ප්‍රේම සම්බන්ධයක් අරඹන්නේ විවාහයෙන් කෙලවර කර ගැනීමේ අරමුණින් වුවත්, එය ඕනෑම මොහොතක නැවතීමේ අවදානමක් පවතිනවා. හැබැයි ප්‍රේම සම්බන්ධයක් කොච්චර කාලයක් පවතිනවාද, ප්‍රේම සම්බන්ධයක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය කරන්නේ ඔබේ හැසිරිමමයි. මොනෝ විද්‍යාත්මක පරීක්ෂකයෙකු වන Gleb Tsipursky විසින් ප්‍රේම සම්බන්ධතා දුර්වල වීමට බලපාන හේතු කීපයක් සොයාගෙන තියෙනවා. අද අපි උත්සාහ කරන්නේ මේ ගැන කතා කරන්නයි.


fb-like-beg


1 ගැටළුවක් පැන නැඟුණු අවස්ථාවකදී ප්‍රතිචාර දක්වන ස්වභාවය

දෙදෙනාගෙන් එක් අයෙකු යම් කරදරයකට වේදනාවකට පත් වූ අවස්තාවක අනෙකා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව සම්බන්ධතාවයේ ශක්තිමත්භාවය තීරණය වන බව කියවෙනවා. අනෙකාගේ කරදරයේදී ඔබ කලබල වී, අනෙකා පිට වරද පටවන්නට උත්සාහ කරනවා නම් ඔබේ සබඳතාවයේ පැවැත්ම අවදානමක බව හෙළි වී තිබෙනවා. නමුත් ඔබ සංසුන් වී අනෙකාගේ ගැටලුව විසඳා ගැනීමට උදව් කරමින්, අනෙකාගේ සිතට ශක්තියක් ගෙන දෙන අයෙක් නම් ඔබේ සබඳතාවය ශක්තිමත් බව කියවෙනවා.

උදා : පෙම්වතියගේ පර්ස් එක නැති වූ අවස්තාවක පෙම්වතා ඇගේ නොසැලකිලිමත් භාවය පිළිබඳව බැන වදිනවාට වඩා, ඇයව සනසවන්නට සහ කල යුතු දේ කිරීමට මෙහෙයවීමක් කිරීම ඉතා සුදුසුය.

2 තීරණ ගැනීමේ ස්වභාවය

ප්‍රේමය දෙදෙනා එක් අයෙකු කරවන බව කතාවට කියුවත් එය සත්‍යයක් නෙවෙයි. දෙදෙනාගේ කැමති දේවල් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් එක් සහකරුවෙක් නිතරම තනි තීරණ ගන්නවා නම්, එය සබඳතාවයේ ශක්තිමත් භාවයට ගැටළුවක් ඇති කරනවා. මේ නිසා යම් තීරණයක් ගැනීමේදී නිතරම අනෙකාගේ මතය විමසීම, සාකච්චා කිරීමෙන් එක් මතයකට එළඹීම නුවණට හුරුයි.

උදා : අවන්හලකට ගොස් ආහාර ඇනවුම් කිරීමේදී තමාට අවශ්‍ය දේ අනෙකාට රැගෙන නොදී, අනෙකාට අවශ්‍ය දේ මිලදී ගෙන දෙන්න.

3 අවශ්‍ය දේ පැහැදිලිව නොපැවසීම

අපි කාටවත් තවත් කෙනෙක්ගේ හිත කියවන්න තරම් හැකියාවක් නැහැ. එහෙනම් ඇයි ඔබ ඔබේ සහකරුට ඔබට අවශ්‍ය දේවල් පැහැදිලිව නොකියා, ඔහු ඔබට අවශ්‍ය දේවල් තේරුම් ගන්නකම් බලාගෙන ඉන්නේ? ගොඩ දෙනෙක් කියක කතාවක් තමයි “එයා මට ආදරේ නම්, මට ඕනේ දේවල් තේරුම් ගත යුතුයි” කියලා. ඔබ එහෙම හිතුවට අනිත් අයට ඔබව එහෙම තේරුම් ගන්න බැහැ. ඔබට අවහ්ස්ය දේ ඔබ පැහැදිලිව ඔබේ සහකරුට නොකිව්වොත්, ඔබ ඒ දේ ඉටු නොවන නිසා නිතරම ඉන්නේ අතෘප්තියෙන් සහ තරහින්. ඊටත් පස්සේ ඔබ තරහ අරගෙන ඔබේ සහකරුට බැන වැදුනොත් ඔහුට ඇති වන්නේත් නොරිස්සුමක්. ඒ ඔබ ඔබට අවශ්‍ය දේ ඔහුට පැහැදිලිව නොකියා, නිරපරාදේ ඔහු පිටින් ඔබේ කෝපය පිට කරන නිසයි.

4 සෑම අවස්තාවකම එකටම සිටීම

හැම දේම එකට කිරීමෙන්, සෑම මොහොතක්ම එකට ගත කිරීමෙන් ඔබේ සබඳතාවය ශක්තිමත් වන බව සිතනවා නම් ඔබ වැරදියි. ඔබ දෙදෙනා කියන්නේ දෙදෙනෙක් බව සෑම අවස්ථාවකම මතකයේ තබා ගත යුතුයි. සෑම මොහොතක්ම ඒකට ගත කිරීමට උත්සාහ කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් දෙදෙනාට එය එපා වන බව හෙළි වී තිබෙනවා. දෙදෙනාට වෙන වෙනම විනෝදාංශ තිබීම, වෙන වෙනම මිතුරන් සිටීම ආදී ඔබ නොසිතන කාරණා වලින් සබඳතාවය ශක්තිමත් වෙනවා.

එයට හේතුව වන්නේ දෙදෙනා වෙන වෙනම සිටින අවස්ථා වලදී තම සහකරු සමඟ ගෙවූ සුන්දර මතකයන් නැවත නැවත ආවර්ජනය කරන්නට පෙළඹීමයි. එවිට දෙදෙනා සෑම විටම එකට එක් වී සිටිනවාට වඩා, දෙදෙනා තුල සොඳුරු මතකයන් ගොඩ ගැසෙනවා.

5 මිතුරු ඇසුර

ප්‍රේමවන්තයෙක් වුනා කියලා පෙර තිබුණු මිතුදම් වලට තහංචි දමන එක සුදුසු නැහැ. මිතුදම් කියන්නේ ජිවිතයේ වැදගත්ම අංශයක්. ඔබ අනෙකා මිතුරන් ඇසුරු කරනවාට විරුද්ධ වන්නෙක් නම් ඔබේ සබඳතාවය අනතුරේ බව වටහා ගත යුතුයි. පෙම්වතා පෙම්වතාගේ මිතුරන් ඇසුරු කිරීමට යන අවස්ථා වලදී, පෙම්වතියත් පෙම්වතියගේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට කාලය වෙන් කල යුතුයි. එහෙම නැතුව තමන්ගේ සහකරු තමන් සමඟ කාලය ගත නොකර, මිතුරන් ඇසුරු කිරීම ගැන දුක් වෙමින් සහ පැමිණිලි කරමින් සිටීම සුදුසු නැහැ.

 

SHARE