දරයක් ඇරඹුණු අලුත නම් ඔබට දැනෙන්නේ මුළු ලෝකයම ඔබට ලැබුනා වාගෙයි. මොකද ඒ මුල් කාලය ඔබේ සිතේ ජනිත කරවන්නේ ඉහ වහා නොගිය සතුටක්, උනන්දුවක්. මොන තරම් ආදරයක් මුලදී දැනුනත්, පසුකාලීනව බිඳ වැටෙන ආදර සබඳතා නම් ඕනෑ තරම්ය. මේ වගේ බිඳ වැටෙන සුළු ප්‍රේම කතා කලින්ම හඳුනා ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.

 


fb-like-beg


 

1 ආදරෙන් බැඳුනු ගමන් පෞද්ගලික ජීවිතය අමතක කිරීම

සමහර ගෑනු ළමයි ඉන්නවා ආදරයෙන් බැඳුනම මුළු ලෝකයම අමතක වෙලා යන. තමන් මෙච්චර කාලයක් ආශ්‍රය කරපු මිතුරුකම් සීමා කරලා, තමන්ගේ පවුලේ අයව ඈත් කරලා ඒ කාලයත් තමන්ගේ සහකාරයා එක්ක ගත කරන්න යොදවනවා. මේ ලක්ෂණය නම් එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. අනිත් දේවල් අමතක කරලා ආදරය වෙනුවෙන් කැප වුනාම ආදරය වැඩි වෙනවා කියලා ඔබ හිතාගෙන හිටියත් එහෙම වෙන්නේ නැහැ. ටික දවසක් යනකොට ඉබේටම දෙන්නට දෙන්නව එපා වෙන්න ගන්න ගන්නවා. නිවැරදි ක්‍රමය නම් ඔබේ කාලයෙන් 50%ක් ඔබේ සහකරු වෙනුවෙනුත්, 30%ක් ඔබේ පවුල සහ හිතමිතුරන් වෙනුවෙනුත්, ඉතරි 20% ඔබට තනිව සිටීම වෙනුවෙනුත් යෙදවීමයි.

2 ඔබේ සහකරුවාගේ වැරදි ඔබ දිගින් දිගටම ඉවසනවා

සමහර පිරිමි අය තමන්ගේ පෙම්වතියට විවිධාකාරයේ හිත රිදවීම් ඇති කරනවා. ඔබගේ පෞද්ගලික ජිවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම, ඔබව වෙනස් කරන්නට යාම, ඔබව විහිලුවට ගැනීම, කෝප සහගත ලෙස හැසිරීම, හමුවීම් වලදී ප්‍රමාද වීම, හමුවී සිටින අවස්ථා වලදී සමාජ ජාලා වල සැරිසැරීම, ඔබේ විරෝධතා නොසලකා හැරීම    

 සහ ප්‍රේම සබඳතාවය නවත්වන බව කියමින් ඔබව බිය ගැන්වීමට උත්සාහ කිරීම වගේ දේවල් වලට ඔබ මුලදීම විරුද්ධ විය යුතුයි. ඔබ අකමැති දේවල් වලට ඔබ අකමැති බව හැඟවිය යුතුයි. එහෙම නැතුව සියල්ල ඉවසා සිටිමින් ඔහු වෙනස් වන තුරු බලා සිටීම නම් හරිම මෝඩ වැඩක්. ඔබ මෙවැනි තත්වයන් නොසලකා හරින විට ඔබේ සබඳතාවය එන්න එන්නම නරක අතට හැරෙනවා. ඔබ මේ වගේ දේවල් වලට රණ්ඩු කරන්න ඕනේ කියලා නම් නෙවෙයි අපි කියන්නේ. ඔබ පැහැදිලිව සහ කරුණාවෙන් ඔබ අකමැති දෙය ඔහුට කෙලින්ම පවසන්න ඕනේ. ඔහු එය ගණන් ගන්නේ නැති නම් ඔහුව අත හැර දැමීම වඩා සුදුසුයි.

