ප්‍රේම සම්බන්ධයකදී වගේ නෙවෙයි දෙන්නා විවාහ වෙලා එකට ජීවත් වෙන්න ගත්තම කලින් නොතිබුන විදිහේ වගකීම් දරන්න දෙන්නටම සිද්ධ වෙනවා. එතැනදී කෙනෙක් අසමත් වෙනවා කියන්නේ ඒ විවාහ දිවිය නීරස වෙන එකයි. අවුරුදු ගාණක් ආදරේ කරලා කුරුල්ලෝ වගේ හිටිය ජෝඩු විවාහ වෙලා මාස ගාණකින් දික්කසාද වෙන්නේ අන්න ඒ නිසයි.

මේකට දෙදෙනාගේම හැසිරීම් රටා බලපානවා. සමහරවිට තමන් අතින් සිදුවන දේවල් නිසා විවාහ දිවියේ සතුට කෙලවර වේවි කියල දෙන්නගෙන් කිසිම කෙනෙක් හිතන්නේ නැති වෙයි. නමුත් ඇත්ත නම් වැදගත් කියල නොහිතන පොඩි පොඩි දේවල් තමා කාලයක් යනකොට මහා ලොකු දේවල් විදිහට පෙනෙන්න ගන්නේ.

මේ ලිපියෙන් කියවෙන්නේ විවාහ දිවිය දික්කසාදයකින් වුවත් කෙලවර කරන්න පුළුවන් වෙන විදිහේ බිරිඳකගේ හැසිරීම් කිහිපයක් ගැනයි. සැමියාගේ එවන් හැසිරීම් ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු.
fb-like-beg


තමන්ට දැරිය නොහැකි ආකාරයේ ජීවන රටාවකට හුරුවීම

තමන්ගේ ආදායමට ගැලපෙන ආකාරයෙන් ජීවත් වීමට ඕනෑම කෙනෙක් හුරු විය යුතුයි. එසේ නැතිව ආදායමට වඩා සෑම විටම වියදම් වැඩි දිවියක් ගත කරනවා කියන්නේ සිතේ සැනසීමක් නැතිව පීඩනයෙන් ජීවත් වෙන්න වෙනවා කියන එකයි. විශේෂයෙන්ම දෙදෙනාම රැකියාවක් නොකරන විට ඔබ අනවශ්‍ය ආකාරයෙන් සැමියා උපයන දේ වියදම් කරනවානම් එය ඔබේ විවාහ දිවියට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.


සෑම දෙයක් දිහාම සෘණාත්මක විදිහට බැලීම

සමහර බිරින්දෑවරු ඉන්නවා, එයාලා කොයි වෙලාවෙත් ‘අපෝ ඕක කරන්න පුළුවන්ද?” “ඕකෙන් වැඩක් වෙන්නේ නෑ”, “ඕක කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි” වගේ දේවල් එක්කමයි ජීවත් වෙන්නේ. ස්වාමි පුරුෂයෙක් කවදාවත් මෙහෙම හැසිරීම් රටාවකට කැමති වෙන්නේ නැහැ. ඒක විවාහ ජීවිතයේ ලස්සන නැති කරන්න ප්‍රබල දායකත්වයක් ගෙනෙන දෙයක්.


සැමියාට ප්‍රමුඛතාවය නොදීම

සමහර කාන්තාවෝ ඉන්නවා අනිත් හැම දෙයක් ගැනම හොයල බැලුවට පස්සේ තමයි සැමියා ගැන හොයන්න මතක් වෙන්නේ. මේක සැමියෙකුට කොච්චර හිතට වේදනා ගෙන දෙන දෙයක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


විවාහයෙන් පසු බාහිර පෙනුම ගැන සැලකිලිමත් නොවීම

යාළු වෙලා ඉන්න කාලෙ නම් මුණ ගැහෙන්න එහෙම යනකොට තියෙන ලස්සනම ඇඳුම ඇඳලා සෑහෙන වෙලාවක් අරගෙන හැඩ වැඩ වෙලා ගියාට විවාහ වුණාට පස්සේ ගොඩක් කාන්තාවෝ එහෙම ලස්සනට ඉන්න උනන්දු වෙන්නේ නැහැ. නමුත් පිරිමියෙක් සෑම විටම ඒ කායික ආකර්ෂණය තමන්ගේ බිරිඳගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එක වහලක් යට ඉන්නවා කියල තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන එක අතාරින්න එපා.


නිතරම ඇනුම්පද කීම

ගොඩක් කාන්තාවෝ කියන්න ඕන දේ කෙලින් කියන්නේ නැහැ. වටින් ගොඩින් ඇනුම්පද කියන එක තමයි කරන්නේ. නමුත් පිරිමින්ට එහෙම කියන ඒවා තේරෙන්නේ නැහැ. ඒ ඔවුන් ගෙ ස්වභාවය. ඒ නිසා සැමියා අතින් සිදුවන අත්වැරදීම් ගැන ඔහුව සෘජුව දැනුවත් කිරීම මිස නිතර නිතර ඇනුම් පද කීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

SHARE