගලයන් තම සහකරුවා තෝරා ගන්නේ තමන්ගේ නිවසට ලඟින්. ඉතින් කොහොමද ඒ ඔබට හරියටම ගැලපෙන සහකරු කියලා සහතික කරන්නේ?

මේ ලෝකයේ ප්‍රේම සබඳතා වලින් 80%ක්ම නිෂ්ඵල සබඳතායි. මිනිසුන් තමන්ට ගැලපෙන කෙනා සොයා ගන්නේ නැතිව තමන්ගේත්, අනෙකාගේත් වටිනා ජීවිතය නාස්ති කර දමනවා.”     

ඔහුගේ වැඩ සටහන ඉවර වුනාට පස්සේ ඔහු එදා දවසේ තම ප්‍රේම සම්බන්ධය නතර කරන්න තීරණය කල යුවලවල් ගණන ගණනය කරලා තියෙනවා. ඒ ප්‍රමාණය 17,000ක් බව සනාථ වෙලා තියෙනවා.

Daniel Sloss කියන විදිහට ඔහුගේ ඉදිරිපත් කිරීම නිසා අවංක ප්‍රේම සබඳතා නිමා වෙලා නැහැ. ඔහු කියන විදිහට නම් ඔහුගේ කතාව බලපාන ලැබුවේ ඇත්තටම නොගැලපෙන සබඳතා වලටලු.

SHARE