3 ඔබ පරණ පෙම්වතා ගැන නිතර මතක් කිරීම

සමහර පෙම්වතියන් ඉන්නවා තමන්ගේ අලුත් පෙම්වතාට පරණ පෙම්වතා ගැන හැමදේම කියන. ඔවුන් හිතන්නේ තමන් ඔහු ගැන කිවීම තමන්ගේ අවංකකම කියලයි. පිරිමි පාර්ශවයත් මේ දේවල් උනන්දුවෙන් අහ ගන්නවා. මොකද ඔවුන්ටත් අවශ්‍යයි තමන්ගේ පෙම්වතියගේ කලින් සම්බන්ධය මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න. ඒත් ඔබ නොදන්නවා වුනාට පෙම්වතිය පරණ පෙම්වතා ගැන පවසන හැම වාරයක් ගානේම ඔහු ඊර්ෂ්‍යාවට පත් වෙනවා. සම්පුර්ණ කතාව අහ ගන්න ඕනේ නිසා ඔහු මේ බව පෙම්වතියට අඟවන්නේ නැහැ.

මේ නිසා තමන්ගේ නව පෙම්වතාට පරණ පෙම්වතා ගැන කියන්න ඕනේ මොනාද, නැත්තේ මොනාද කියලා තීරණය කිරීම නැණවත් පෙම්වතියකගේ ලක්ෂණයක්.

ඒ වගේම වරින් වර පරණ පෙම්වතාව සිහි කිරීම, නව පෙම්වතාගේ ගතිගුණ එක්ක පරණ පෙම්වතාගේ ගතිගුණ සැසඳීම වගේ මෝඩ වැඩ කරන්න ගියාමත් ඔබේ ප්‍රේම සබඳතාවය අනතුරේ වැටෙනවා.

4 ඔබ දෙදෙනා අදහස් හුවමාරු කර නොගැනීම

ඔබේ හිතේ තියෙන දේවල් ඔබේ පෙම්වතා තේරුම් ගත යුතුයි කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ වැරදියි. තවත් කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් හරියටම තේරුම් ගන්න තරම් මනුෂ්‍ය අපේ හිත දියුණු නැහැනේ. ඒ වෙනුවට ඔබට හිතෙන, ඔබට අවශ්‍ය දේවල් ගැන සෘජුව ඔබේ පෙම්වතාට කියන්න පුරුදු වෙන්න.

ඔබ ඔබට අවශ්‍ය දේවල් නිවැරදිව සන්නිවේදනය නොකර සිටින තාක් කල් ඔබ දෙදෙනා අතර වරදවා තේරුම් ගැනීම් සහ ඝට්ටනයන් ඇති වෙනවා. විසඳා නොගත් සෘණාත්මක සිතුවිලි ඔබ දෙදෙනාගේම සිත් තුල ගොඩ ගැසෙනවා.

මේ නිසා මුල සිටම නිවැරදි ලෙස සන්නිවේදනයේ යෙදෙන්න. ඔබට අවශ්‍ය දේ පවසනා අතරම, අනෙකාට අවශ්‍ය දේත් අසා දැන ගන්න.

5 ඔබේ පෙම්වතා සර්වසම්පුර්ණ අයෙකු බව විශ්වාස කරන්නට ඉක්මන් වීම

මිනිස්සු හැම දෙනා තුලම වැරදි අඩුපාඩු තිබෙනවා. ඇත්තෙන්ම වැරදි අඩු පාඩු නොමැති පුද්ගලයෙක් නැහැයි කිව්වොත් නිවැරදියි. ආදරය ඇරඹුණු මුල් කාලයේදී ඔබට ඔබේ පෙම්වතාගේ හොඳ විතරයි දකින්නට ලැබෙන්නේ. ඒත් ටික ටික කාලය ගත වෙද්දී ඔබේ පෙම්වතාත් වැරදි අඩුපාඩු ඇති සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව ඔබට වැටහෙද්දී ඔබට ඇති වෙන්නේ බලාපොරොත්තු බිඳ වැටුණු හැඟීමක්.

මේ නිසා මුලදීම ඇති වන මේ බොරු හැඟීමෙන් මිදෙන්නට ඔබ උත්සාහ කල යුතුයි. ඔබේ පෙම්වතාගේ ස්වභාවය මඳක් හෝ අවබෝධ කර ගැනීමට හොඳ ක්‍රමයක් තමයි ඔහු අනිත් අය එක්ක හැසිරෙන ආකාරය ගැන නිරීක්ෂණය කිරීම. ඔබ ඉදිරියේදී කරුණාවන්ත වන ඔහු වෙනත් අය ඉදිරියේ කෝප ගන්නවා නම්, ඔහු අනාගතයේදී ඔබ සමඟත් කෝප වීමට ඉඩ ඇති බව ඔබට මුලදීම වටහා ගන්න පුළුවන්. මෙය පසුකාලීනව ඇති වන අනපේක්ෂිත සිත් රිදවීම් වලින් මිදීමට ඔබට උදව් වේවි.

SHARE