ප්‍රේම සම්බන්ධය නිම වීම කියන්නේ ගැහැණු ළමයෙක්ට නම් හරි අසීරු අත්දැකීමක්. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඇසුරු කරපු පෙම්වතා හදිසියේම ආදර සම්බන්ධය නවත්තන්න හදද්දී ඕනෙම තරුණියකට වේදනාවක් සහ තරහක් දැනෙන එක ඉතාමත් සාමාන්‍යයි. නමුත් හදිසියේ ඇති වන හැඟීම් මත පදනම්ව ඇය පෙම්වතාට ප්‍රතිචාර දක්වන ආකාරය නිසා ඇයට පසුකාලීනව පසුතැවිල්ලක් පමණක් ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.


fb-like-beg


1 තරහ පිට කරන්නට යෑම

තරහක් ඇති වූ විට අපි කියන්නේ මොනවද කියලා අපිම දන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදීත් අපි ඔබට උපදෙස් දෙන්නේ කෝපයක් ඇති වූ විට වචන පිට කරන්නට යෑමෙන් වලකින ලෙසය. ඉතින් ප්‍රේමය නිමා වීමට යන අවස්ථාවේ ඔබ කෝප ගෙන දරුණු වචන භාවිතා කරමින් ඔබේ පෙම්වතාට බැන වැදුනොත්, ඔහුට ඔහුගේ තීරණය ගැනීමට ඔබේ හැසිරීම තවත් උපකාරයක් වනු ඇත. ඒ වගේම පසුකාලීනව ඔබ හැසුරුණු ආකාරය ගැන ඔබටම පසුතැවිල්ලක් ඇති වනු ඇත.

2 ඔබේ සිතේ ඇති හැඟීම් අවසාන වතාවට පැවසීමට යාම

තමාට දැනෙන දුක ගැන, තමා ඔහුට කෙතරම් ආදරය කරනවාද යන්න ගැන පැවසීම වෙන් වීමට යන මොහොත සුදුසු නැහැ. ඔබ ඔබේ ආදරයේ ස්වභාවය පෙන්විය යුත්තේ ඔබ දෙදෙනා ආදරයෙන් සිටින කාලයේදීය. ඔබේ පෙම්වතා ඔබව හැර දමා යන්නට උත්සාහ කරන්නේ ඔබේ ආදරයේ අඩුවක් නිසා නොව, ඔහුගේ සිතේ ඔබ ගැන ඇති ආදරය අඩු වීම නිසයි. ඒ නිසා ඔබේ ආදරය ගැන පැහැදිලි කර දීමට යාම ඒ මොහොත සුදුසු නැහැ. එයින් ඔහුගේ සිතේ ඔබ ගැන නැති ආදරයක් ඇති කරන්නට බැහැ. ඇතැම්විට ඔහු ඔබව තවත් මඟ හැර යාමට මෙය හේතුවක් වේවි.

3 මිතුරෙකු වී සිටීමට එකඟ වීම

ප්‍රේම සම්බන්ධතා නිම කරන විට ඇතැම් පෙම්වතුන් ඉදිරියේදී මිතුරන් සේ ඇසුරු කිරීමට තම පෙම්වතියට ආරාධනා කරනවා. එසේත් නොමැති නම් පෙම්වතිය විසින්ම එය යෝජනා කරනවා. එකවර ප්‍රේම සම්බන්ධය නවත්වා දමනවාට වඩා මිතුරන් සේ ඇසුරු කිරීම සුදුසු යැයි ඔබට සිතෙනවා ඇති. නමුත් එහි ප්‍රතිඵල නම් හානිදායකයි. මිතුරන් සේ ඇසුරු කලත් ඔබේ බලාපොරොත්තුව වන්නේ නැවත ඔබේ පෙම්වතා ඔබ වෙත එනු ඇත යන්නයි. නමුත් එසේ සිදු නොවන විට ඔබට දිනපතා ඒ ගැන සිතමින් දුක් වීමට සිදු වෙනවා. පැරණි දෑ අමතක කර නව ජීවිතයකට ඇතුළු වීමේ අවස්තාව ඔබෙන් ගිලිහෙනවා.

4 ඔබ විසින් ලබා දුන් ත්‍යාග නැවත ඉල්ලීම

ඇතැම් තරුණියන් හිතට දැනෙන තරහ නිසා තමා ලබා දුන් ත්‍යාග නැවත ඉල්ලා සිටිනවා. නමුත් එය ඉතාමත් අහිතකර ක්‍රියාවක්. ඔබේ පෙම්වතාට ඔබ ගැන කතා මවන්නට අවස්තාවක් ඔබ විසින්ම ලබා දෙනවා. සමාජය ඔහුට චෝදනා කරන විට ඔහු කෙලින්ම මෙසේ පවසාවි. “ඔයාලා එයා ගැන දන්නේ නැහැ. එයා මට දීපු සෙන්ට් කුප්පිය පවා ආයේ ඉල්ලුවා.” අවසානයේ සමාජය තුල ඔබේ ප්‍රතිරූපය ලෝභ සහ වැරදි චරිතයක් වෙනවා.

5 අන් පුද්ගලයන් ලවා ඔබේ පෙම්වතාට බලපෑම් කිරීම

තරුණියන් මේ වැඩේට නම් හරිම දක්ෂයි. පෙම්වතාව නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් ඇය අන් අයව භාවිතා කරනවා. ඔබ දෙදෙනාවම හඳුනන මිතුරන්, පෙම්වතාගේ මව ආදී පුද්ගලයන්ට ඔබ ඔබේ දුක පවසමින් යනවා. කෙසේ වෙතත් මෙයින් ඇති වන්නේ ඔබ නොපැතූ ප්‍රතිඵලයක්. පෙම්වතාට අවශ්‍ය ඔබෙන් මිදීමට නම්, ඔහුට කතා කරන සෑම අයෙකුටම ඔහු පවසන්නේ ඔබේ අඩුපාඩු පිළිබඳවයි. ඔහු සෑම විටම උත්සාහ කරන්නේ ඔහුව සාධාරණිය කරන්නට බව මතකයේ තබා ගන්න.

6 සමාජ ජාලා වල විරහව ප්‍රදර්ශනය කිරීම

ඔබ ඔබේ දුක සමාජ ජාලා වල ප්‍රදර්ශනය කරන්නේ ඔබේ පෙම්වතාට පෙනෙන්නට වෙන්න පුළුවන්. නමුත් ඔබේ සමාජ ජාලා ගිණුමේ ඇති දෑ පෙනෙන්නේ ඔහුට පමණක් නොවන බව ඔබ අමතක නොකළ යුතුයි. ඔබේ සමාජ ජාලා හැසිරීම බලා සිටින්නන් අතර ඔබේ මිතුරන්, ඔබට වරදින තුරු බලා සිටි ඔබේ තරහකාරයන් සහ ඔබේ ආයතන ප්‍රධානියා පවා සිටින්නට පුළුවන්.

      

SHARE