කාන්තාවන් කොහොමත් පිරිමින්ට වඩා වැඩියෙන් කතා කරනවා කියන එක තමයි සාමාන්‍යයෙන් පිළිගත්තා සම්මතය වන්නේ. එහි ඇත්තක් නෑ කියාම කියන්නත් අමාරුයි. කොහොමහරි විවාහ දිවියක් ඇතුළේදී මේ වැඩි කතාව ස්වාමි පුරුෂයාට හිරිහැරයක් වෙන අවස්ථාවන් තිබෙනවා.

fb-like-beg

එහෙම වෙන්නේ කතා කිරීමකටත් එහා ගිහින් බිරිඳ ස්වාමියා විසින් කරන කියන හැම දෙයක් ගැනම ඉතාම විවේචනාත්මකව අදහස් දැක්වීම සිදු කරන විට. මේ වර්ගයේ බිරින්දෑවරුන්ට ස්වාමියා අලුත් ඇඳුමක් ඇන්දත් වැරදියි, ගමනක් ගියාමත් වැරදියි, කොටින්ම කිව්වොත් ඔහු මොනවා කළත් ඇයට පෙනෙන්නේ එහි වැරද්දක් පමණයි.

මෙවන් තත්වයක් දිගින් දිගටම පැවතීම යුග දිවිය නීරස වීමට මෙන්ම එපා වීමට ප්‍රධානම හේතුවක් වන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේවා සමහර විට අනියම් සම්බන්ධතා මෙන්ම දික්කසාද වැනි දේවල්වලින් කෙලවර වුණ අවස්ථා ඕනෑ තරම් සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.

අපේ වෙබ් අඩවිය බොහෝ විට කාන්තාවන්ට විශේෂයෙන් වැදගත්වන ලිපි පල කිරීමට ප්‍රමුඛතාව දුන්නත් මේ ලිපිය නම් ලියැවෙන්නේ පුරුෂ පාර්ශවය උදෙසාමයි. ඔබටත් සිටින්නේ අප ඉහත කිවා වැනි බිරිඳක් නම් මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.

බොහෝ වෙලාවට මෙවන් තත්වයන් උදා වීමට ඔබේ ක්‍රියාකලාපය තමයි හේතු වන්නේ. ඇය අකමැති දේවල් දිගින් දිගටම කරන්නට යාම, යම් තීරණයක් ගැනීමේදී ඇගේ අදහස්වලට ගරු නොකිරීම, ඇගේ හැඟීම් ගැන විශේෂත්වයක් නොදැක්වීම මේවාට හේතුවන සුලබ කාරණායි. බොහෝ පිරිමින් තමන් අතින් වරදක් වූ විට එය නිහතමානීව බාර ගන්නට කැමති නැහැ. එයද මේ තත්වයට හේතුවක් බව කිව යුතුයි.


ඇගේ කතාව නවත්වන්න යි කියන්නට එපා.

නවත්වන්නට කියන එක විසඳුමක් නොවෙයි. මොකද ඇය කෝප ගෙන සිටින්නේ ඔබේම වැරද්දක් නිසා විය හැකියි.


ඇයට ඇහුම්කන් දෙන්න

කාන්තාවන් කැමතියි තමන්ගේ සහකරුවා තමන් කියනා දේට ඇහුම්කන් දෙන එකට. ඇය කෝප ගන්නේ, කෑ ගසන්නේ ඔබ ඇයට ප්‍රමාණවත් අවධානයක් නොදෙන නිසා විය හැකියි. ඒ නිසා ඇගේ කෝපයට, ඔබම කියන පරිදි ඇගේ ‘කන්කරච්චලයට’ හේතුව දැනගන්න නම් ඔබට සිදු වනවා ඉතා සාවදානව ඇයට ඇහුම්කන් දෙන්නට.


ඔබේ අතින් සිදුවිය යුතු දෑ නිවැරදිව හඳුනාගන්න

ඔබ හා විවාහවන විට ඇය ඉතාම සන්සුන් කාන්තාවක්ව සිටියා විය හැකියි. නමුත් ඒ තත්වය පසු කාලීනව වෙනස් වූවා නම් ඔබ එයට බලපෑ හේතුව සොයාගත යුතුයි. ඇය හා කතා බැහැ කිරීමෙන් ඔබ අතින් නොදැනුවත්ව හෝ සිදුවන වරදක් ඇත්නම් එයට පිළියම් යෙදීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඊට අමතරව ඇයට ඇත්තේ මානසික ආතතිය වැනි තත්වයක් නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙන්ම ඇය තනි නොකර සාම විටම ඇගේ අසලින් හිඳ ඒ තත්වයෙන් මිදෙන්න ඇයට උදව් කිරීමත් ස්වාමි පුරුෂයා වශයෙන් ඔබට පැවරී ඇති වගකීමක්.

SHARE