මො

නවා හෝ කරුණක බලපෑමක් නිසා ප්‍රේමයක් නිමා වෙන්න යනකොට ඔබ මොන තරම් භය වෙනවද? ඔබට හිතෙන්නේ ඔබේ ජිවිතයේ සිදු විය හැකි නරකම දේ සිදු වෙන්න යනවා කියලා නේද? ඔව්. ඔබට දරා ගන්න බැරි තරම් දුකක් දැනෙන එක නම් සත්‍යයක් තමයි. හැබැයි ඔබ නොදන්නවා වුනාට ඒ දුක හරිම ත්වකාලිකයි. ඒ විතරක් නෙවෙයි, ප්‍රේම සම්බන්ධයක් නිමා වීමේ හොඳ පැත්තකුත් තියෙනවා. නොගැලපෙන ආදරයක පැටලිලා දුක් විඳිනවට වඩා එතනින් නිදහස් වෙලා යන එක මොන තරම් සහනදායිද කියලා තමයි අද අපි ඔබට කියා දෙන්න හදන්නේ.

 


fb-like-beg


 

  • නොගැලපෙන කෙනා ඉවත් වුනාම ඔබට ගැලපෙන පුද්ගලයා හමු වීමට අවස්තාව ලැබෙනවා

ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන ඔබ ගැන කවුද උනන්දු වෙන්නේ. ඔබ ගැන ආදරයක් ඇති වුනු කෙනෙක් වුනත් ඔබ පෙම්වතෙක් හෝ පෙම්වතියක් බව දැන ගත පසු ඔබ ගැන ආයෙමත් උනන්දු වෙන්නේ නැහැ. නොගැලපෙන සම්බන්ධතා වල එල්ලී හිඳීමෙන් ගැලපෙන පුද්ගලයෙක් මුණ ගැසීමට ඇති අවස්තාව අවහිර වන බව ඔබට වැටහෙනවා නේද? නොගැලපෙන කෙනාගෙන් ඉවත් වෙලා, හිත හදා ගන්න යම් කිසි කාලයක් අර ගන්න. ඉන් පසුව ඔබට හරියටම ගැලපෙන කෙනා හොයා ගන්න.

 

  • දැන් ඔබ කොහොමත් හුදෙකලා පුද්ගලයෙක්. වෙන කෙනෙක්ට ඔබව හුදෙකලා කරන්න දැන් හැකියාවක් නැහැ  

නොගැලපෙන සබඳතා වල එක් ලක්ෂණයක් තමයි එක් අයෙක් තමන්ගේ කැමැත්ත ගැන පමණක් සිතමින් අනෙකාව සබඳතාවය තුල හුදෙකලා කිරීම. එය ඇත්තටම ලොකු වේදනාවක්. ඔබේ සහකරු තමාගේම ලෝකයක රැඳෙමින්, ඔහුගේ සතුට ගැන පමණක් සිතමින් ඔබව ජීවිතය තුල හුදෙකලා කළා නම් එවැනි සබඳතාවයක අර්ථය කුමක්ද? ඔබේ සහකරු ඔබව තම පාලනයට නතු කර ගැනීමේ අරමුණින් නිතර ඔබ හා අමනාප වෙනවා නම්, ඔබ හා සමඟ කතා කිරීමෙන් වැලකි සිටිනවා නම් එවැනි සබඳතාවයක අර්ථය කුමක්ද? ප්‍රේම කරන ගමන් හුදෙකලා වෙනවට වඩා, ඔබ සත්‍ය වශයෙන්ම හුදෙකලා ජිවිතයක් ගත කරන එක මොන තරම් වටිනවාද?

 

  • අදින් පස්සේ ඔබට නීති දාන්න කවුරුත් නැහැ. ඔබ නිදහස් පුද්ගලයෙක්

කලින් වගේ අනිත් අයට ඕනේ ඕනේ දේවල් කරන්න මීට පස්සේ ඕනේ නැහැ. ඔබේ සහකරුව සතුටට පත් කරන්න හිතාගෙන මෙච්චර කල් ඔබ අකමැති දේවල් කළා. අනෙකා කැමති දේවල් කළා.  ඔබ ඔබේ සහකරු කැමති ඔබ අකමැති ස්ථාන වලට ගියා, අනෙකා කැමති විනෝදාංශ වල අකමැත්තෙන් නිරත වුණා. ඒත් දැන් එහෙම අවශ්‍ය නැහැනේ. ඔබ කැමති දෙයක් කාලා බීලා, ඔබ කැමති ස්ථාන වල ගිහින්, ඔබ කැමති විනෝදාංශ වල නිරත වෙමින් සතුටින් ඉන්න අද ඉඳලා ඔබට පුළුවන්.

 

  • හැම දේටම අවසර ගන්න ඕනේ නැහැ

මෙච්චර කල් ඔබ ඔබට කැමති දේවල් පවා කලේ තව කෙනෙක්ගේ අවසර අරගෙන. අවසර නොගත්තත් ඔබ කරන කියන දේවල් තව කෙනෙක්ට කියලා කරන්න ඔබට සිදු වුනා. අනෙකා අකැමති දේවල් අත්හරින්න ඔබට සිදු වුනා. ඔබ කලින් ඔබ කරන හැම දේම ඔබේ සහකරුට දැන්වූවා. දැන් ඔබ කරන හැම දේකටම අවසර ගන්නත් අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබ කාගේවත් නීති රීති වලට යටත් නැහැ. ඔබට නිවැරදියි කියලා විශ්වාස දේ ඔබට කරන්න පුළුවන්. දැන් ඔබට ඔබේ නිදහස උපරිම භුක්ති විඳිය හැකියි.

 

  • ඔබේ සිහින අවහිර කරන්න දැන් කෙනෙක් නැහැ. ඔබට අවකාශය විවෘතයි. ඉතින් පියඹා යන්න

ඕනෙම කෙනෙක්ට තමන්ගේම සිහින සහ ආශාවන් තියෙනවා. හැබැයි ප්‍රේමයක පැටළුනාම ඔබට ඔබේ සිහින කැප කරන්න සිදු වෙන අවස්ථා තියෙනවා.  ඒත් දැන් ඒවා ඉටු කර ගැනීමට බාධාවන් නැහැ. දැන් ඔබේ ජිවිතයේ සීමාවන් නැහැ. ඔබ ඒ වගේ අත් හැර දමපු සිහින ආයෙමත් අලුතින් පටන් ගන්න ඔබට පුළුවන්.  

 

SHARE