දරයක් ඇරඹුණු අලුත නම් ඔබට දැනෙන්නේ මුළු ලෝකයම ඔබට ලැබුනා වාගෙයි. මොකද ඒ මුල් කාලය ඔබේ සිතේ ජනිත කරවන්නේ ඉහ වහා නොගිය සතුටක්, උනන්දුවක්. මොන තරම් ආදරයක් මුලදී දැනුනත්, පසුකාලීනව බිඳ වැටෙන ආදර සබඳතා නම් ඕනෑ තරම්ය. මේ වගේ බිඳ වැටෙන සුළු ප්‍රේම කතා කලින්ම හඳුනා ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.

 


fb-like-beg


 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

6 පෙම්වතා ඉස්සරහ වෙනස් චරිතයකට අවතීර්ණ වීම

පෙම්වතා ඉදිරියේ හොඳම පෙම්වතිය වීමේ අරමුණින් සමහර ගෑනු ළමයි මවා ගත්තු අහිංසකකමක්, කරුනාවන්තකමක් මවා ගන්නවා. තවත් සමහරු තමන්ගේ හැසීරීම පවා අසීමිතව සංවර කර ගන්නවා. එතකොට ඔබේ පෙම්වතා කැමති වෙන්නේ ඔබට නෙවෙයි. ඔබ මවා ගත්තු චරිතයටයි. කාලයත් එක්ක ඔබේ සැබෑ ස්වභාවය ටික ටික ඔහුට තේරෙනකොට ඔහු ඔබෙන් දුරස් වෙන්න පටන් ගන්නවා.

සමහර පෙම්වතියන් පෙම්වතාගේ ලෝකයේ වීරවරිය වෙන්න ඕනේ නිසා සමහර දේවල් සඟවනවා. සමහර වෙලාවට බොරුත් කියනවා. ඊළඟට ඒ බොරු වහන්න දිගින් දිගටම බොරු කියන්න සිදු වෙනවා. ඒත් කවදා හෝ මේ බොරු හසු වූ විට ඔබ දෙදෙනා අතර ඇති විශ්වාසය බිඳෙනවා.

 

7 අනෙකාව පාලනය කරන්නට උත්සාහ දැරීම

ඔබ ඔබේ පෙම්වතාව පාලනය කරන්න උත්සාහ දරුවත්, ඔබේ පෙම්වතා ඔබව පාලනය කරන්න උත්සාහ දරුවත් එය වැරදියි. අනිත් කෙනාගේ ජීවිතය පාලනය කරන්නට උත්සාහ දැරීමෙන් කියවෙන්නේ ඔබ දෙදෙනා අතර තිබිය යුතු අන්‍යෝන්‍ය විශ්වාසය නොමැති බවයි.

තමන්ගේ සහකරුවාව පාලනය කරන්නට යාමෙන් සහ නීති දැමීමෙන් සිදු වන්නේ සහකරු ඔබෙන් කෙමෙන් කෙමෙන් දුරස් වීමට මඟ පෑදීමයි.

ඔබ ඔබේ සහකරුගේ දෙමාපියන්ගෙන් කෙනෙකු නොවන බවත්, ඔබේ සහකරු තීරණ ගත හැකි ස්වාධීන පුද්ගලයෙකු බවත් මතකයේ තබා ගන්න.

 

8 ප්‍රධාන නොගැලපීම් නොසලකා හැරීම

ආදරය නොගැලපීම් බලපාන්නේ නැහැ කියලා හිතන අය වැඩි දුර හිතන්නේ නැතුවම ඉක්මනට පෙමින් බැඳෙනවා. හැබැයි දෙදෙනා අතර ඇති ගැලපීම් වැඩි වෙන තරමට ඒ සබඳතාවය දිගු කාලීන වීමේ ඉඩ කඩ වැඩියි. ආගම, සංස්කෘතිය, රැකියාව, පවුල, මිතුරු මිතුරියන්, මුල්‍ය හැකියාව ආදී කාරණා මුලදී නොසලකා හැරියත් කල් ගත වන විට ගැටළු ඇති වීමට කුඩා හෝ ඉඩක් පවතිනවා.

උදාහරණ වශයෙන් ගතහොත් අධ්‍යාපන මට්ටම හෝ රැකියාවේ මට්ටම නොසලකා ප්‍රේම කරන්නට එළඹෙන බොහෝ දෙනා, පසුකාලීනව ඒ හේතුව නිසාම වෙන් වෙන ආකාරය දැක ගන්න පුළුවන්.

 

9 ආශ්‍රය කරන්නට ලැජ්ජා වීම

ඔබේ පෙම්වතා සමඟ කාලය ගත කරන්න ඔබට ලැජ්ජයිද? සමහර පෙම්වතියො මේ ගැටලුව නිසා මුල් කාලයේදී හැකි තරම් පෙම්වතාව මඟ හරිනවා. මුණ ගැහුණු විටත් කතා කරන්නේ හරි අඩුවෙන්. එතකොට කොහොමද ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාව තේරුම් ගන්නට අවස්තාවක් ලැබෙන්නේ? තේරුම් ගන්නට බැරි වෙනකොට  දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙන එක අහන්නත් දෙයක්ද?

 

10 පෙම්වතාගෙන් තොර ලෝකයක් නොමැති වීම    

පෙම්වතාට තමන් වෙතින් බිඳක්වත් ඈත් වෙන්න දෙන්න නැතුව, පෙම්වතාගේ මිතුරන් ආශ්‍රයටත් බාධාවක් වෙන පරිදි සමහර පෙම්වතියන් ඔහු එක්කම ඉන්න බලාපොරොත්තු වෙනවා. සමහර ගැහැණු ළමයි මෙහෙම හැසිරෙන්නේ ආදරය වැඩි කම නිසා තමයි. ඒත් ඒක පෙම්වතාට නම් දැනෙන්නේ කරදරයක් විදිහටයි. ඉතින් ඔහු පෙළඹෙනවා පෙම්වතියට බොරු කියලා, ඇයව මඟ හැරලා තමන්ගේ දේවල් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න. ඔබව හමුවන්නට පෙර ඔහු ස්වාධීන මිනිසෙකු ලෙස ජිවත් වූ බව අමතක කරන්න එපා.  

 

11 ඔබේ ආදරය වේගවත් වීම

ආදරයක් ඇති වෙලා දවසක් ගත වෙද්දීම ඔබට අවශ්‍ය ඔබේ ආදරය ගෙදරට දැනුම් දීලා, විවාහය ස්ථිර කර ගන්න නම් ඔබේ ආදරය අනතුරේ. එය ඔබේ පෙම්වතාට අමතර බරක් සහ බියක් ගෙන දෙන කාරණයක් වේවි. ආදරයේ අවධීන් කීපයක්ම තියෙනවා. ඔබ පළමු අවධියේ සිට අවසාන අවධියට පනින්නට හදිස්සි වෙනවා නම්, ඔබට අතරමග අවධීන් වල විඳිය හැකි සොඳුරු දේවල් අහිමි වෙනවා.

    

SHARE