ප්‍රේම සම්බන්ධයක් අරඹන්නේ විවාහයෙන් කෙලවර කර ගැනීමේ අරමුණින් වුවත්, එය ඕනෑම මොහොතක නැවතීමේ අවදානමක් පවතිනවා. හැබැයි ප්‍රේම සම්බන්ධයක් කොච්චර කාලයක් පවතිනවාද, ප්‍රේම සම්බන්ධයක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය කරන්නේ ඔබේ හැසිරිමමයි. මොනෝ විද්‍යාත්මක පරීක්ෂකයෙකු වන Gleb Tsipursky විසින් ප්‍රේම සම්බන්ධතා දුර්වල වීමට බලපාන හේතු කීපයක් සොයාගෙන තියෙනවා. අද අපි උත්සාහ කරන්නේ මේ ගැන කතා කරන්නයි.


fb-like-beg


6 ජිවිත සැලසුම්

එක හා සමාන ජිවිත සැලසුම් ඇති යුවලවල්ගේ ආදර සබඳතා වල ශක්තිමත් භාවය වැඩියි. එයට හේතු වන්නේ දෙදෙනා අතර වාද විවාද ඇති වීම ඉන් වලකින නිසයි. රැකියා ජීවිතයේ ඉදිරියට යාම, හදාරන උපාධිය නිම කිරීම වැනි සැලසුම් එක් අංශයකි. ඉක්මනින් විවාහ වීම, ඉක්මනින් දරුවන් ලබා ගැනීම වැනි සැලසුම් වෙනත්ම අංශයකි. මේ සැලසුම් දෙවර්ගයේම කිසිම වරදක් නැහැ. නමුත් අවුරුදු 30 වීමට පෙර තමාගේ උපාධිය නිම කිරීමට සැලසුම් කරන්නෙකුට, අවුරුදු 25 වීමට පෙර විවාහ වීමට සැලසුම් කරන්නෙකු මුණ ගැසුනොත් ගැටළු රාශියක් ඇති වෙනවා. මේ නිසා හැම දේටම කලින් දෙදෙනාගේ ජිවිත සැලසුම් ගැන කතා කරගෙන අවබෝධයක් ඇති කර ගත යුතුයි.

7 නෑදෑයන් සමඟ ඇති ඇසුර

ඔබේ ජිවිතයේ සිටිය යුතු තවත් වැදගත් පිරිසක් තමයි නෑදෑයන් කියන්නේ. ඔබේ පාර්ශවයේ නෑදෑයන් එක්ක වගේම, ඔබේ සහකරුගේ පාර්ශවයේ නෑදෑයන් එක්කත් සමගිව සිටීම ගොඩක් වැදගත්. සමහර පුද්ගලයන් තමන්ගේ සහකරුගේ දෙමව්පියන් ඇතුළු නෑදෑයන්ට ඇති අකමැත්ත නිසා ඔවුන්ගේ සිත රිදවන්න පවා පෙළඹෙනවා. නමුත් ඔවුන් එයින් බිඳ ගන්නේ ඔවුන් දෙදෙනා අතර ඇති සබඳතාවයමයි. තමාගේ පාර්ශවයේ නෑදෑයන්ට අනෙකා නොසලකන්නේ නම්, තම සහකරුවා එපා වීම ඉබේටම සිදු විය හැකියි.

8 හිතකර රණ්ඩු දබර

දෙදෙනෙකු කිසිදා දබර නොකර සිටින්නට ගිවිස ගන්නවා නම්, එය අසාර්ථක සබඳතාවයකට මඟ කියනවා. එයට හේතුව වන්නේ දබර කර ගැනීමට ඇති අකමැත්ත නිසා එක් අයෙකු දිගින් දිගටම තමාගේ අදහස් සඟවාගෙන, අනෙකාට අවශ්‍ය දේ කිරීමට ඉඩ දීමයි. එයින් සිදු වන්නේ කාලයත් සමඟ සබඳතාවය නීරස වීමයි. දෙදෙනෙකුගේ අදහස් කිසි විටෙක සමාන වන්නේ නැහැ. ඒවා සමාන කර ගැනීමට උත්සාහ දැරීමත් ඉතා අපහසුයි. ඉතින් දෙදෙනාම එකඟ නොවන අවස්ථා වලදී යම් යම් වාද විවාද ඇති වීම සාමාන්‍යයි. එමඟින් දෙදෙනාට දෙනාගේ අවශ්‍යතාවයන් නිවැරදිව හඳුනා ගැනීමටත් අවස්තාව හිමි වෙනවා.

9 අනෙකාගේ සාර්ථකත්වය කෙරෙහි දක්වන ප්‍රතිචාරය

විභාගයකින් සමත් වන්නට ලැබීම, උපාධිය සාර්ථකව අවසන් කරන්නට ලැබීම, රැකියාවක් ලැබීම හෝ රැකියාවේ උසස් වීමක් ලැබීම වැනි අවස්ථා යමෙකුගේ ජිවිතයේ සුවිශේෂී අවස්ථාවන්ය. සාර්ථක වූ තැනැත්තා ඒ ගැන සතුටින් පසු වන අතර, තම සහකරුගෙන් සුභ පැතුම් බලාපොරොත්තු වෙනවා. නමුත් එවැනි අවස්ථාවකදී සහකරුවා අනෙකාගේ ජයග්‍රහණයන් හෙලා දකිමින්, ඒවායේ තත්වය පහලට දමමින් කතා කරනවා නම් එම සබඳතාවයේ ශක්තිමත් බව අවදානමකට ලක් වෙනවා.

10 සම්මුතීන් ඇති කර නොගැනීම

මිතුරන් ඇසුරු කිරීම, නෑදෑයන් ඇසුරු කිරීම වැනි කාරනා වලදී තමන්ගේ සහකරුට තහංචි පනවන්න එපා කියලා අපි ඔබට කිව්වා. එහෙමයි කියලා ඔබේ සහකරුට ඕනේ දෙයක් කර ගන්න ඇරලා ඔබ දුක් වේවි ඉඳලා නම් හරි යන්නේ නැහැ. ඔහු ඔහුට කැමති කැමති දෙයක් කරන්න ඔබෙන් අවසර ඉල්ලනවා නම්, අවසර දෙන්නේ. හැබැයි ඊට කලින් හෙට දිනයේදී ඔබ කැමති දේ කරන්න ඔහුව එකඟ කර ගන්න. එවිට ඔබ දෙදෙනාගේ සබඳතාවය ශක්තිමත් වේවි.

SHARE