යේ දවසේ පලවෙනි කොටසින් අපි කතා කළා සතුට කියන්නේ තමාගේ වගකීමක් කියල. එහෙනම් මේ රැකියාවෙන්, දරුවන්ගෙන්, ගෙදරදොර වැඩ වලින් ආතතියට පත් වෙන පරිසරයක අපි කොහොමද කාන්තාවක් විදිහට අපේ සතුට රඳවා තබා ගන්නේ කියල දැන් ඉගෙන ගමු.


fb-like-beg

 


පළමුවන කොටස සඳහා පිවිසෙන්න

FB එකෙන් ජීවිතේ යාළුවො එක්ක සසදන්න එපා

කාන්තාවන් විහින් දුක් විඳින්න ලොකුම හේතුවක් තමයි දැන් සමාජ මාධ්ය කියන්නේ. ඒවාට ඇවිත් කොතරම් වටිනා දැනුමක් ලබන්න පුළුවන් වුනත් සමහර කාන්තාවෝ අසතුට වැඩි කරගන්න හේතුවක් කරගෙන ඉන්නේ මෙන්න මේ ෆේස් බුක් එක.

ඔබේ යාලුවා ෆේස් බුක් එකේ දාල තිබෙන්න ඇති සැමියා උපන්දිනේට අරගෙන දුන්න වටිනා ත්යාගයක්. ඔබේ උපන්දිනය සැමියාට අමතක වෙන්න ඇති. එහෙම හිතල ඔබ ගොඩක් තරහට මානසික පීඩනයට ලක් වෙන්නත් ඇති. නමුත් මොහොතකට හිතන්න ෆේස් බුක් එකේ පෙන්වන හැම දේම ඇත්තක්ද කියල. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එම නිසා තව කෙනෙක්ගේ හොඳ දෙයක් දුටුවොත් සතුටු වෙන්න.

“අරයාගේ හබී එයාට මේ තරම් ආදරෙයි ..ඒකට ඔයා
අහවලාගේ දරුවා මේ තරඟය දිනුවා..අපිට ඉන්න මෝඩයෝ ඒ වුනාට …
අහවලාගේ අම්මා මෙහෙමයි කරන්නේ..ඒකට අපේ අම්මා “

ඔහොම හිතලා මානසිකව පීඩාවට ලක් වෙන්න එපා. එකිනෙකාගේ ජීවිත වෙනස්. අපිට ලැබෙන දේවල් වෙනස්. ජීවිතේ කියන්නේ සැප , දුක දෙකේ මිශ්රණයක්.

වැඩ පවුලේ සාමාජිකයන් අතරේ බෙදා ගන්න

සමහර කාන්තාවන්ට වෙන කෙනක් ගෙදර වැඩක් කරොත් ප්රමානවත් නැහැ. දරුවා ගේ අතුගෑවොත් බනිනවා.

“ බාගෙට අතුගාලා. ඔයිට හොඳයි මමම කර ගන්නවා “ කියල.

සැමියාට වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කරොත් හොයන්නේ මොකක් හෝ ඇද පලුද්දක්. ඉතින් කවුරුත් වැඩ කරලා බැනුම් අහන්න කැමති නැති නිසා උපකාර කරන්නේ නැහැ. උදේ ඉඳගෙන රෑ වෙනකම් බනිමින්. අසන්තෝස වෙමින් ඇතැම් කාන්තාවන් ගෙදර වැඩ කෙළවරක් නැතුව කරනවා. ඔබ තේරුම් ගන්න ඕනේ සම්පූර්ණ වෙන්න දෙයක් නැහැ හැමෝම වැඩ කරලා තමයි හොඳින් කරන්න ඉගෙන ගන්නේ. එම නිසා ක්රමිකව පවුලේ සාමාජිකයන් වැඩට පුහුණු කරවන්න. මුලින් ප්රයෝගික ප්රශ්න ඇති වේවි.

නමුත් එයින් ඔබ වඩාත් විවේකී මානසික පීඩාවෙන් අඩු පුද්ගලයෙක් බවට කාලය එක්ක පත් වෙනවා. පවුලේ සමගිය ඇති වෙනවා. දරුවෝ සහ්ක්තිමත් , වගකීම් දරන පුරවැසියෝ වෙනවා. විඳින්න ලැබුන ජීවිතේ බර අදිමින් විඳවන එක සුදුසු නැහැ. සතුට වැඩිවෙන්න නම් වැඩ හැමෝටම බෙදා දෙන්න. එය හැමෝටම හොඳයි.

