ප්‍රීතිමත් ළමා වියක් ගත කරන දරුවන්ගේ අනාගතය සරුසාර වීමට වැඩි ඉඩක් තිබෙනවා. වැඩිහිටි විය සාර්ථකව ගත කිරීමට හැකි වන්නේ ළමා වියේ ලබන අත්දැකීම් වල ගුණාත්මකභාවය අනුවයි. ළමා විය ප්‍රීතිමත්ව ගත කිරීම සඳහා මනා රුකුලක් වන්නේ දෙමව්පියන්ය. දෙමව්පියන්ගේ ආදරය සහ නිවැරදි ජීවන රටාව මත දරුවාගේ සිත ප්‍රීතියට පත් වෙනවාද, නැද්ද යන්න තීරණය වේ. ඉතින් අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ රහස් ගැන කතා කරන්න අද අපි තීරණය කළා.


fb-like-beg


දෙමව්පියන් මානසික පීඩා වලින් පෙළෙන්නේ නැහැ

මවකගේ සෘණාත්මක හැඟීම් හා චිත්තවේගී තත්වය ඇගේ පවුලේ සාමාජිකයන්ට බලපාන බව ඇතැම් අධ්‍යනයන් මඟින් හෙළි වී ඇත. ඍණාත්මක චිත්තවේගීය හැඟීම් වලින් පීඩා විඳින දෙමාපියන් තම දරුවන් තුළත් ඒ හා සමාන හැඟීමක් ඇති කිරීමට හේතු වේ. ඇතැම් දෙමව්පියන්ගේ තමන්ගේ මානසික පීඩාව දරුවන් වෙතින් පිට කර ගැනීමට උත්සාහ කරනවා. එයින් මව්පියන්ගේ සිත් වලට සහනයක් ලැබුණත්, ළමා කාලයේදී අත්‍යවශ්‍ය නිසි ආදරය සහ රැකවරණය නොදැනීම හේතුවෙන් දරුවා විවිධ මානසික ගැටළු වලට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතිනවා.

දරුවාට අවශ්‍ය සැලකිල්ල සහ ගෞරවය ලබා දීම

දෙමව්පියන් දරුවන්ට නිසි සැලකිල්ලක් සහ ගෞරවයක් දක්වන විට ඔවුන් අන් අය පිළිබඳව සැලකිලිමත් වීමට හා ගෞරවය දැක්වීමට ඉගෙනගන්නවා. දෙමව්පියන්ගේ ආදරය ඔවුන්ට දැනෙන විට ඔවුන් දෙමව්පියන් සමඟ දැඩිව බැඳෙනවා. එම බැඳීම මගින් තමාට ලැබෙන දේ අගය කිරීමට හා ඉක්මනින් යමක් ඉගෙන ගැනීමේ හැකියාව අත් වෙනවා. ඔබේ දරුවන් සමඟ වඩා හොඳ ගුණාත්මක කාලයක් ගත කරන්න: නින්දට යාමට පෙර එකට පොත් කියවීම, ඔවුන් සමඟ කතා කිරීම සහ ඔවුන් සමඟ ගැටලු බෙදා ගැනීම, ඔවුන්ට ඇහුම්කන් දීම සිදු කරන්න.

දරුවන්ට පහර දෙන්නේ සහ කෑ ගසා බැන වදින්නේ නැහැ

කුඩා ළමුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පහර දීම කියන්නේ නුසුදුසු දඬුවමක්. පහර දීම, බැන වැදීම වැනි හේතූන් නිසා දරුවාගේ ලපටි මනසට හානි සිදු විය හැකියි. බියගුළු වැඩිහිටි වියක් හිමි වීමට මේ අත්දැකීම් හේතු වෙනවා. මේ නිසා දරුවාට දඬුවම් නොදී ආදරයෙන් නිසි මඟට ගැනීමට උත්සාහ කරන්න. නිවසේදී මානසික හා කායික ප්‍රචණ්ඩත්වයට ගොදුරු නොවන ළමුන් මානසික අවපීඩනයකින්ට ගොදුරු වීමේ අවදානම අඩු වන අතර, තමන්ගේ හැඟීම් වඩාත් හොඳින් පාලනය කර ගැනීමට මනා හැකියාවක් ඇත. ඔවුන්ට හොඳ මතක ශක්තියක් හිමි වේ.

