පිරිමි පක්ෂය හිතන පතන විදිහ සහ ගැහැණු පක්ෂය හිතන පතන විදිහ එකිනෙකට වෙනස් කියලා අපි කොහොමත් දන්නවනේ. කොහොම වුනත් තමන්ගේ පෙම්වතියගේ හිත රිදවන්න බැරි නිසා වගේම, නැති ප්‍රශ්න ඇති කර ගන්න තියෙන අකමැත්ත නිසා පිරිමි පක්ෂය තමන්ට හිතෙන සහ දැනෙන දේවල් තමන්ගේ පෙම්වතියට නොකියා ඉන්නවා. ඒ කොහොම වුනත් පිරිමි ඇත්තටම හිතන පතන විදිහ ගැන ගැහැණු ඔබ කලින්ම දැනගෙන ඉන්නවා නම් ඔවුන් සමඟ විසීම ගොඩක් පහසු වේවි.


fb-like-beg


1 ඔවුන් කැමති ආත්ම විශ්වාසයක් ඇති කාන්තාවන්ට බව

පිරිමින් හිත මතුපිටින් බොළඳ කාන්තාවන්ට කැමතියි වගේ පෙන්නුවත් ඔවුන් ඇත්තටම ආකර්ෂණය වන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන, සිතින් ශක්තිමත් කාන්තාවන්ට. නමුත් ඔවුන් ඒ බව කවදාවත් හෙළි කරන්නේ නැහැ. එයට හේතුව තමයි කාන්තාවක් ඔහුගෙන් යැපෙන තරමට ඔහුට පවුලේ ප්‍රධානියා වී සිටීම පහසු වීම. කෙසේ වෙතත් ඔහුගේ ආකර්ෂණය සහ කැමැත්ත හිමි වන්නේ ස්වයං විශ්වාසයකින් ශක්තිමත් කාන්තාවන්ටයි.

2 ඔහුට ඔබේ පෙනුම වටින බව

ඔබ හැඩකාර සිරුරක හිමිකාරිනියක් වෙනවා නම්, ඔබ පැහැපත් වෙනවා නම් පිරිමින් ගොඩක් කැමතියි. නමුත් ඔවුන් ඒ බව ඔබට පවසන්නේ නැහැ. ඔබ දරුවන් වෙනුවෙන් සහ පවුල වෙනුවෙන් කැප වෙන අතරේ ඔබේ රුපය වෙත යොමු කරන අවධානය පහත වැටෙනවා ඇති. ඔබට නොකියාම ඔබේ සැමියා මේ ගැන කනගාටු වෙනවා.

3 මම එය කරන්න දන්නේ නැහැ

පිරිමියෙකු කැමති තමන් ආදරය කරන කාන්තාවගේ හිත ඉදිරියේ වීරයෙක් වෙලා ඉන්නයි. ඉතින් ඔහු “මම එය කරන්න දන්නේ නැහැ.” කියන වචන කීපය තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ ඉදිරියේ කියන්න කැමතිම නැහැ. කැඩුණු බඩුවක් ඔහු නැවත සකසන්න නොදන්නවා වුනත්, ඒ බව නොකියම ඔහු එය සකසන්න උත්සාහ කරනවා.

4 ඔබ ඔබේ රූපය ගැන විමසන ප්‍රශ්න වලට ඔහු කැමති නැහැ

“මම මහතයි වගේද?”, “මේ ඇඳුම මට කැතද?”, “මගේ කොන්ඩ මොස්තරේ හොඳයිද?” වගේ ප්‍රශ්න ඔහුගෙන් අහනවට ඔහු එතරම් කැමති නැහැ. පිරිමින් කාන්තාවකගේ සුන්දරත්වය සමස්තයක් ලෙස විඳිනවා මිස, ඒ ගැන විස්තර කරන්නට හෝ ගුණදොස් පවසන්න එතරම් කැමැත්තක් නැහැ. ඔබ ඒ වගේ ප්‍රශ්න අහන හැම වෙලාවකම ඔහුගේ උත්තරය වන්නේ ප්‍රශංසාත්මක පිළිතුරක්. ඔවුන් බොහෝ විට එසේ පවසන්නේ ඔබව සතුටු කරන්නටයි.

