පෙම්වතාගේ උපන්දිනයේදී හෝ වැලන්ටයින් දිනයේදී ඔහුට ත්‍යාග ලබා දීම පෙම්වතියන්ගේ සිරිතක් වෙනවා. නමුත් ලබා දිය යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වන අවස්ථා වලට ඔබ මුහුණ දී ඇති. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබට ඒ ගැන පුංචි අදහස් කීපයක් ලබා දෙන්න.


fb-like-beg


හෙඩ්ෆෝන් එකක්

ගොඩක් තරුණයෝ හරිම කැමතියි සින්දු අහන්න. ඒ වගේම ඔවුන් පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ පරිඝණකයෙන් චිත්‍රපටි නරඹන්න. ඉතින් එවැනි දේට ප්‍රිය කරන පෙම්වතෙක් සඳහා හෙඩ්ෆෝන් එකක් හොඳින් ගැලපෙනවා.

සුවඳ විලවුන්

තරුණයන් සඳහාම නිපදවූ සුවඳ විලවුන් වර්ග වෙළඳපොලේ තිබෙනවා. හොඳ සුවඳක් සහිත සුවඳ විලවුන් වර්ගයක් ගල්වන්නාගේ පෞරුෂය ඉහල නැංවීමට සමත් වෙනවා. ඔහු කැමති සුවඳ විලවුන් වර්ගය කෙසේ හෝ කලින් දැනුවත් වී, ඔහුට ලබා දිය හැකි නම් වඩාත් වටිනවා. එවිට ඔහු බොහෝ සතුටු වනු ඇත.

සපත්තු දෙකක්

ඔහුට ගැලපෙන, වර්තමානයේ පවතින මෝස්තරයකට අනුව සපත්තු දෙකක් ලබා දීමත් ඉතා සුදුසුයි.

අව් කණ්නාඩියක්

වාහනයක් හෝ මෝටර් සයිකලයක් පදවන තරුණයෙකුට අව් කණ්නාඩියක් මිලදීගෙන දීම සුදුසුයි. ඔවුන් වැඩි වශයෙන් හිරු එලියට නිරාවරණය වන නිසා, පාරජම්බුල කිරණ වලින් දෑස් වලට සිදු විය හැකි හානි වළක්වා ගන්න අව් කණ්නාඩි භාවිතයෙන් හැකි වෙනවා. අව් කණ්නාඩි මිලදී ගැනීමේදී ඔහුගේ රූපයට ගැලපෙන, ඔහුගේ පෙනුම ඉස්මතු කර කඩවසම් බවක් එක් කරන අව් කණ්නාඩියක් ලබා දීම ඉතා වටිනවා.

බයික් ජැකට් එකක්

මෝටර් සයිකලයක් හිමි හැම තරුණයෙකුටම ජැකට් එකක් අවශ්‍යයි. ඉතින් ඔබේ පෙම්වතා වෙනුවෙන් ලෙදර් ජැකට් එකක් එකක් මිලදීගෙන දීමෙන් ඔහුව සතුටට පත් කිරීමට ඔබට හැකි වේවි.

අත් ඔරලෝසුවක්

ඕනෑම තරුණයෙකුට අත් ඔරලෝසුවක් අවශ්‍යයි. රන් පැහැති හෝ රිදී පැහැති ඔරලෝසු වැඩි පෙනුමකින් යුක්තයි. මීට අමතරව වර්තමානයේ ස්මාර්ට් වොච් පවා නිපදවා තිබෙනවා.

සේදුම් ද්‍රව්‍ය

පුරුෂ පක්ෂය වෙනුවෙන්ම මේ වෙනකොට ෆේස් වොෂ්, බොඩි වොෂ් වැනි සේදුම්කාරක නිපදවලා තියෙනවා. ගොඩක් පිරිමි අය මේ දේවල් ගැන උනන්දු වන්නේ නැහැ. ඔවුන් ශරීරයේ, මුහුණේ ගල්වන්නේ බොහෝ විට සබන්. ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි අය ෂැම්පු වෙනුවටත් සබන් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔබ ඔබේ පෙම්වතාට බොඩි වොෂ්, ෆේස් වොෂ්, ෂැම්පු සහ කන්ඩිෂනර් කට්ටලයක් මිලදී ගෙන දුන්නොත් ඔවුන් අනිවාර්යයෙන්ම ඒවාට හුරු වේවි.

 

 

 

SHARE