ත්තටම කාලය ගත වෙද්දි එදා වගේම ආදරයෙන් ඉන්නවා කියන එකත් ලොකු අභියෝගයක්. ඔබ දැකලා ඇති කාලයත් එක්ක ගතින් එකට හිටියත් විවාහක ජෝඩු හිතින් ඈත් වෙන හැටි. ඉතින් අද අපි තීරණය කලා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන කතා කරන්න.

fb-like-beg


01. ආදරය රැක ගන්න.

  • ඔබට මතක ඇති ඔබ පෙම් කල අවදියේ ප්‍රේමණීය වුනු හැටි. උපන්දින පුදුම කිරීම්, දෑත් පටලගෙන ඇවිදින්න යෑම් ඇතුලු ගොඩක් දේවල් ඔබ ඒ කාලේදී කරලා ඇති. ඉතින් විවාහ වුනා කියලා ඔබේ පරණ ප්‍රේමණීය පුරුදු අත ඇර ගන්න එපා.
  • විවාහයෙන් පසු ලිංගික ආශාවන් ක්‍රම ක්‍රමයෙන් හීන වී යනවා. ලිංගික එක් වීම යුතුකමක් හෝ දින චර්යාවේ තවත් එක් අංගයක් පමණක් කර නොගන්න. ඒ මොහොත එකිනෙකාගේ රුචි අරුචිකම් අවබෝධ කර ගන්නා සොඳුරු මොහොතක් බවට පත් කර ගන්න.
  • ආදරය කරන අවදියේදී දෙමව්පියන්ට රහසින් ඔබ හමුවීම් යොදාගත් අයුරු මතකද? විවාහ වුණා කියලා ඒ පුරුද්ද නවත්තන්නේ නැතිව මසකට වතාවක්වත් හමුවීම් යොදා ගන්න. චිත්‍රපටියක් නැරඹීමට යන්න, රාත්‍රී අහාර වේල පිටින් ගන්න, විනෝද චාරිකා යන්න.
  • බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු තමන්ගේ පෙනුම සහ ඇඳුම් ගැන පවතින සැලකිල්ල අඩු කරනවා. සැමියා උදෑසනත්, සවසත් තම බිරිඳව දකින්නේ එකම ඇඳුමෙන්ම නම් සැමියාට ඇය ගැන ඇල්මැරුණු සිතුවිලි ඇති වීම පුදුමයක් නෙවෙයිනේ. ඒ නිසා සිත් ඇද ගන්නා සුළු ඇඳුම් වලින් සැරසෙන අතරම තමාගේ ශරීරය, මුහුණ ලස්සනට තියා ගන්න වෙහෙසෙන්න.
  • ඔබේ දවස හොඳ වුණත්, නරක වුණත් සිනහ මුසු මුහුණින් සිටින්න. හුඟක් අය රැකියා ස්ථානයේදී තමන්ට ඇති වුණු ප්‍රශ්න වල පීඩනය පිට කර හරින්නෙත් පවුලේ සාමාජිකයන් මතයි. ඔබේ දුක ඔවුන් එක්ක බෙදා ගත්තට කමක් නැහැ. එහෙම නැතුව බොස් බැන්නම, බොස්ට අනිත් පැත්තට මුකුත් කියන්න බැරි නිසා ඒක හිතේ හිර කරගෙන ඇවිත් පවුලේ අයට බනින එක මහ පිස්සු වැඩක්.

02. වෙනස් ආකාර වලින් ඔහුට සමීප වන්න.

බොළඳ බව ටිකක් විතර එකතු වුණාම ආදරයට අමුතු ලස්සනක් වෙනවා. එයා විවාහයෙන් පස්සේ කොච්චර සීරියස් සැමියෙක් වෙන්න උත්සාහ කළත්, මේ වගේ දේවල් වලින් ඔහුගෙ මුහුණට හිනාවක් ගෙන්න පුළුවන්.

