ලුත් අම්මලා ගැන ඕනෑ තරම් මිත්‍යා මත තියෙනවා. මේ මිත්‍යා මත නිසාම අලුත් අම්මලා සමහර වෙලාවට හිත් පීඩාවන්ට ලක් වෙනවා. “මම කරන දේ හරිද, වැරදිද?” හිතමින් දුක් වෙන්නට පටන් ගන්නවා. මේ මිත්‍යා මත මවගේ සිතේ සහනදායි බව අහිමි කරවමින් දරුවාටත් අයහපත් ලෙස බලපාන්නට හේතුවක් වෙනවා.

 


fb-like-beg


 

1 දරුවා දුටු ක්ෂණයෙන් මව තුල ආදරය පිරී ඉතිරී යනවා

මේ කතාව සත්‍යයක් වන්නේ සමහර මව්වරු තුල පමණයි. සමහර අම්මලා දරුවා දකින පළමු මොහොතේ ඉන්නේ හොඳටම අඩපණ වෙලා. ඔවුන් අලුතින් හිස මත පැවරුණු වගකීම ගැන බිය වෙනවා. සමහර අම්මලා ඉන්නේ දරුවා ප්‍රසුත කරපු දැඩි වේදනාවෙන්. තවත් සමහර අම්මලාට පසු ප්‍රසව විශාදය කියන දරුවා ලැබුණු පසු දැඩි කාංසාවක් සහ දුකක් ඇති වීම කියන තත්වය ඇති වෙනවා. මේ මව්වරුන්ට දරුවා දැකපු ක්ෂණයෙන් මහා ආදරයක් හිතේ ඇති වෙන්නේ නැහැ. එහි කිසිම වරදක් නැහැ. මොකද කාලයත් එක්ක මේ අම්මලා තමන්ගේ දරුවෝ එක්ක දැඩිව ආදරයෙන් බැඳෙනවා.

හැබැයි මේ මිත්‍යා කතාව නිසා සමහර මව්වරු “ඇයි මට දරුවා ගැන ලොකු ආදරයක් දැනෙන්නේ නැත්තේ?” කියලා හිත හිත දුක් වෙන්නට පටන් ගන්නවා.

2 හොඳ අම්මලාට දරුවෝ අඬන්නේ මොන හේතුව නිසාද කියලා තේරනවා

මේ කතාව නම් සම්පුර්ණයෙන්ම වැරදි කතාවක්. දරුවා අඬන්නේ මොන හේතුවකටද කියලා හැම අම්මා කෙනෙකුටම හරියටම කියන්න බැහැ. දරුවෙක් අඬන්න හේතු වෙන කාරනා ගොඩක් තියෙනවා. තෙත් වීම, බඩගිනි දැනීම, පාළුවක් දැනීම, බඩේ දැවිල්ල්ලක් ඇති වීම, මහන්සියක් දැනීම, අසනීප ගතියක් දැනීම, කෝපයක් දැනීම, වේදනාවක් දැනීම වගේ හේතු ගොඩක් මැද්දෙන් අම්මට හරිම හේතුව හොයා ගන්න අමාරුයි. සමහර විට අම්මා වඩාගෙන තුරුළු කර ගත්තම දරුවාගේ හැඬුම සමනය වෙනවා. හැබැයි ඒ අම්මාට දරුවා ඇඬුව හරිම හේතුව මොකද්ද කියලා හරියටම හොයා ගන්න බැහැ.

ඔබ තුරුළු කර ගත්තම, කිරි දුන්නම දරුවා හඬන එක නැවැත්තුවා නම් සතුටු වෙන්න. හැඬුම නතර වුනාටත් පස්සේ  “අනේ මගේ දරුවා අඬන්න හේතු වුනේ මොකද්ද?” කියා කියා දුක් වේවි ඉන්න එපා.

3 අලුත් අම්මෙකුට සහජ ඥානය තියෙනවා

අම්මා කෙනෙක් වුනු පමණින් ඒ අම්මට සහජ ඥානය පහල වෙන්නේ නැහැ. දරුවෙක්ව වඩා ගන්න නිවැරදි ක්‍රමය, නාවන නිවැරදි ක්‍රමය සහ කිරි දෙන නිවැරදි ක්‍රමය ගැන අම්මා කෙනෙක්ට ඉබේටම දැන ගන්න බැහැ.

ඉස්සර මව්වරුන්ට ඒවා එච්චර අමාරු වැඩ නොවෙන්නට හේතුවක් තිබුනා. ඉස්සර ගැහැණු දරුවෝ හැදුනේ නෑදෑයෝ ගොඩක් මැද්දේ. තමන්ගේ අම්මලා බාල සහෝදරයන්ව නලවන ආකාරය, තමන්ගේ වැඩිමහලු සහෝදරියන් ඔවුන්ගේ දරුවන්ව හදන වඩන ආකාරය දිහා බලාගෙන තමයි අතීතයේ ගැහැණු දරුවන් වැඩුණේ. ඉතින් ඔවුන්ට තමන්ගේම දරුවෙක් ලැබුනම ඒ දරුවට හැඩ ගැහෙන්න අමාරු වුනේ නැහැ. ඒත් දැන් එහෙම නැහැ. පුංචි පවුල් ඇතුලේ හැදෙන දැරිවියෝ අම්මා කෙනෙක් වුනු ගමන් හැම දේම දැනගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ.

4 නව දරුවෙක් දෙමව්පියන් අතර බැඳීම වැඩි කරවනවා

දරුවෙක් ලැබුණම දෙමව්පියන් අතර බැඳීම වැඩි වෙන බව කියවෙනවා. තමන්ට දරුවෙක් ලබා දුන්නු බිරිඳට ආදරයෙන් ස්වාමියා බැඳෙන බව කියවෙනවා. නමුත් සමහර පවුල් අතේ මේ තත්වය නැහැ.

බලාපොරොත්තු නොවූ මොහොතක සිදු වුනු දරු උපතකදී පවුලේ පියා දුර්මුඛ වෙන්න පුළුවන්. මව් පිය යුවලට විවාහයෙන් පසුව ආදරය විඳින්නට වැඩි කාලයක් නොලැබීම, පවුල ආර්ථික වශයෙන් සවිමත් නොවීම, මව දරුවා කෙරේ යොදවන අවධානය වැඩි වීමත් සමඟ සැමියාට දක්වන අවධානය මඳ වීම වැනි හේතු මත දෙමව්පියන් අතර ඇති බැඳීම දුරස් වී යා හැකියි.

SHARE