දෙ

මව්පියන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ලස්සන සුන්දර ළමා කාලයක් ගෙනත් දෙන්න. හැබැයි දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධව සමාජය තුල ගොඩ නැගිලා තියෙන වැරදි මත නිසා දෙමව්පියන් නිතරම පීඩාවට පත් වෙනවා. දරුවන් වෙනුවෙන් තමන් සිදු කරන දේ හරිද, වැරදිද කියලා හිතා ගන්න බැරුව ගොඩක් දෙමව්පියෝ මානසික ආතතියට පත් වෙනවා. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න.

 


fb-like-beg


 

පළමු මතය:  දරුවෝ දුකින් නම් දෙමව්පියෝ අසාර්ථකයි

හැම මවකටම, හැම පියෙකුටම අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවාව සතුටින් තියන්න. හැබැයි එහෙමයි කියලා දරුවෝ සමහර වෙලාවට දුකින් ඉන්නවා කියන එක විනාශයක පෙර නිමිත්තක් නම් නෙවෙයි.

එක්තරා පවුලක හිටපු පුංචි දියණියව සතුටු කරන්න ඇගේ අම්මයි තාත්තයි හරි අපූරු සැලසුමක් හැදුවා. දියණියගේ උපන්දිනය දවසේ ලොකු සාදයක් මේ දෙන්නා සුදානම් කලේ දියණියව දැනුවත් කරන්නේවත් නැතුවයි. ඒත් සිද්ධ වුනේ ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වුවාට වඩා වෙනස් දෙයක්. සාදයට පැමිණ හිටපු ඇති මහත් පිරිස දැකපු දරුවා අන්දමන්ද වුණා. හැමෝගෙම අවධානය ලැබෙද්දී දරුවා අපහසුතාවයට පත් වුණා. දරුවාගේ හිතට හදිසියේ ඇති වුනු ආතතිය ඇය පිට කලේ සාදයට ආපු තවත් දරුවෙක් එක්ක දබරයක් ඇති කරගෙන. මේ සිදු වුනු සිදුවීම ගැන ඒ දෙමව්පියෝ අනවශ්‍ය ලෙස දුකට පත් වුණා. ඒත් ඇත්තටම මේ සිදුවීම කෙරෙහි කිසිම වරදක් ඒ දෙමව්පියන් තුල තිබුනේ නැහැ. මේ වගේ පුංචි පුංචි ගැටළු නිසා තමන් දරුවාව සතුටු කරන්නට නොදන්නා දෙමව්පියන් කියලා දුක් වෙලා කිසිම තේරුමක් නැහැ. එය සරල සිදුවීමක් ලෙස සලකලා එය බැහැර කිරීමයි වැදගත් වෙන්නේ.

දෙමව්පියන් කරන සමහර දේවල් ගැන දරුවා සතුටු නොවීම කොහොමටවත් දෙමව්පියන්ගේ වරදක් නෙවෙයි.

දෙවන මතය: දරුවාට “නැහැ” කීම වැරදියි

වර්තමානයේ තිබෙන තවත් මතයක් තමයි දරුවෝ දෙයක් ඉල්ලද්දී එය ප්‍රතික්ෂේප කිරීම නපුරු වැඩක් කියන මතය. එය සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. ඔබට ලබා දිය හැකි දේවල් දරුවට ලබා දෙන්න. නමුත් ඔබට යම් හේතුවක් නිසා දරුවට යමක් ලබා දීමට හැකියාවක් නැති නම් ඒ බව දරුවාට පැහැදිලි කර දෙන්න. ආශා කරන හැම දේම ලැබිලා පුරුදු දරුවෙක්ට වැඩිහිටිවියේදී තමන් ආශා කරන දෙයක් නොලැබුනොත් දරා ගන්න බැරි වෙනවා. ඒ වගේම දරුවා ආශා වූවත්, ඔබට ඒවා මිලට අරගෙන දෙන්න හැකියාව තිබුනත්, දරුවාට නුසුදුසු දේවල් ලබා දෙන්නත් එපා.

උදා: කෘතීම ආහාර, ජංගම දුරකථන

තෙවැනි මතය: දරුවන් ඇති දැඩි කිරීමට විශේෂිත වූ ක්‍රමවේදයක් ඇත

දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳව ක්‍රමවේදයන් කිහිපයක්ම තියෙනවා. හැබැයි දරුවන් එකිනෙකාගේ එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් එක්තරා දරුවෙක්ව ඇති දැඩි කරන ක්‍රමයට නෙවෙයි අනෙක් දරුවා ඇති දැඩි කල යුත්තේ. නිශ්චිත ක්‍රමවේදයකට හැම දරුවෙක්වම හදන්න ගියොත් ඔබට වරදින්න තියෙන ඉඩ කඩ වැඩියි. පමණට වඩා සංවේදී දරුවන්ව ඇති දැඩි කරන ක්‍රමය, ආවේගශීලි දරුවෙකුට ගැලපෙන්නේ නැහැ. මේ නිසා දරුවාගේ ස්වභාවය හඳුනාගෙන, දරුවාගේ ඕනෑ එපා කම් හඳුනාගෙන ඒ අනුව දරුවන් ඇති දැඩි කල යුතුයි.

සිව්වන මතය: යහපත් දෙමව්පියන් දරුවන්ගේ අවශ්‍යතා වලට මුල් තැන ලබා දෙයි

පවුලක මුල් ස්ථාන හිමි වන්නේ දෙමව්පියන්ටයි. ඒ බව දරුවාට අවබෝධ නොවුවොත් දරුවා පවුලට අනුගත වන්නේ නැහැ. පවුලේ මව පියාට නොසලකා හැර දරුවාට මුල් තැන දීම හෝ, පියා මවට නොසලකා හැර දරුවාට මුල් තැන දීම සුදුසු නැහැ. එමඟින් දරුවා තුල පවුලේ සැකැස්ම ගැන වැරදි අවබෝධයක් ඇති වෙනවා.

පස් වන මතය: දරුවන් දෙමව්පියන් අතර ඇති විවාහ බැඳීම ආරක්ෂා කරවනවා

දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන දෙමව්පියන් ඔවුනොවුන් අතර බැඳීම තර කර ගන්නට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් සිතන්නේ  දරුවන් සිටින නිසා ඉබේටම තමන්ගේ විවාහ බැඳීම ආරක්ෂා වන බවයි. නමුත් දෙදෙනා අතර බැඳීම වැඩි කර ගන්නට නම් ඔවුන් වෙනම ක්‍රියා කල යුතුයි. දෙදෙනාට තනිව කතා කිරීමට, ආදරය කිරීමට, අදහස් සහ හැඟීම් බෙදා ගන්නට වෙනම කාල වෙලාවක් වෙන් කර ගත යුතුයි.   

SHARE