  • පුංචි පුංචි ආදරණිය වැකි ලියපු කොළ කෑලි නිවසේ තැනින් තැන, ඔහුගේ ඇඳුම් වල සාක්කුවේ, වාහනයේ බොනට් එකේ, කණ්නාඩි කොපුව ඇතුලේ දාලා තියන්න. අහඹු ලෙස ඒවා දකිනකොට ඔහුට ඔබ ගැන ආදරේ වැඩි වෙන එක නියතයි.
  • ඔබේ සහකරු රාජකාරී තුළ නිරත වී සිටිද්දී, ඔහුව ප්‍රබෝධමත් කළ හැකි SMS යවන්න. ආදරය ගැන අර්ථවත් පින්තුර සහ කෙටි වීඩියෝ වල ලින්ක් යවන්න. ඔබේ පින්තුර (සෙල්ෆි) යවන්න. නිතර නිතර නොව, ඉඳ හිට හදිසියේ යවන්න.
  • ඔබට අලුතින් දැන ගන්න ලැබුණු දේවල්, අලුතින් කියවන්න ලැබුණු පොත්පත්, අළුත් ෆිල්ම් ගැන ඔහු එක්ක කියන්න. එතකොට ඔබට කථා කරන්න මාතෘකා ඉබේම ලැබෙනවා.

03. තෑගි මගින් ලං වෙන හැටි

මේකෙන් අදහස් කරන්නේ කොහොමටවත්ම මිල අධික තෑගී නෙවෙයි. මිල අධික තෑගි දීලා දිනා ගන්න ආදරය බොහොම තාවකාලිකයි. ඒ වෙනුවට ඔබට මේ වගේ හිතට දැනෙන තෑගි කිහිපයක් දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.

  • ඔයාලා දෙන්නගේ එකට ඉන්න පින්තුරයක් රාමු කරලා දෙන්න. මේ ඔයාල දෙන්නා ගිය විනෝද චාරිකාවකදී, ගත කරපු ලස්සන මොහොතකදි ගත්තු පින්තුරයක් නම් ගොඩක් වටිනවා.
  • එයා කැමතිම කෑමක්, අතුරුපසක් හදලා දෙන්න.
  • එයා කැමති සින්දු එකට දාපු DVD එකක් දෙන්න.
  • මුහුදු වෙරළට ගියාම ඔබ ලස්සන සිප්පි කටුවක් දැක්කොත්, කොහේදී හරි හදවතේ හැඩය ගත්තු ගලක්, වෙන මොනවම හරි ආකර්ශනීය පුංචි දෙයක් දැක්කොත් ඒක ඔහුට ගෙනත් දෙන්න.

04. නිවස පුංචි සුරපුරයක් කර ගමු

  • හැමදේම පිරිසිඳුවට, ආකර්ෂණිය විදිහට තියා ගන්න උත්සාහ කරන්න. එතකොට තමයි ඔහුට නිවසේ රැඳෙන්න ආසා හිතෙන්නේ.
  • ඔහු හවස ගෙදරට එනකොට දොර අරින්නම් වාලේ දොර අරින්නේ නැතුව, ඔහුව ගොඩක් උණුසුම් විදිහට පිළිගන්න.
  • කෑම හදනකොට, නිවසේ පුංචි පුංචි අළුත්වැඩියාවන් කරනකොට දෙන්නම ඒ වැඩ බෙදා ගන්න.
  • ඔබ මැදිහත් වෙලා සහකරුගේ පවුලේ අයට කෑමක් දෙන්න ආරාධනා කරන්න. තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන්ගේ දෙමව්පියන්ට සලකනවා කියලා දැනෙද්දී, දෙදෙනා අතර තියෙන ආදරය වැඩි වෙනවා.

05. නිදහස අගය කරන්න

ආදරයකදී දෙදෙනා එකටම සිටියත්, නිතරම එහෙම ඉන්න ගියොත් දෙන්නටම ඒ ඒකාකාරී බව එපා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එකිනෙකාගේ විනෝදාංශ වල නිරත වීම, මිතුරන් හමුවීම මේ ඒකාකාරී බවට හොඳ විසඳුමක්. ඒ නිසා ඕනෙවට වඩා එකිනෙකාට සිමාවන් පනවගන්න යන්න එපා.

SHARE