රුවාගෙ අනාගතය සුරක්ෂිත කරන්න, දරුවාගේ ජීවිතය සතුටින් පුරවන්න හිතන සෙනෙහබර දෙමව්පියෝ හිතන්නේ අද දවස ගැන විතරක් නෙවෙයි. ඔවුන් වැඩ කරන්නේ හෙට දවස ගැනත් හිතලයි. දරුවන්ගේ වයසට ගැලපෙන්නට ඔවුන්ට දිය යුතු ගුරුහරුකම් ලබා දෙන්න හැම මවක්ම පියෙක්ම කටයුතු කරන්න ඕනේ. ඒ ඒ වයසේදී ඔවුන්ට ලබා දෙන්නම ඕනේ ගුරුහරුකම් ගැන ඔබව දැනුවත් කරන්න goodhousekeeping.lk අපි හිතුවා.

 


fb-like-beg


 

අවුරුදු 5ට පෙර දරුවන්ට

  • තමන්ගේ හිතට දැනෙන තරහ පාලනය කර ගන්න දරුවන්ව පුහුණු කරන්න ඕනේ මේ වයස් සීමාව තුලයි.
  • ජිවිතයේ සිදු වන අහිමි වීම් වලට මුහුණ දීමේ ශක්තිය දරුවා තුල ඇති කල යුත්තේ මේ වයස් සීමාව තුලයි.
  • සෙසු දරුවන් එක්ක, වැඩිහිටියන් එක්ක එකඟතාවයන් ඇති කර ගන්න ආකාරය පුරුදු කල යුතුයි.
  • තමන්ගේ වැඩ තනිව කර ගැනීමට ඉගැන්විය යුතුයි.
  • තම නිවසේ ලිපිනය ඔවුන්ට මතකයෙන් පවසන්නට උගන්වා තබන්න.
  • අමුත්තන් සමඟ අනවශ්‍ය කතා බහේ නොයෙදීමටත්, අමුත්තන් සමඟ පිටතට නොයා යුතු බවත් දරුවාට උගන්වන්න.
  • ගුණවත් ආහාර ලබා ගැනීම යහපත් පුරුද්දක් බවත්, එයින් ඔවුන්ට ප්‍රයෝජන බොහොමයක් ලැබෙන බවත් ඔවුන්ගේ සිත් වලට කා වද්දන්න.
  • වැඩිහිටියන් ඉදිරියේ ලැජ්ජාශීලී නොවී, ප්‍රසන්නව හැසිරෙන්නට උගන්වන්න.
  • නොදන්නා දේවල් පිළිබඳව ප්‍රශ්න ඇසීම වරදක් නොවන බව කියා දෙන්න.
  • තමන්ගේ ක්‍රියා වල වගකීම ගන්නට දරුවාව හුරු කරවන්න. තමන්ගේ අතින් බඩුවක් කැඩුනාම, එය සහෝදරයෙක්ගේ පිට පටවන්න උත්සාහ නොකරන විදිහට ඔබේ දරුවාව හදා ගන්න.

වයස අවුරුදු 6- 8ත් අතර දරුවන්ට

  • සරල ආහාරයක් තනිවම හදා ගන්න පුරුදු කරවන්න. උදා: සැන්ඩ්විච්, තේ
  • හදිසි උපකාරක අංක මතක තබා ගන්න කියා දෙන්න.
  • වෙලාවට වැඩ කරන හැටි
  • කෑම මේසයේදී නිවැරදිව හැසිරෙන ආකාරය
  • ආරක්ෂිතව පාර පනින ආකාරය
  • පොත් කියවීමෙන් හෝ අන්තර්ජාලයෙන් තොරතුරු හොයා ගන්න හැටි
  • හිතට එන හැම දේම නොකියා, සුදුසු දේවල් විතරක් කටින් පිට කල යුතු බව දරුවාට මේ වයසේදී කියා දෙන්න. හිතට එන හැම දේම කියන්න ගියාම අනිත් අයගේ හිත රිදෙන්න පුළුවන් බව වටහලා දෙන්න.
  • පරිසරයට ආදරය කල යුතු බවත්, කුණු රොඩු තැනින් තැන නොදැමිය යුතු බවත්, සුරතල් සතුන්ට ආදරය කල යුතු බවත් කියා දෙන්න.
  • දෙමව්පියන්ගේ දුරකථන අංක කට පාඩම් කර ගන්න උදව් කරන්න.

අවුරුදු 9 – 12 අතර දරුවන්ට

  • තමාට ගැලපෙන විනෝදාංශය හඳුනා ගැනීමටත්, එහි නිරත වන්නටත් උගන්වන්න.
  • තැනට සුදුසු ලෙස ඇඳුම් අඳින ආකාරය
  • කාල සටහනකට අනුව වැඩ කරන හැටි
  • ව්‍යායාම කරන්න මේ වයසේදී කියා දෙන්න
  • කඩ වලින් බඩු මිලදී ගන්න ආකාරය
  • පවුලේ අයගේ සහ හොඳම මිතුරන්ගේ උපන්දින මතක තියා ගන්න හැටි උගන්වන්න. ඒවා දින දර්ශනයක සටහන් කරගෙන අදාළ දිනයේදී සුභ පතන්නට දරුවාට කියා දෙන්න.

     

SHARE