5 වේදනාත්මක සිදු වීම් ඔහුට දරා ගත නොහැකි බව

පුරුෂයන්ව සලකන්නේ ශක්තිමත් බවේ සංකේතයන් ලෙසයි. ඉතින් ඔවුන් ඔහු ආදරය කරන කාන්තාව ඉදිරියේ තමාගේ දුර්වලතා පෙන්වන්න හරිම හොරයි. ඔහුගේ රැකියා ස්ථානයේ හෝ ජිවිතයේ යම් ගැටළුවක් ඇති වූ විට ඔහු ඒ ගැන ඔහුගේ පිරිමි මිතුරන් සමඟ බෙදා ගන්නවා. සමහරවිට මත්පැන් පානය කරලා දුක අමතක කරන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් තමන්ගේ දුක තමන්ගේ කාන්තාව එක්ක බෙදා ගන්න නම් ගොඩක් පිරිමි මැලි වෙනවා.

6 ඔහුට ඊර්ෂ්‍යා දැනෙන බව

තමාගේ ආදරණිය කාන්තාව වෙනත් පිරිමියෙකු සමඟ කතා බහ කරන විට, වෙනත් පිරිමියෙකු ඇය ගැන උනන්දු වන බව පෙනෙන විට ඔහු ඇතුලතින් දැවෙන්නට පටන් ගන්නවා. නමුත් ඒ බව ඔහු කවදාවත් කෙලින් කියන්නේ නැහැ. ඔහු ඒ වෙනුවට කාන්තාවගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන බව කියමින් කාන්තාවට තහංචි දමන්නට පෙළඹෙනවා.

7 ඔහුගේ සිතේ වෙනත් කාන්තාවන් ගැන කැමැත්තක් ඇති වූ විට

ඔහු ඔබට ආදරය කරනවා කියන්නේ ඔහු වෙනත් කාන්තාවන් දිහා බලන්නේ නැහැ කියන එක නෙවේ. ඔහු වෙනත් කාන්තාවන්ගේ සුන්දරත්වය විඳින අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. නමුත් ඔහු ඒ ගැන ඔබට කවදාවත් කියන්නේ නැහැ. ඒ වගේම තමයි, ඔහු වෙනත් කාන්තාවන්ගේ සුන්දරත්වය හිතින් විඳින්නේ ඔබව අත් හැර යෑමේ අදහසකිනුත් නෙවේ.

8 ඔහු ඔබව විවාහ කර ගැනීමට සුදුසුද යන්න නිරන්තරයෙන් පරික්ෂා කරමින් සිටින බව

ආදරය විවාහයෙන් කෙලවර කර ගැනීම කාන්තාවගේ විශාලම සිහිනය වුවත්, පිරිමි පක්ෂය එහෙම නැහැ. ඔහු විවාහ වීමේ ස්ථිර තීරණය ගන්නට පෙර ඔබව සියුම් ලෙස නිරීක්ෂණය කරනවා. ඔහු විවාහ වීමේ තීරණය ගන්නට බොහෝ විට තරමක් කල් ගත වෙනවා. ඔහු ඔබ ගැන උනන්දු වීමේ රහස ඔහුට ඔබ ගැන කැමැත්තක් ඇති වී තිබෙන බව මිස, ඔබව විවාහ කර ගැනීමට එකවරම තීරණය කල බව නොවේ.

9 ඔහුට දුක හිතෙන බව

ඔබ ඔහු සමඟ දුක හිතෙන චිත්‍රපටයක් නරඹන විට ඔබේ දෑසින් කඳුළු රූරා වැටෙනු ඇත. ඔහු ඔබේ කඳුළු දෙස බලමින් ඔබට සිනාසුනත් ඔහුත් සිටින්නේ දුකින්. ඔහුටත් දුක දැනෙනවා. නමුත් ඒ බව ඔබට ඔහු කෙසේවත් පවසන්නේ නැහැ.

   

 

SHARE