ජීවිතය ලස්සන කරන්න මිතුරු බැඳීම් අපිට උදව් වෙනවා. ඒත් සමහර වෙලාවල් වලදී නොගැලපෙන මිතුරුකම් නිසා අපට බරපතල හානි සිදු වෙන අවස්ථාත් තිබෙනවා. මිතුරුකම මොන තරම් ප්‍රභල වුනත්, ඔබට නොගැලපෙන මිතුදම් වලට තිත තැබීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඉතින් අද අපි තීරණය කළා ඔබට හානිකර මිතුරුදමක ලක්ෂණ goodhousekeeping.lk වෙබ් අඩවිය වෙතින් ගෙන එන්නට.


fb-like-beg


1 ඔබව ඔවුන්ගේ අනෙකුත් මිතුරු මිතුරියන් හා සැසඳීම

ඔබ ඔබම මිස, ඔබට වෙනත් අයෙකු වීමට බැහැ. ඔබ ජිවත් වන්නේ ඔබට හැකි ආකාරයටයි. ඉතින් මේ බව තේරුම් නොගෙන ඔබේ මිතුරා තමාගේ අනෙක් මිතුරන් සතු ලක්ෂණ හා ඔබව සසඳනවා නම්, එය ඔබට ගැලපෙන මිතු දමක් නොවේ. ඔබේ මිතුරාගේ එම ක්‍රියාකලාපය නිසා ඔබේ සිත තුල දුකක් ඇති වීම වලක්වන්න බැහැ.

උදා: “මගේ අනිත් යාලුවා නම් මට මේකප් සෙට් එකක් අරන් දුන්නා. එයා නම් ඇත්තටම හොඳම යාලුවෙක්.”

මේ වගේ දේවල් පැවසීමෙන් ඔබේ මිතුරා උත්සාහ ඔබව තමාට ප්‍රයෝජනවත් වන ආකාරයට වෙනස් කර ගැනීමටයි.

2 ඔබේ මිතුරාගේ ප්‍රශ්න ගැන ඔබ සමඟ කතා කළත්, ඔහු/ ඇය ඔබේ ප්‍රශ්න ගැන කතා කරන්න කැමති නැහැ

ඔබේ මිතුරා කැමති කතා කරන්නට පමණයි. ඔබට සවන් දෙන්නට ඔබේ මිතුරා සුදානම් නැහැ. ඔබ වරු ගණන් ඔබේ මිතුරාගේ පෞද්ගලික ගැටළු හා අභිලාෂයන් ගැන කතා කරනවා ඇති. නමුත් ඔබ යමක් පවසන්න හදද්දිම ඔබේ මිතුරා ඉතා සුක්ෂම ලෙස එය මඟ හරිනවා. බොහෝ විට තමා කාර්යබහුල බව පවසමින් තමයි ඔවුන් ඔබව මඟහරින්නේ. ඇත්තටම කියනවා නම්, ඔබට උදව් අවශ්‍ය හැම මොහොතකදීම ඔබේ මිතුරා කාර්යබහුලයි. ඒත් තමාට උදව්වක් අවශ්‍ය මොහොතේදී ඔබේ මිතුරා කාර්යබහුල නැහැ. එය විය හැකිද?

3 ඔබේ තීරණ ඉවරයක් නැතුව විවේචනය කරනවා

ඔබ වැරදි යමක් කරන විට එය පෙන්වා දීම හොඳ මිතුරෙකුගේ ලක්ෂණයක්. නමුත් ඔබ වැඩිහිටියෙකු ලෙස ගන්නා සෑම තිරනයකටම ඔබේ මිතුරා බාධා එල්ල කරනවා නම්, එය ගැන අවධානය යොමු කරන්න. ඔබ අඳින ඇඳුම, ඔබේ හිස කෙස් විලාසිතාව ඇතුළු ඔබ කරන හැම දෙයකම පලුද්දක් දකින්න උත්සාහ කරන මිතුරන් භයානකයි. එවැනි මිතුරන් දිගින් දිගටම ඇසුරු කිරීමෙන් ඔබට ඇති වන්නේ ලොකු මානසික පීඩනයක්. මෙවැනි මිතුරන්ට ඇත්තටම ඕනේ ඔබට නිවැරදි දේ පෙන්වා දීමට නෙවෙයි. ඔබට අවමන් කිරීමටයි.

4 ඔබ දෙදෙනා කොහේ හෝ යාමට සැලසුම් කළත්, ඔබේ මිතුරාට එය අමතක වෙනවා

හොඳ මිතුරන්ට එලෙස සැලසුම් කල දේවල් අමතක වන්නේ නැහැ. උදා : ඔබ දෙදෙනා එකතු වී කොහේ හෝ යාමට කතා කර ගත් නිසා ඔබ ඔබේ වැඩ රාජකාරි කැප කරමින් එයට සුදානම් වෙනවා. නමුත් ඔබේ මිතුරාට පහසුවෙන්ම සැලසුම අමතක වෙනවා.

ඔබ ඔබේ මිතුරාගේ නිවසට යාමට දිනයක් වෙන් කර ගන්නවා. නමුත් ඔබ එහි යන විට, ඔබේ මිතුරා වෙන කොහේ හෝ ගොස් තිබෙනවා. ඔබේ මිතුරා නිදහසට කරුණු ලෙස කියන්නේ ඔහුට එය අමතක වූ බවයි.

මෙවැනි සිදුවීම් වලින් ඔබට වටහා ගත හැක්කේ ඔබ දෙදෙනාගේ සබැඳියාව ඔබට වැදගත් වන වුවත්, ඔබේ මිතුරාට වැදගත් නොවන බවයි.

5 ඔබේ මිතුරාගේ වෙනස් වීම් ඔබට තේරුම් ගන්න බැහැ

ඔබේ මිතුරාගේ හැසිරීම වෙනස් වන සුළුයි. එක් දිනක් ඔබ සමඟ ඉතා කිට්ටුවෙන් සිටින මිතුරා, ඊළඟ දිනයේ ඔබට සලකන්නේ පිටස්තරයෙකුට සලකන ආකාරයටයි. ඔබේ මිතුරා වරින් වර වෙනස් වන හේතුව ඔබ දන්නේ නැහැ. ඒ වෙනස් වීමට හේතුව ඔබේ වරදක්ද, නැද්ද කියලා ඔබට හිතා ගන්න බැහැ. මෙවැනි මිතු දමක් ඔබට ගැලපෙන්නේ නැහැ.

6 ඔබේ මිතුරා ඔබ සමඟ අනවශ්‍ය ලෙස කෝපයට පත් වෙනවා

ඔබට පොඩි දෙයක් වැරදුනාම, ඔබේ මිතුරා කලින් කී දෙයක් ඔබට අමතක වුනාම ඔහු/ ඇය තරහ ගන්නවා. මෙවැනි හැසිරීමක් සහිත මිතුරෙකු ඇසුරු කරන්නට සිදු වීම ඔබගේ මානසික සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන්.

 

      

SHARE