විනෝදාංශ, යාළුවො, ඔබටම සමාජ ජීවිතයක්

කාන්තා අප බොහෝ විට විවාහයෙන් පස්සේ ගෙදරට, සැමියාට සහ පවුලට විතරක් කොටු වෙනවා. මෙන්න මේ නරක සිරිත නිසාත් ඔබ අනවශ්ය ලෙස පීඩනයට ලක් වෙනවා. ඔබේ සමාජ කවය කුඩා වෙද්දී ඔබ සතුට හොයාගෙන සැමියා වෙතට විතරක් යොමු වෙනවා. ඔහුගේ පොඩි පමාවක්, මිතුරු හමුවක් වගේ දෙයක් ඔබව කෝපයෙන් , ශෝකයෙන් පුරවන්න සමත් වෙනවා.

එහෙම නොවී ඉන්න නම් ඔබත් ඔබටම අනන්ය ජීවිතයක් ගෙවන්න. ඔබට කියල විනෝදාංශ සොයාගෙන නිරත වෙන්න. ඔබේ සතුට වැඩි කරවන දේවල් ගැන හිතන්න. ඔබට හොඳ යාළුවො ටිකක් හදා ගන්න. විටින් විට ඔවුන් එක්ක එලියට යන්න . ඇවිදින්න. කොපි ටිකක් බොන්න. කතා කර කර ඉන්න . ඔබේ හිත සතුටින් පිරේවි.

ඔබේ සැමියාටත් එවැනි නිදහසක් විඳින්න ඉඩක් දෙන්න. එවිට ඔහුත් තව තව ඔබ කෙරෙහි ආදරෙන් බැඳෙන්න පටන් ගනීවි.

ලස්සනට අඳින්න

ඔබ ලස්සනට අඳින්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ කාටවත් පේන්න නෙවෙයි ඔබේම ආත්ම තෘප්තිය වෙනුවෙනුයි. ඔබව කණ්ණාඩියෙන් ඉස්සෙල්ලම දකින්නේ ඔබයි. ඉතින් හිතන්න ඔබ ආකර්ශනීයයි , ලස්සනයි කියන සිතුවිල්ල එක්ක ඇතිවෙන ආත්ම විශ්වාසය ඔබේ දවසම ප්රබෝධමත් කරනවා. නොදැනීම ඔබේ සතුට අනික් අයටත් දැනෙනවා.

ව්යායාම අනිවාර්යයයි

ඇවිදීම, බයිසිකල් පැදීම, රිද්මයකට නර්තනයෙහි යෙදීම, ජිම් එකකට ගිහින් ව්යායාම වල යෙදීම වගේ දේවල් වලින් ඔබ සතුටු දෙයක් කිරීම අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ සතුටින් පුරවනවා. ව්යායාම එක්ක නිරෝගීකම සහ ලස්සන ලැබෙද්දී ඔබේ සිත සතුටින් පිරෙනවා. ඒ වගේම ව්යායාම කිරීම සමග ඔබගේ මොලය Endorphins නමැති රසායන මුදා හරිනවා. මෙම රසායන වේදනාව, දුක වගේ දේවල් සමනය කරලා සතුටු හෝර්මෝන ශ්රාවය කරවීමට සමත් වෙනවා.

හොඳ ලිංගික සතුටක්

ලිංගික ජීවිතේ මිහිර සතුටුදායක මිනිසෙක් වෙන්න හේතු වෙනවා. ගොඩක් විවාහක යුවලවල් ලිංගිකව හැසිරීම, ආදරය කිරීම වගේ දේවල් නොකර ඒ වෙලාවේ ෆෝන් එකට ඇඟිලි ඔබමින් සමාජ මාධ්ය වලට වෙලා කාලය වැය කරනවා. අධිකව ස්කීන් වලට ඇබ්බැහි වෙන එක ගොඩක් භයානකයි. ඒ නිසා සමාජ මාධ්ය වලට වෙලා රාත්රී වෙනකම් කාලය වැය නොකර ඔබේ සහකරු එක්ක සමීප වෙන්න උත්සහ දරන්න. එයින් ලැබෙන සතුට මිල කළ නොහැකියි.

SHARE