ප්ත භරියා සූත්‍ර දේශනාවට අනුව යම් කෙනෙකුට යහපත් බිරිඳක් ලැබුනොත් ඔහුගේ වාසනාවෙන් , සතුටින් , සැපතින් පිරිලා යනවා. යහපත් බිරිඳක් ලෙස කටයුතු කරොත් ඕනෙම කාන්තාවක් පවුල තුල පමණක් නෙවෙයි ලෝකය තුලත් බබලනවා. උතුම් බිරිඳක් සිටින ගෙදර බලාගෙන ඉද්දි දියුණුවෙන් දියුණුවට යනවා. යහපත් භාර්යාවෝ හතර දෙනාගෙන් ඔබත් එක් අයෙක් වෙන්න උත්සහ දරන්න. ඒ වගේම ඔබ විවාහ අපේක්ෂිත තරුණයෙක් හෝ තරුණියක් නම් මේ ලිපිය ගොඩක්ම වැදගත්.

fb-like-beg


1. ගෙදර ඉන්න දෙවෙනි අම්මා මාතු සම භාර්යාව

මැය සැමියා කෙරෙහි හිතන්නේ දරුවෙක් ගැන වගේ සෙනෙහසින්. උපයන දේවල් පරිහරණය කරන්නේ බොහොම පරිස්සමෙන්. “අනේ කොයි තරම් මහන්සි වෙලාද අපි වෙනුවෙන් හම්බ කරන්නේ? මෙහෙම හිතමින් නිතරම සැමියාට මෙත් වඩනවා. ” බස් එකේ තෙරපිලා තාත්තා ගෙදර එන්නේ ටිකක් වෙලා යනකම් පුතාල හයියෙන් කෑ ගහන්න එපා” කියල ළමයින්ටත් අවවාද කරනවා.

ඔහුට ලෙඩක් දුකක් වෙයිද? මේ වගේ හිතමින් නිතරම සැමියාගේ කටයුතු හොයල බලල ඉටු කරනවා. කවමදාවත් නිමුණු ආහාරයක් නොසැලකිල්ලෙන් කන්න දෙන්නේ නැහැ. කිලුටු ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. හිත නොරිදෙන්න කතා කරන්නේ බොහොම දයාවෙන්. මෙහෙම බිරිඳක් ලබන සැමියා නපුරට පෙළඹෙනවා අඩුයි. කොහේ ගියත් ගෙදර දුවගෙන එනකම් ඉස්පාසුවක් නැහැ. මොකද තමන්ට මේ ලෝකේ වැඩියෙන්ම සලකන කෙනා ඉන්නේ ගෙදරනේ. මොවුන් බිරිඳගේ අනු දැනුමක් නැතුව වතුර ටිකක් වත් බොන්නේ නැහැ. පවුල හරි සමගියි. සතුටුයි. දරුවෝ හැදෙන්නෙත් බොහොම ගුණවත්ව.


2. හොඳම යෙහෙළිය සකී සම භාර්යාව

දෙන්නා දෙමහල්ලෝ හොඳම යාලුවෝ වගේ ..හිනා වෙනවා. කවටකම් කරනවා. එකිනෙකාගේ රහස් බොහොම හොඳින් රකිනවා.දෙන්නා බලාගෙන ඉන්නේ හම්බවෙලා විහිලු තහළු කර ගන්න. හැමදෙයක්ම එකටමයි. ඇය සිහිනෙකින් පවා වෙන පිරිමි සමග අනාචාරයේ නොහසිරෙන්නියක්. මෙවැනි බිරිඳක් ලබන සැමියා ඇත්තටම හරිම වාසනාවන්තයි. මොනවා අහිමි උනත් කම්පා වෙන්නේ නැහැ. කවුරු මොන වැරැද්ද කරත් ගණන් ගන්නේ නැහැ. මොකද සැමියා දන්නවා තමන්ගේ වචනේ පිළිගන්න කෙනෙක් ඉන්නවා කියලා. මෙවැනි පවුලක දූ දරුවෝ පවා බොහොම විනෝදෙන් සතුටින් ඉන්නේ. ඔබ දැකල ඇති මුළු පවුලම යාලුවෝ වගේ ඉන්න ගෙවල්… ඒ සකී භාර්යාවන්ගේ ගෙවල්.


3. සොයුරියක් වගේ ගරු කරන භගිනි සම භාර්යාව

සමහර නෝනලා ඉන්නවා සැමියාට හරිම ගරු සරුයි. බොහොම ගෞරවයෙන් කතා කරනවා. ආහාර පාන පවා දෙන්නේ බොහොම ගෞරවාන්විතව. යමක් අහන්නේ බොහොම යටහත් පහත්ව. මෙවැනි බිරියකගේ සැමියා ඇත්තටම සතුටු හිතෙන හිතෙන් ඉන්නේ. පිරිමියෙක්ට නිසි ගෞරවය ලැබෙද්දී ඔහු තව තව ගෞරවාන්විතව වැඩ කරන්න පෙළඹෙනවා. ගෙදර ධනය බලාගෙන ඉද්දි වැඩි වෙනවා.


4. ගැහුවත් බැන්නත් නොකිපෙන දාසිසම භාර්යාව

සමහර නපුරු ස්වාමිවරු ඉන්නවා මත් පැන් බොන, බිරිඳට පහරදෙන, අනාචාරේ හැසිරෙන. මොන වරද කරත් සැමියා සමග නොකිපෙන බිරිඳ දාසි සම භාර්යාව වෙනවා. මොන දුක හරි විඳගෙන දරුවෝ සැමියා රකිනවා. මෙවැනි බිරියනට හිරිහැර කරන පවුකාර ස්වාමිවරු නින්දාවට ලක් වෙනවා. මෙවැනි ගුණ යහපත් ගැහැණු සමාජයේ ගවුරවයට භාජනය වෙනවා.

SHARE