ර්තමානයේ පවුල් වල දෙදෙනාම රැකියා කරනවා. දරුවෙක් ලැබුනට පස්සේ මව රැකියාවෙන් ඉවත් වීම කොහෙත්ම හොඳ විසඳුමක් නෙවෙයි. හැබැයි ඔබට ඔබේ දරුවාගේ ආරක්ෂාව ඔබට විශ්වාසවන්ත පුද්ගලයෙක්ගේ අතට පත් කල හැකි නම් ගොඩක් හොඳයි. ඔබට දරුවාගේ වගකීම පවරා දෙන්නට විශ්වාසවන්ත පුද්ගලයෙක් නැති නම්, පිළිගත් ළමා සුරැකුම් මධ්‍යස්තානයකට දරුවා ඇතුලත් කරන්න.

 


fb-like-beg


 

මම බබෙක් බලාගන්න ලඟදි රස්සාවකට ගියා. අනේ හරිම ලස්සන කොලු පොඩ්ඩා. දැක්කම ආදරේ හිතෙනවා. මටත් දරුවෙක් නැති එකේ මේ පොඩි එකාව මගේ දරුවෙක් වගේ හදා ගන්න මම තීරණය කළා.

බේබිගේ අම්මයි තාත්තයි දෙන්නම පෞද්ගලික ආයතන වල උසස් විධායක නිලධාරියෝ. ඒ දෙන්නා නිතරම කියනවා “අපි මේ නැහෙන්නේ අපේ දරුවාගේ ජිවිතේ ලස්සන එකක් කරන්න කියලා.” ඇත්ත තමයි. දරුවට කවදාවත් දුප්පත්කම කියන දුක විඳින්න ලැබෙන එකක් නැහැ.

ඒත් මේක මට හොඳ අවස්තාවක්. සල්ලි වියදම් කරලා හොඳ උසස් ගණයේ කිරි පිටි ගේන්නේ තමන්ගේ අම්මා කියලා දරුවා දන්නේ නැහැනේ. මට තියෙන්නේ හැම තිස්සෙම රසට කිරි හදලා බබාට පොවන එකයි. එතකොට බබා ආදරේ වෙන්නේ මටනේ.

ඒ නෝනා වැඩිය දරුවාව අතට ගන්නේ නැහැ. එයා කියන්නේ නම් දරුවන්ව අතට හුරු කර ගත්තම දරුවාගේ පෞරුෂයට හානි වෙනවලු. අනේ ඔය පිස්සු කතා කවුද ගණන් ගන්නේ. තමන්ව වඩාගෙන ඉන්න, තුරුළු කරගෙන ඉන්න කෙනාටනෙ දරුවා වැඩියෙන් ආදරේ වෙන්නේ. නෝනලා රස්සාවට ගියාට පස්සේ මම බේබිව වඩාගෙනමයි ඉන්නේ.

දවල් කාලෙට දරුවාව මුණින් දාන්න කියලා නෝනා මට උපදෙස් දීලයි තියෙන්නේ. එතකොට දරුවාගේ අතපය හයි වෙනවලු. ඒත් කවුද ඕවා කරන්නේ? ඔය බොරු විශ්වාසනේ. බේබි ආස නැහැ මුණින් ඉන්න. මුණින් දාපු ගමන් අඬන්න ගන්නවා. බේබි මට ආදරේ නැති වෙයි මම එයාව මුණින් දැම්මොත්.

ඒ ගෙදර නෝනා දරුවට පැණි රස කෑම දෙන්නේ හරිම අඩුවෙන්. ඒ නෝනා කියන්නේ සීනි වලින් සිද්ධ වෙන හානි ගොඩක් තියෙනවලු. අනේ ඒ වුනාට එහෙම කියලා බැහැනේ. සීනි කොච්චර රසද? මේ පොඩි වයසට දියවැඩියාව හැදෙන්නේ නැහැනේ. බබාලා හරිම ආසයිනේ සීනි රහට. නෝනලා රස්සාවට යනකම් ඉඳලා මම සීනි දාලා රස රස කෑම හදලා දරුවට කවනවා. එතකොට බේබි වැඩියෙන් ආදරේ වෙන්නේ මටනේ.

හවසට නෝනා ගෙදර ආවමත් බේබි කැමති මගේ ගාවට වෙලා ඉන්න. නෝනා බේබිව අරන් නෝනලාගේ කාමරයට ගිහින් විනාඩි 10ක් විතර යද්දී බේබි අඬනවා මම ගාවට එන්න ඕනේ කියලා. මට දැනෙන සතුට ගැන කියන්න වචන නැහැ. බේබි අඬන එක නවත්ත ගන්නේ ආයෙමත් ගෙනත් මගේ අතට දුන්නට පස්සෙයි.

“බලනවා, තමුසෙට ලමයව නලව ගන්න බැහැ. අර විමලා කොච්චර හොඳට ලමයව නලව ගන්නවද?” දවසක් නෝනලගේ කාමරෙන් මට මහත්තයා ගුගුරන සද්දය ඇහුනා. හැබැයි, මට වරදකාරී හැඟීමක් නම් දැනුනේ නැහැ කියලා සහතිකයි.

 

SHARE