හැම මවකගේම, හැම පියෙකුගේම සිහිනය තමයි තම දරුවාගේ අනාගතය සොඳුරු කිරීම. ඔවුන් ඒ වෙනුවෙන් තම ජිවිතයම කැප කරනවා. ඒත් ඇතැම් මව්පියන් දරුවාව සතුටෙන් තැබීම වෙනුවෙන් නොකළ යුතු දේවල් පවා සිදු කරනවා. ඒ දේවල් නිසා එම මොහොතේ දරුවාට සතුටක් ලැබුණත්, පසුකාලීනව දරුවාට එය අයහපත් ලෙස බලපෑ හැකියි. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරන්නේ ඒ ගැන ලිපියකුයි.


fb-like-beg

 


ප්‍රශංසා කිරීම

දරුවෙකුගේ යහපත් මානසික වර්ධනයට ප්‍රශංසාව අත්‍යවශ්‍යයි. දෙමාපියන් දරුවාව ප්‍රශංසා නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ප්‍රශංසා කිරීම යන දෙකම දරුවාට ඇති කරන්නේ හානියක්.

ප්‍රශංසා නොකළ විට

දරුවා හොඳ දෙයක් කරද්දී ඔබ දරුවාව ප්‍රශංසා කරන්නේ නැති නම් දරුවා මානසිකව කඩා වැටෙනවා. නැවත යහපත් දෙයක් කිරීමට දරුවා තුල ඇති උනන්දුව හීන වී යනවා. එවැනි දරුවන් වැඩිහිටි වියට පත් වුවත් ඔවුන්ගේ ආත්ම විශ්වාසය දුර්වල වීමේ අවදානමක් පවතිනවා.

පමණට වඩා ප්‍රශංසා කල කල විට

ඔබ ඔබේ දරුවාව ප්‍රශංසාවට ලක් කල යුත්තේ ඔහු එය ලැබීමට සුදුසු අවස්ථාවේදීයි. පමණට වඩා දරුවාව ප්‍රශංසාවට ලක් කල විට ඔහු යමක් සිදු නොකරම ප්‍රතිලාභ ලැබීමට හුරු වෙනවා. යමක් ලබා ගැනීමට, තමාගේ පැත්තෙනුත් යමක් සිදු විය යුතුයි යන කාරනාව දරුවා නොසලකා හරිනවා. මෙවැනි දරුවන්ගේ ආත්ම විශ්වාසයේ අඩුවක් නොමැති වුවත්, ඔවුන් ආත්මාර්ථකාමී වැඩිහිටියන් වෙන්නට ඉඩ තිබෙනවා. පරාජයක් දරා ගත නොහැකි, අනුන් කල ක්‍රියාවන් වලත් ගෞරවය තමා වෙත ලබා ගන්නට උත්සාහ දරන්නෙකු වීමට වැඩි අවදානමක් පවතිනවා. මහන්සි වී යමක් ලබා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට, තමා වෙනුවෙන් අන් අය සියලු දේ ලබා දිය යුතුයි/ අන් අය තමා වෙනුවෙන් කැප කිරීම් කල යුතුයි සිතන්නට ඔවුන් පෙළඹෙනවා. නමුත් අවාසනාව වන්නේ මව්පියන් හැර, සෙසු සමාජය ඔවුන්ට එවැනි අවස්තාවන් ඕලබා නොදීමයි. ඉතින් ඔවුන් සමාජයෙන් කොන් වෙනවා. දරුවා තුල සැබෑ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ ඔහුගේ සැබෑ හැකියාවන් වර්ණනා කිරීමෙන් පමණයි.  

පමණට වඩා ආරක්ෂා කිරීම

ඇතැම් දෙමව්පියන් දරුවන්ගේ ආරක්ෂක පලිහ ලෙස ක්‍රියා කරනවා. දරුවෙකුට දෙමව්පියන් වෙතින් ලැබිය යුතු ආරක්ෂාවේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව පසු කර ඔබ දරුවාව ආරක්ෂා කරන්නේ නම්, ඉන් බිහි වන්නේ කිසිත් තනිවම කර ගැනීමට නොහැකි වන දුර්වල දරුවෙක්වයි. මෙවැනි දරුවන් වැඩිහිටි වියේදිවත් අභියෝග වලට මුහුණ දීමට අපොහොසත් වන්නන්ය.

දරුවාගේ වයසේදී ඇති වන පුංචි පුංචි ප්‍රශ්න දරුවාටම විසඳා ගන්නට ඉඩ හැරීමෙන්, එයම දරුවාට පන්නරයක් වෙනවා. එහෙම නැතිව දරුවා පාසලේදී ඇති කර ගන්නා පුංචි පුංචි රණ්ඩු වලටත් දෙමව්පියෝ මැදිහත් වෙනවා නම්, අනිත් ළමයට බැනලා, අනිත් ළමයා ගැන ගුරුවරයාට පැමිණිලි කරලා තමන්ගේ දරුවාට ආරක්ෂාව ලබා දෙන්නට උත්සාහ කරනවා නම් එය මව්පියන් දරුවාව දුර්වල කිරීමක් ලෙස දැකිය හැකියි.

ඒ වගේම සමහර මව්පියන් දරුවා විභාගයක් අසමත් වුනොත් එහි වරද පටවන්නේ ගුරුවරයාටයි. දරුවා අඩු වයසින් ප්‍රේම සබඳතාවයක් ඇති කර ගත්තොත් එහි වරද පටවන්නේ දරුවා ඇසුරු කරන මිතුරන්ටයි.

මේ වගේ දරුවෙක් වැඩිහිටිවියේදී පිටස්තරයෙකු විසින් පොඩි අඩුපාඩුවක් පෙන්වා දුන්නත් අසාමාන්‍ය ලෙස හිත රිදවා ගන්නවා. තමාගේ අතින් වරදක් වූ විට එහි වගකීම ගන්නට බිය වී, අන් අය මත පවරනවා. එසේ කරන්නේ ඔවුන්ට කුඩා කාලයේදී ගැටළු විසඳාගෙන පුරුද්දක් නැති නිසයි.

ඉල්ලන සෑම දෙයම ලබා දීම

සමහර මව්පියන් තමා නොකා නොබී හෝ මුදල් එකතු කර දරුවා ඉල්ලන සෑම දෙයම ලබා දෙනවා. දරුවා කවදාවත් මව්පියන් තමන් වෙනුවෙන් සිදු කරන කැපවීම හඳුනා ගන්නෙවත්, ඊට සංවේදී වන්නේවත් නැහැ. නිවසේ මුදල් අඟ හිඟතාවයක් තියෙනවාද කියලවත් දරුවා දන්නේ නැහැ.

මෙවැනි දරුවන් වැඩිහිටි වියේදිවත් තවකෙකුගේ දුක හඳුනා ගන්නේ නැහැ. තමා තවකෙකු වෙනුවෙන් කැපවීම් කල යුතු යැයි ඔවුන් සිතන්නේ නැහැ. දුක් විඳින මිනිසුන් (ඇතැම් විට දරුවාගේ දෙමව්පියන්ම) දුටු විට ඔහු එය තේරුම් ගන්නෙවත්, සංවේදී වන්නේවත් නැහැ. එයට හේතුව තමයි ඔවුන් ජිවිතයේ දුක හඳුනාගෙන නොසිටීම.

SHARE