දරුවන්ව පාලනය කිරීම වෙනුවට, නිසි මඟ යෑම සඳහා ආදර්ශයක් සැපයීම

ප්‍රීතිමත් දරුවන්ගේ දෙමාපියන් දරුවන්ව ඒකාධිකාරී ලෙස පාලනය කිරීමක් කරන්නේ නැහැ. එසේ පාලනය නොවන දරුවන් වැඩිහිටියන්ට හොඳින් ගරු කරනවා. ඔවුන් දෙමව්පියන්ගේ ඒකාධිකාරී පාලන රටාව නිසා නිසා “හුස්ම හිර වී” අපහසුවට පත් වන්නේ නැහැ.

දරුවන්ගේ ගෞරවය හා විශ්වාසය දිනා ගැනීම සඳහා දෙමව්පියන් තමන්ගේ වැරදි සහ අඩුපාඩුකම් පිළිගත යුතුය. මව්පියන් නිවැරදි ජිවන රටාවක් අනුගමනය කළ යුතුය. ඔවුන් සාධාරණ විය යුතු අතර, දරුවාගේ දෘෂ්ටි කෝණයට ගරු කළ යුතුය.

දරුවාව විවේචනය නොකර දිරි ගැන්වීම

චරිතය, බුද්ධිය සහ නිර්මාණශීලීත්වය කිසි විටෙකත් වෙනස් කළ නොහැකි යැයි සමහරුන් උපකල්පනය කරනවා. දරුවාගේ අසමත්වීම් වලින් දරුවාගේ අනාගතය මනින්නට ඔවුන් උත්සාහ කරනවා. දරුවාගේ අසමත්වීම් විවේචනය කරන විට දරුවා මනසින් කඩා වැටෙන අතර, නැවත උත්සාහ කිරීමට පසුබට වෙනවා. දරුවන්ට සාර්ථකත්වය අත් කර දීමට ඇති එකම මාර්ගය වන්නේ ඔවුන්ගේ අසමත්වීම් නොසළකා හැරීමයි.

නමුත් දරුවාගේ අසමත් වීම් වලදී මව්පියන් ඔවුන්ව දිරි ගන්වන්නේ නම්, ඔවුන්ට නැවත තම  හැකියාවන් සහ කුසලතාවන් පෙන්වීමට උනන්දුවක් ඇති වෙනවා.

ඔබේ දරුවන්ගේ වර්ධන මානසිකත්වය වර්ධනය කිරීමට අවශ්‍ය නම්, නිතරම ඔවුන්ව දිරිගන්වන්න, ඔවුන්ගේ උත්සාහයන් ඇගයීමට ලක් කරන්න.

දරුවන්ගේ සෘණාත්මක හැඟීම් නැති කර ගැනීමට උපකාර කිරීම

දරුවන්ට කුඩා කලදී තමාගේ හැඟීම් පාලනය කර ගැනීමට හැකියාවක් නැහැ. එය කළ යුතු ආකාරය ඉගෙන ගැනීමට ඔවුන්ට දෙමව්පියන්ගේ උදව් අවශ්‍ය වෙනවා. නිවැරදි ලෙස හැඟීම් පාලනය කර ගැනීමට ඉගෙන ගැනීමෙන් ඔවුන්ගේ අනාගත සබඳතා ආරක්ෂා වනු ඇත.

ඔබේ දරුවාට තම හැඟීම් අවබෝධ කර ගැනීමට සහ හැඟීම් හෙළි කිරීමට උගන්වන්න. කෝපාන්විත සහ දුක්මුසු හැඟීම් සමඟ කටයුතු කිරීමට සරල උපක්‍රම ඔවුන්ට හඳුන්වා දෙන්න. ඔවුන්ට සෘණාත්මක හැඟීම් ඇති වූ විට නිහඬව හුස්ම ගැනීම, ඉලක්කම් ගණන් කිරීම වැනි උපක්‍රම වලින් ඒවා නැති කර ගැනීමට කියා දෙන්න.

දරුවන් සමඟ විනෝදයෙන් සිටීම

දෙමව්පියන්ට ඇති  බරපතල හා වඩාත්ම වැදගත් කාර්යය දරුවන් හැසිරවීමයි. ඇතැම්විට එය දෙමව්පියන්ගේ සිතට විශාල පීඩනයක් පවා ගෙන දිය හැකියි. නමුත් හැකි සෑම අවස්ථාවකදීම විනෝදයෙන් සිටින්න. දරුවන් සමඟ විහිලු තහළු කරන්න.


මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –

ප්‍රීතිමත් දරුවන් ඇති දැඩි කරන මව්පියන්ගේ රහස් 12ක් – 01 කොටස

SHARE