රුවා මව් කුසක සැඟවී සිටියත්, ඔහු අවට ලෝකයේ සිදු වන දේවල් ගැන පසු වන්නේ හොඳ අවධානයකින්. මව් කුසින් එපිට ලෝකයේ සුන්දර දේවල් සිදු වන දරුවා ප්‍රීතියෙන් කුල්මත් වෙනවා. ඉතින් මව් කුසේ සිටින දරුවා වෙනුවෙන් ධනාත්මක දේවල් සිදු කරමින්, ඔහුව විනෝදයට පත් කිරීමේ හැකියාව ඔබ සතුයි.


fb-like-beg


1 රසවත් ආහාර

දරුවාට සති 13 – 15 වන විට, ඔහු රස හඳුනා ගන්නට පටන් ගන්නවා. මව ලබා ගන්නා ආහාර වල රසය Amniotic තරලයට එකතු වෙනවා. ඔබේ දරුවා එය විඳිනවා. ඉතින් ඔබ ලබා ගන්නා ආහාර වල රසය මත ඔබේ දරුවා විනෝද වෙනවා. දරුවා වැදුණු පසුත් දරුවාට පිහිටන්නේ මෙම පුරුද්දයි. මව සෞඛ්‍යමත් හා රසවත් ආහාර ලබා ගන්නවා නම්, දරුවා අනාගතයේදී ආහාර ලබා ගැනීමට මැලි නොවන බව පැවසෙනවා. ඒ වගේම තමයි, මව පැණි රස ආහාර ලබා ගන්නවා නම්, දරුවා බිහි වූ පසු මව් කිරි බීමට වැඩි ප්‍රියතාවයක් දක්වන බවත් පැවසෙනවා.

2 ලා උණුසුම් ජලයෙන් ස්නානය කිරීම

දරුවා මවගේ කුසට තෙරපීගෙනයි සිටින්නේ. මේ නිසා පිටත සිදු වන උෂ්ණත්ව වෙනස්කම් දරුවාට ඉතා හොඳින් දැනෙනවා. ඉතින් මේ නිසා තද රස්නය ඇති වතුරින් ස්නානය කිරීම නම් බොහොම භයානකයි. නමුත් ලා උණුසුමක් සහිත ජලයෙන් ස්නානය කරන විට ඔබේ ගත සැහැල්ලු වෙනවා වගේම, දරුවාටත් සැනසුම් සහගත බවක් ලැබෙනවා. ඒ වගේම තමයි ජලය ගලා යන ශබ්දයත් දරුවාව පිනවන බව පැවසෙනවා. ඔබට බාත් ටබ් එකකට බැහැලා ස්නානය කරන්න පුලුවන්නම් තමයි වඩාත්ම හොඳ.

3 කුස පිටතින් පිරිමැදීම

දරුවෙකුට සති 20ක් පමණ වන විට කුස පිටතින් සිදු වන පිරිමදීම් දැනෙන්නට ගන්නවා. මෘදු ආදරණිය පිරිමැදීමක් දරුවාව සතුටට පත් කරවනවා. පියා සහ දරුවා අතර ඇති බැඳීම වැඩි කිරීමට මෙම ක්‍රියාව ඉවහල් වන බව කියවෙනවා. පියාට පුළුවන් මවගේ කුස පිටතින් පිරිමදින්න. ඖෂධීය තෙල් වර්ගයක්, මෘදු ක්‍රීම් වර්ගයක් ගල්වා, මෘදුව සම්බාහනය කරන්න. මේ අතරේ සෞම්‍ය සංගීතයකටත් සවන් දෙන්න.

4 මව කතා කරන ශබ්දය ඇසීම

දරුවාට වයස සති 25- 26 වන විට දරුවා පිටතින් ඇසෙන ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. දරුවාව සුවපත් කල හැකි ආදරනියම හඬ වන්නේ මවගේ ආදරණිය ආමන්ත්‍රණයි. මෙයින් දරුවාට සැනසුම් සහගත හැඟීමක් ඇති වෙනවා. දරුවා තුල ආරක්ෂා සහගත හැඟීමක් ඇති වෙනවා. මව සහ දරුවා අතර ඇති බැඳීම වැඩි කර ගන්නටත් මෙය හේතුවක් වෙනවා. මේ නිසා මව ආදරනියව නිතරම තම දරුවාට ඇමතීම සිදු කිරීම ඉතා වැදගත් කාර්යයක් වෙනවා. ඒ වගේම කුසේ සිටින දරුවාව ඇමතීම පියා ඇතුළු පවුලේ අන් අයත් සිදු කිරීම වැදගත්. එමඟින් දරුවාට විවිධ හඬවල් ඇසීමට සහ හඳුනා ගැනීමට අවස්තාව හිමි වෙනවා.

5 සංගීතයට සවන් දීම

මව දරුවා බිහි වීමට ප්‍රථමයෙන් සුන්දර සංගීත වලට සවන් දීම දරුවාට ඉතා හිතකරයි. මෙමඟින් මවගේ සිරුර තුල දරුවාට හිතකර වූ හෝර්මෝන නිපදවෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි, සෞම්‍ය සංගීතය මඟින් දරුවාගේ මොළය වර්ධනය කර, සංවේදනා දැනීම උත්තේජනය කරනවා. මේ නිසා දරුවාට ඇසෙන්නට සංගීතය ශ්‍රවණය කිරීම ඉතා වැදගත්.

6 මව විවේකයෙන් ගත කරන කාලය

මව විවේකයෙන් සිටින වෙලාවට තමයි බිලිඳා විනෝද වීමට තෝරා ගන්නේ. දරුවා පිනුම් ගසන්නටත්, සෙලවෙන්නටත්, සිටින ඉරියව් මාරු කිරීමටත් වැඩි කැමැත්තක් දක්වන්නේ මව විවේකයෙන් සිටින වෙලාවටයි. දරුවා ඒ මොහොත ගත කරන්නේ ප්‍රීතියෙන් බව පැවසෙනවා.

7 මව සිනහා වන අවස්තාව

මව සතුටින් සිනහ වෙන අවස්තාවලදී දරුවා සතුටෙන් පිනුම් ගසනවා. සිනහවත් සමඟ මාංශ පේශි හැකිලෙන නිසා මෙය සිදු වෙනවා. මව සතුටින් සිටින විට මවගේ සිරුර තුලින් නිපදවෙන හෝර්මෝන වල බලපෑම නිසා, දරුවාත් ප්‍රීතියට පත් වෙනවා. එය දරුවාගේ සෞඛ්‍ය මට්ටමත් ඉහල නංවනවා.

           

SHARE