හැමදාම එකම විදිහට ආදරේ කරද්දීත් පොඩ්ඩක් විතර ඒකාකාරියිනේ. කාන්තාවකට පිරිමියෙකුගේ හිත සතුටු කරන්න අපූරු හැකියාවන් කීපයක් උපතින්ම ලැබිලා තියෙනවා. ආදරණිය ස්වරූපයෙන් යුක්ත වෙන කතා බහ ඒකට හොඳ විසඳුමක්. ඉතින් පෙම්වතියකට පුළුවන් ඇගේ මිහිරි කතා බහෙන් ආදරයේ ඇති ඒකාකාරී බව නැති කරන්න. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒ වගේ කතා කීපයක් පිළිබඳවයි.


fb-like-beg


1 ඔයා අද ලස්සනයි

ඔහුගේ පෙනුම ගැන වරින් වර ප්‍රශංසා කරන්න. ඔහුගේ ඇඳුමේ ලස්සනක් ගැන ඔහුට කියන්න. ඔබ නොහිතුවට ඔහු ගොඩක් සතුටු වේවි. ඔහුගේ හිස කෙස් විලාසිතාව අගයන්න.

2 මට ඔයාව මතක් වෙනවා. මට පාලුයි.

ඔහු ඔබේ ළඟ නැති වෙලාවක ඔබට පුළුවන් මේ බව දුරකථන ඇමතුමක් හරහා හෝ කෙටි පණිවිඩයක් මඟින් ඔහුට දැනුම් දෙන්න. ඔහුට ගොඩක් සතුටු හිතේවි. ඒ වගේම ඔබව ඉක්මනට බලන්න එන්න ඕනේ කියලත් ඔහුට හිතේවි.

3 ඔබට ස්තුතියි

ඔබේ පෙම්වතා ඔබ වෙනුවෙන් කරන දේවල් වලට ආදරණිය විදිහට ස්තුති කරන්න. ඔබව කෑමකට එක්කගෙන ගියාම, ඔබව නිවසට ඇරලුවම ඔහුට ස්තුති කරන්න ඔබට පුළුවන්.

4 මම ඔබට ආදරෙයි

ඔබේ හිතේ තියෙන ආදරය මාසෙකට වතාවක් විතර ඔබේ සහකරුට පවසන්න. මේ වටිනා වචන තුන උදේ හවස එක දිගට කියන්න ගියොත් නම් එහි වටිනාකම අඩු වෙනවා. මේ නිසා ඔහු බලාපොරොත්තු නොවන අවස්ථාවකදී, හදිසියේම මේ බව කියලා ඔහුව සතුටට පත් කරන්න.

5 ඔබ දෙදෙනාගේ සොඳුරු මතකයන් නැවත ආවර්ජනය කරන්න

මේ දේ කිරීමට සුදුසු වන්නේ ඔහු විවේකයෙන්, ඔබ සමඟ කාලය ගත කරන අවස්තාවකදියි. ඔහු සමඟ සතුටින් සහ ආදරයෙන් සිටි මොහොතවල් ගැන කතා කරන්න. එවැනි අවස්ථා වලදී ඔබේ සිතට දැනුනු හැඟීම් ගැන විස්තර කරන්න. ඔබට ඒ සියලු දේවල් මතක තිබීම ගැන ඔහුට ලොකු සතුටක් දැනේවි.

6 ඔහු විහිලු කරන විට ඔබ සතුටට පත් වන බව කියන්න

පිරිමින් දක්ෂයි විහිලු වැඩ කරන්න. ඒත් සමහර පෙම්වතියන් මේ වගේ අවස්තාවලදී කෝපයට පත් වෙනවා. විහිලුවකට හිනා වෙන්න තරමටවත් හිත නිදහස් නොවෙන පෙම්වතියක් වෙන්න එපා. පෙම්වතා කරන විහිලු අනිත් අය දැක්කා කියලා ඔබ ලජ්ජාවට පත් වෙන්න අවශ්‍ය නැහැ. විහිළුවක් කියන්නේ විහිළුවක්ම පමණයි. ඔබේ පෙම්වතා විහිලු කරන්නේ ඔබව හිනැස්සවීමේ අරමුණින්. ඉතින් ඔබ එයට හිනා වෙනකොට, සතුටට පත් වෙන විට ඔබේ පෙම්වතාට ඊටත් වඩා සතුටක් දැනෙනවා.

7 ඔබ ඔහුට ආදරේ කරන හේතුව පවසන්න

ඔබ ඔහුට ආදරයෙන් බැඳුනු හේතුව, ඔබ ඔහුව ප්‍රිය කරන හේතුව වරින් වර ඔහුට මතක් කර දෙන්න. ඔබ ඔහුට ආදරේ බව පවසනවා වගේම, එයට හේතුව වරින් වර පැවසීමත් හරිම ආදරනියයි.

8 ඔහු වීරයෙක් බව පවසන්න

පෙම්වතුන් දක්ෂයි තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් විවිධ කැපවීම් කරන්න. ඔහු ඔබ වෙනුවෙන් කැපවීම් කරන විට කිසි දිනක ඒවා නොසලකා ඉන්න එපා. ඔහුගේ කැපවීම් ඔබට ගොඩක් වටිනා බවත්, ඔහු ඔබේ ජිවිතයට වීරයෙකු බවත් පවසන්න. එය ඔහුට ඔබ ගැන ආදරයක් ඇති කරනවා. ඔබ වෙනුවෙන් තවත් කැපවීම් කරන්නට ඔහු පෙළඹෙනවා.

9 සමාව ඉල්ලන්න

අප කෑ අතිනුත් වැරදීම් සිදු වෙනවා. ඔබේ අතින් වරදක් සිදු වූ විට සමාව ඉල්ලන්නට පසුබට වෙන්න එපා. ඔබේ අඩුපාඩුවක් නිසා ඔහුගේ සිත යම් වේදනාවකට පත් වෙලා නම්, ඔබ සමාව ඉල්ලන විට ඒ වේදනාව පලා යනු ඇත. ඔබ ගැන ඔහුගේ සිතේ තරහක් ඇති වී ඇත්නම් එයද නැති වී යයි. එමෙන්ම තමා වරදක් කල අවස්තාවකදිත් සමාව ඉල්ලිය යුතු බව ඔහුට අවබෝධ වේවි.

10 ඔහු නිවැරදි බව පවසන්න

ඔබේ වරදින් යම් ගැටුමක් ඇති වූ විට ඔහුගේ වරදක් නැති බව පවසන්න. ඔහු එයට බොහෝ කැමති වේවි. නමුත් සෑම අවස්ථාවේදීම මෙය කරන්නට යන්න එපා. සැබවින්ම ඔහුගේ අතේ වරදක් නැත්නම් පමණක් එය පවසන්න.

SHARE