සාර්ථක ලිංගික ජිවිතයක් ඔබට අත් කර දෙන ප්‍රතිලාභ රැසක් තිබෙනවා. ඔබට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට එය උපකාරී වෙනවා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ Goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නයි.


fb-like-beg


 

1 ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ හැකියාව දියුණු වෙනවා

උණ, ඇදුම ආදී රෝග ලක්ෂණ සමනය කර ඒවාට විරුද්ධව සටන් කිරීමට සාර්ථක ලිංගික ජිවිතයක් ඔබට උපකාර කරනවා

2 ඔබට තරුණ පෙනුමක් ලැබෙනවා

සාර්ථක ලිංගික දිවියකින් ඔබට හිමි වන තවත් ප්‍රතිලාභයක් තමයි තරුණ පෙනුම. ස්කොට්ලන්තයේ Royal Edinburgh රෝහල මඟින් අවුරුදු 18ත් – 102ත් අතර පුද්ගලයන් 3500ක් යොදාගෙන සිදු කරන ලද අධ්‍යනයකින් මේ බව සනාත වී තිබේ. සාර්ථක ලිංගික සම්බන්ධතාවයකින් සතුට, තෘප්තිය හිමි වීමත්, හොඳ නින්දක් හිමි වීමත්, මානසික ආතතිය දුරු වීමත් යන හේතුන් මේ තරුණ පෙනුම ලබා දීමට හේතු වේ.

3 ශාරීරික රෝග සුවපත් වීම

Immunoglobulin A (IgA) කියන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට උපකාරී වන ප්‍රෝටීනයක්. මෙය ප්ලාස්මා සෛල හරහා නිපදවේ. සාර්ථක ලිංගික සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස මේවා නිපදවීම වැඩි වේ. ක්‍රියාකාරී ලිංගික ජිවිතයක් ගත කරන පුද්ගලයන් හට පිළිකා, හදවත් රෝග, ආඝාතය වැනි රෝග ඇති වීමේ අවදානම අඩු වන බව කියවේ. ඒ වගේම තමයි සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා සහ උණ රෝගය සුව කිරීමටත් ලිංගික සබඳතා උපකාරී වෙනවා.

4 සිරුරේ කැලරි දහනය කිරීම

ලිංගික කටයුතු වලින් සිරුරේ කැලරි සහ මේදය දහනය කරන බව හෙළිව තිබේ. මිනිත්තු 20ක ලිංගික හැසිරිමකදී කැලරි 96ක් දහනය වන බව සොයාගෙන ඇත.

5 වේදනාවන් සමනය වීම

ලිංගික සබඳතාවයක් නිසා ඇති වන උත්තේජනයේ ප්‍රතිඵලයක් ලෙස ශාරීරික වේදනාවන් අඩු වන බවත්, ශාරීරික වේදනාවන් දරා ගැනීමේ හැකියාව වැඩි වන බවත් කියවේ. ඔසප් වීම, ආතරයිටීස් රෝගය, ඉරුවාරදය, මිග්රෙන් ඇතුළු රෝගී තත්වයන් නිසා ඇති වන වේදනාව සමනය කිරීමට ලිංගික උත්තේජනය උපකාරී වේ.

6 දීර්ඝායුෂ වැඩි වීම

වේල්ස්හි කල අධ්‍යනයකදී හෙළි වී ඇත්තේ සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සහ ආයුෂ අනුපාතය අතර ඇති සම්බන්ධය ධනාත්මක වන බවයි. එයින් ලද ප්‍රතිඵල අනුව සතියට දෙවතාවක් ලිංගික සබඳතාවයක නිරත වන (සාර්ථක ලිංගික ජිවිතයක් ගත කරන) යුවලකගේ මරණ අවදානම, මසකට වතාවක් පමණ ලිංගික සබඳතාවයක නිරත වන යුවලකට සාපේක්ෂව 50%කින් පහත වැටෙන බව හෙළි වී තිබේ. බොහෝ යුවලවල් වයස්ගත වීමත් සමඟ ලිංගික ජීවිතය අත් හැර දැමුවත්, එය නුසුදුසු බව මෙම අධ්‍යනයෙන් හෙළි වෙනවා.

 

    

 

SHARE