දරය විඳින්නට සහ ආදරය කරන්නට අකමැති කිසිවෙකුත් මේ ලෝකය තුල නැහැ. ආදරය ඉතා සොඳුරු දෙයක් බව ඔබ දන්නවා ඇති. ආදරය බෙදා ගැනීමේදී, එය ඔබේ මනස සතුටු කරන බව ඔබ අත් විඳ ඇති. ඔබේ සිතට සහනශීලි හැඟුම් ගෙන එන්නට මේ ආදරය සමත් වෙනවා. නමුත් මේ පසුපස සැඟවී තිබෙන විද්‍යාත්මක පදනම ඔබ නොදන්නවා ඇති. ආදරය ඔබේ සිරුරට ඇති කරන බලපෑම ගැන අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


01. ඔබේ වේදනාවන් නිදහස් කර ගැනීමේ ස්වභාවික ක්‍රමයක් ලෙස ආදරය හඳුන්වන්න පුළුවන්

ආදරය කිරීමේදී ඔබට පහසුවක් සහ සතුටුදායක හැඟීමක් ඇති වෙනවා. ඔක්සිටොක්සින් කියන්නේ සිරුරේ වේදනාවන් පහ කිරීමට සමත් වෙන, මනස නිශ්චල කිරීමට සමත් වෙන රසායනිකයක්. මෙම රසායනිකය නිපදවෙන්නේ ඔබේ මොලය තුල වන අතර හිසේ කැක්කුම් වැනි වේදනාවන් සමනය කර ගැනීමට මෙය උපකාරී වෙනවා.

දෙදෙනෙකු ආදරයෙන් වැළඳගෙන සිටීමේදී මිනිත්තු 10ක් – 20ක් ඇතුලත මේ රසායනිකය නිපදවෙනවා.

ඔබ ආදරය කරන අයෙකුගේ ජායාරූපයක් දෙස බැලීමේදී ඔබේ වේදනාවන් අඩු වී යනවා (සාමාන්‍ය වේදනාවන් 40%කිනුත්, බරපතල වේදනාවන් 15%කිනුත්). ඔබේ මොලය ඔබේ සහකරුගේ ජායාරූපය වේදනා නාශකයක් ලෙසත්, සිත එකඟ කර ගැනීමට උපකාරී වන මාධ්‍යයක් ලෙසත් හඳුනා ගන්නවා.

නිදන්ගත රෝග නිසා ඇති වන වේදනාව, ආතරයිටීස් සහ කෙණ්ඩා පෙරලීම නිසා ඇති වන වේදනාව සමනය කිරීමට ආදරය කිරීම සහ ලිංගික සබඳතා උපකාරී වන බව පැවසෙනවා.


02. ආදරය ඔබේ හදවත ආරක්ෂා කරනවා

මනසට පීඩාකාරී දේවල් සිදු වන විට ඔබේ හදවතට හානි සිදු විය හැකියි. නමුත් ආදරය ලැබීම ඔබේ හදවත අවදානම් තත්වයන්ගෙන් මුදවනවා. ආදරය කිරීමේදී ඔබේ සිරුර තුල නිපදවෙන රසායනිකයන් විසින් මානසික පීඩාවන් අතුරුදන් කර, රුධිර පීඩනය අඩු කර, ආත්ම ශක්තිය වැඩි කර, මානසික ආතතියට එරෙහිව සටන් කරනවා.


03. සිරුරේ රෝග වලට එරෙහිව සටන් කිරීමට ආදරය ඔබේ සිරුරට උපකාරී වෙනවා

ආදරණිය හැසිරීම් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා. යමෙකුගේ රෝග වලට එරෙහිව සටන් කිරීමට ඔහුට ලැබෙන ශක්තිමත්ම අවිය ආදරය කිව්වොත් නිවැරදියි. ඔහු ලබා ගන්නා බෙහෙත් වල ගුණය නිවැරදිව ලැබීමට ආදරය උපකාරී වෙනවා.


04. නින්ද නොයෑමේ රෝගය සුවපත් කිරීමට ආදරයට මනා හැකියාවක් තිබෙනවා

Oxytocin සහ Endorphins හෝමෝන වර්ග දෙක ඔබ ආදරය කිරීමේදී ඔබේ සිරුර තුල නිපදවෙනවා. මේ හෝමෝන වර්ග දෙක විසින් ඔබේ සිරුර ආතතිය පත් කිරීමට සමත් වන Cortisol හෝමෝනය නිපදවීම අවහිර කර දමනවා. එමඟින් ඔබට ස්වභාවික විවේකයක් අත් කර දෙනවා. රාත්‍රියේදී හොඳින් නින්ද ලැබීමට මෙය උපකාරී වෙනවා.


05. ආදරය ඔබේ අහිතකර ඇබ්බැහිවීම් වලින් ඔබව මුදා ගන්නවා

අබිං, කොකේන්, නිකෝටින් සහ මත්ද්‍රව්‍ය වැනි දේ වලට ඇබ්බැහි වීම ඔබේ සිරුරේ සතුට ඇති කරවන Dopamine හෝමෝන මට්ටමට බලපෑම් ඇති කරවනවා. ආදරය කිරීම මඟිනුත් ඔබේ සිරුරේ සතුට ඇති කරවන Oxytocin සහ Testosterone හෝමෝන වර්ග නිපදවෙනවා. මේ නිසා ආදරය ඔබේ ඇබ්බැහිවීම් වලින් ඔබව ඉවත් කරවීමට සමත් වෙනවා.

වෙනත් වචන වලින් පැවසුවොත් ආදරය ඔබේ සිත තුල විශාල සතුටක් ජනිත කිරීමට සමත් වෙනවා. එය අහිතකර ඇබ්බැහිවීම් නිසා ඔබේ සිත තුල ජනිත වූ සතුට පරදවනවා.


06. ආදරය ඔබේ ආයුෂ දිගු කරනවා

සමීක්ෂණ වලට අනුව ආදරණිය සබඳතාවයක් තුල දිවි ගෙවන්නන්ගේ ආයුෂ වැඩියි. ඔවුන්ගේ රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රතිශතය, මානසික ආතතීන්ට ගොදුරු වීමේ ප්‍රතිශතය ඉතා අඩුයි. මේ නිසා ඔවුන්ගේ ආයුෂ දිගු වන බව හෙළි වී තිබෙනවා.


07. ආදරය ප්‍රතිකාරයක්

ප්‍රතිකාරයන් ලබා ගැනීම සඳහා මිනිසුන් වෙහෙසෙනවා. නමුත් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ට සවන් දීමට සහ ඔවුන්ව තේරුම් ගැනීමට කැමති පුද්ගලයන් ඇසුරු කිරිමටයි. එය ඔවුන්ව සතුටට පත් කරනවා. ආදරය ලැබීම මිනිසෙකුගේ මානසික සහ කායික රෝග රැසක් දුරු කරවනවා.

SHARE